කොළඹ සංකේතාත්මක සන්ධිස්ථානයක් වන නෙළුම් කුළුණ ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය කිරීමේ අරමුණින් සීමාසහිත ලෝටස් ටවර් කම්පැනි ලිමිටඩ් නමින් සමාගමක් පිහිටුවීමට භාණ්ඩාගාරය බලාපොරොත්තු වන බව වාර්තා වේ.
එය කොළඹ ඉඩම් පැවරීම සදහා පිහිටවනු ලැබූ සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් හා සමාන ආයතනයක් බව දැනගන්නට ඇත.
නෙළුම් කුළුණ මේ වසරේ නොවැම්බර් 30 වන විට එහි වත්මන් අධිකාරිය වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRCSL) මුදල් අමාත්‍යාංශයට පැවරීමෙන් පසු සමාගම ස්ථාපිත කෙරේ.
නෙළුම් කුළුණ වාණිජකරණය කිරීමේ අරමුණින් බව මෙම පැවරීම සිදු කරන බව දැනගන්නට ඇත.










