මෙතෙක් පසු පෙළ මන්ත්‍රීවරයෙක් ලෙස ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුන්ගෙන සිටි කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතාහට අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ ඉදිරිම පෙළේ ආසනයක් ලබා දී තිබුණි.
මෙහි විශේෂත්වය වන්නේ අමාත්‍යවරයාගේ ආසනය ලැබී තිබෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආසනයට පිටුපසින් වීමයි.










