විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු කර්මාන්ත ඇමැති ලෙස පත්වූ එස්.බී. දිසානායක මහතා සිය අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමෙන් පසුව පවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඇසූ ප්‍රශ්න ගණනාවකට සිනා මුසු අයුරින් පිළිතුරු දෙන ලදී.
එහිදී අමාත්‍ය වරයා පැවැසූවේ තමාට නොලැබුණු අධ්‍යාපන අමාත්‍යධූරය පිළබඳ තමන් කනගාටු නොවන බවයි.
මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු රට සහලෙන් ස්වංපෝෂිත කළ එකම පුද්ගලයා හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේය.










