කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරිමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා තීරණය කර ඇත.
එමෙන්ම ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද තීන්දු වී ඇත.
පක්ෂ තීන්දුවට පිටින් ගොස් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් බාරගැනීම ඊට හේතුව වී ඇත.










