‘මව්රට’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුද වූ අභාවප්‍රාප්ත ප්‍රේමලාල් විජේරත්න මහතාගේ වර්ෂ පූර්ණය වෙනුවෙන් පවත්වන ධර්ම දේශනා පින්කම අප්‍රේල් මස 17 වැනි සිකුරාදා රාත්‍රී 7.00ට නො. 240, වෙන්නවත්ත පාර, වැල්ලම්පිටිය නිවෙසේදී පැවැත්වේ.Sri Lanka Latest News
පූජ්‍ය මාතර මහින්ද ස්වාමින්වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වෙන මෙම ධර්ම දේශනාවෙන් අනතුරුව පසුදින, එනම් 18 වැනි සෙනසුරාදා දින දහවල් මහාසංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වේ.
සිකුරාදා රාත්‍රියේ පැවැත්වෙන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණෙන ලෙස සියලු හිතමිත්‍රාදීන්ගෙන් ප්‍රේමලාල් විජේරත්න මහතාගේ පවුලේ ඥාතීන් ඉල්ලීමක් කරයි.










