• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වියදම 20%යි! ආදායම 9%යි! මෙහෙම රටකට ණය දෙන්න කවුරුත් කැමැති නෑ! මේ අවුරුද්දේ ආදායම 12% නග්ගගන්න ඔන! ලබන අවුරුද්දේ 14%ට! තවත් බදු සහන දෙන්න බෑ! දීපු බදු සහනත් ප්‍රසිද්ධ කරන්න ඕනෑ! දේපොළ බද්දත් පනවන්න! ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන වහාම ගිවිසුම් ගහන්න! එක්සිම් බැංකුව හරි ගියත් චීන සංවර්ධන බැංකු ගිවිසුම තවම නෑ! වංචා-දූෂණ නවත්වන්න! IMF මාධ්‍ය හමුවේදී බෲවර්ගෙන් ලංකාවට කොන්දේසි රැසක්! I Sri Lanka Latest News

January 19, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
‘ගිවිසුම ගැන අපි දන්නේ නෑ!’ ලංකාවයි චීනයයි ණය ප්‍රතිව්‍යුහගත කරන්න අත්සන් කළා කියපු ගිවිසුම ගැන IMF ප්‍රධානී පීටර් බෲවර් කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් වන නමුත් පසුගිය වසරේ ශ්‍රී ලංකා රජයේ බදු ආදායම සියයට 9 ක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (19) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

මෙරට රජයේ වියදම සහ බදු ආදායම අතර පරතරය සියයට 11 බවත් මෙවැනි විශාල පරතරයක් පියවා ගැනීම සඳහා ණය ලබා දීමට කිසිවෙකුත් කැමති නොවන බවත් බෲවර් මහතා පැවැසුවේය. 2022 වසරේ සියයට 7 ක් වූ බදු ආදායම පසුගිය වසරේදී සියයට 9 ක් දක්වා වැඩි කරගෙන ඇතත් එය ප්‍රමාණවත් නොවන බවද  බෲවර් මහතා ප්‍රකාශ කළේය.

රජයේ ආදායම සහ වියදම අතර පරතරය අඩු කිරීම ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝගයක් බවත් එම අභියෝගය සාර්ථකව ජයගනිමින් මෙම වසරේදී සියයට 12 දක්වාද ලබන වසරේ සියයට 14 දක්වාද රජයේ බදු ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසුවේය.එවිට ඉතිරිවන සුළු පරතරය පියවා ගැනීම සඳහා ණය ලබාදීමට ණය දෙන්නන් ඉදිරිපත් වනු ඇතැයි බෲවර් මහතා පැවැසුවේය.යමෙක් බදු ගෙවීම පැහැර හරින විට එම මුදල තවත් අයෙකුට ගෙවීමටද සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් පුද්ගලයන් බදු හිලෙන් රිංගා යාම වැළැක්විය යුතු බවද ඔහු පැවැසුවේය.

2022 වසරේදී රජයේ බදු අදායම සහ වියදම අතර පරතරය සියයට 13 ක් බවත් එවැනි පරතරයක් තිබෙන විට රජය සතු මුදල් අවසන් වීම පුදුම වීමට දෙයක් නොවන බවත් පීටර් බෲවර් මහතා පැවැසුවේය.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ලබා දී ඇති බදු සහන ප්‍රසිද්ධ වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කිරීම රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රකාශනයේ අඩංගු එක් නිර්දේශයක් බවත් ශ්‍රී ලංකාව තවදුරටත් බදු සහන ලබා දීම අත්හිටුවිම ආධාර වැඩසටහනේ එක් කැපවීමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් ලබා දී ඇති රජයේ බදු අදායම් ඉලක්කය සපුරා ගැනීමට දේපල බද්ද විශාල සහායක් ලබා දෙනු ඇති බවද  බෲවර් මහතා පැවැසුවේය.

ණය ප්‍රතිව්‍යුහගතකිරීමේදී ශ්‍රී ලංකාවේ මීළඟ පියවරයන් විය යුත්තේ නිල ණය හිමියන් සමඟ එළඹි ප්‍රතිපත්තිමය ගිවිසුම හැකිතාක් ඉක්මනින් නිල ගිවිසුමක් බවට පත් කර ගැනීමත් වාණිජ ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹීම බවත්  බෲවර් මහතා පැවැසුවේය.තවම නිශ්චිත කාල වකවානුවක් තීරණය කර නැතත් පළමු සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබී මාස 6 කදී ප්‍රතිපත්තිමය වශයෙන් දෙවැනි සමාලෝචනය සිදු කරන බවත් එම කාලය වන විට වාණිජ ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

චීන එක්සිම් බැංකුව සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුමකට ශ්‍රී ලංකාව එළඹුනත් වාණිජ ණය හිමියකු වූ චීන සංවර්ධන බැංකුව සමඟ ශ්‍රී ලංකාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව බෲවර් මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ දුෂණ හා වංචා ක්‍රියා අවම කිරීමට සේවා ඩිජිටල්කරණය ඉතා වැදගත් පියවරක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා ශ්‍රී ලංකාව දිරිමත් කරන බවත් බෲවර් මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින ලක්ෂණ පෙන්නුම් කළත් තවමත් ආර්ථිකය යථා තත්වයට පත් වීම මුල් අදියරේ පවතින බවත් එහි ප්‍රතිලාභ ජනගහනයෙන් වැඩි පිරිසකට ලැබී නොමැති බවත්  බෲවර් මහතා ප්‍රකාශ කළේය.

එසේම මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2 වනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කරන බව එම අරමුදලේ කොළඹ නේවාසික නියෝජිත සර්වාත් ජහාන් මහත්මිය එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවැසුවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 11 සිට අද  (19) දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් ආරම්භ කළ අතර එහිදී සතියක් පුරා මෙරට බලධාරීහු සමඟ සාකච්ඡාවල නිරත වූහ. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ පළමු සමාලෝචනයට අනුමැතිය ලබා දීමෙන් පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව එම නිලධාරීහු කණ්ඩායම අධ්‍යනය කළහ.

SendShareShare
Previous Post

නාරම්මලදී වෙඩි තියලා තිදරු පියෙක්ව මරපු SI රිමාන්ඩ්! පොලිසියෙන් පොරොන්දු 2ක්! 1. කිසිම විශේෂයක් කරන්නේ නෑ! 2. මියගිය රියැදුරුගේ දරු පවුලට සාධාරණය ඉටුකරනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

තිබ්බ එක වගේම දරුණුයි! ත්‍රස්තවාදී ක්‍රියාවන් ඕනෑවට වඩා පුළුල් ලෙස නිර්වචනය කරලා! රැඳවුම් ස්ථාන නැරඹීමට මානව හිමිකම් කොමිසමට ඇති හැකියාව සීමා කරලා! විධායකයට අධික බලතල දීලා! ‌වරෙන්තු නොමැතිවත් අත්අඩංගුවට ගන්න පුලුවන්! වහාම සංශෝධනය කරන්න! ආණ්ඩුව සම්මත කරගන්න යන අලුත් ත්‍රස්ත විරෝධී පනතට ජිනීවාවලින් බරපතළ විරෝධයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.