දශක 5කට අධික කාලයක් පුරා මාධ්‍යවේදියකු, ප්‍රවෘත්ති කර්තෘවරයකු, නියෝජ්‍ය කර්තෘවරයෙකු වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමලාල් විජේරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත.Sri Lanka Latest News
මියයන විට 75 වැනි වියේ පසුවූ ඒ මහතා ‘දවස’ පුවත්පතෙන් සිය මාධ්‍ය කටයුතු ආරම්භ කළේය.
පසුව ඉරිදා පෙරමුණ, මව්බිම, ජනයුගය පුවත්පත්වලද සේවය කළ ඒ මහතා, පොලිස්, සෞඛ්‍ය මෙන්ම දේශපාලන ක්ෂේත්‍ර ආවරණය කළ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය.
මියයන විට ඒ මහතා ‘මව්රට’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් රාජකාරී කරමින් සිටියේය.
එමෙන්ම සිරස රූපවාහිනියේද කලක් ඒ මහතා කටයුතු කරනු ලැබීය.
දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.










