ළා පැහැති දිග ඇඳුමක් නිල ඇඳුමට යටින් ඇඳීමට බස්නාහිර පළාත් පාසල් ළමුන්ට අද (19) සිට අවසර හිමිවෙයි. (Sri Lanka Latest News)
පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත් මහතා පැවසුවේ, ඩෙංගුවලින් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගත් බවයි.
මේ අතර, දිවයිනේ සෙසු පළාත්වලත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ.
ඒ, ඩෙංගු සහ කොරෝනා මර්දනයට පත් කළ විශේෂඥ කමිටුවේදීය.
newsfirst










