පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මාළු ව්‍යාපාරිකයෙක් වන ෂෙහාන් විතානගේ නමැත්තා බොල්ගොඩ ගඟේ දිය මත පදින ජෙට්ස්කි රථයකින් විනෝද වෙමින් සිටියදී අතුරුදන් වී තිබෙනවා.
පානදුර උතුර පොලිසිය පවසන්නේ පෙරියක් ගමන් කිරීම සදහා බොල්ගොඩ ගඟ හරහා ඇද තිබූ කඹයක පැටලීමෙන් මෙම පුද්ගලයා අතුරුදන් වී ඇති බවයි.
පොලිසිය මේ වනවිටත් ඔහු සොයමින් සිටින අතර, ඔහු දිය මත පදිමින් සිටි ජෙට්ස්කි රථය සොයාගෙන තිබෙනවා.
ඔහු බොහෝ දිනවල බොල්ගොඩ ගඟේ මෝටර් බෝට්ටු සහ දියමත ගමන් කරන ජෙට්ස්කි රථ ධාවනය කරමින් විනෝද වන බවද පොලිසිය අනාවරණ කරගෙන ඇත.
newscenter










