• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දකුණු ආසියාවේ ප්‍රථම රෝහල! ලංකාවේ ප්‍රථම වෛද්‍ය විද්‍යාලය! ලෝකයේ ප්‍රථම ඩිස්පෙන්සරිය! මතක ගොන්නක් හිස දරාගෙන යාපනේ මැද විරාජමානව සිටින්නී!

May 1, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
දකුණු ආසියාවේ ප්‍රථම රෝහල! ලංකාවේ ප්‍රථම වෛද්‍ය විද්‍යාලය! ලෝකයේ ප්‍රථම ඩිස්පෙන්සරිය! මතක ගොන්නක් හිස දරාගෙන යාපනේ මැද විරාජමානව සිටින්නී!
Share on WhatsAppShare on Facebook

යුග පුරුෂයන් වනාහි අතීතයේ එක් යුගයක මහා සුළඟට පවා මකාදැමිය නොහැකි නොවෙනස් වූ පිය සටහන් වාළුකාහි තබා, අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රයත්නයන් දිදුළන සහ මඟ පෙන්වන රිදී රේඛාවන් සහ ප්‍රතිදීප්ත බැබළීම් වාළුකාහි ස්ථිර වශයෙන් කැටයම් කරන්නෝය.

යාපනය වනාහි දකුණු ආසියාවේ ප්‍රථම රෝහල හා ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය විද්‍යාලය වූ මනිපායි ග්‍රීන් රෝහල ආරම්භ වූ ස්ථානයයි. ලෝකයේ ප්‍රථම ඩිස්පෙන්සරිය, පළමු ඇමෙරිකානු මිෂනාරි වෛද්‍යවරයා වූ වෛද්‍ය ජෝන් ස්කඩර්ගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ වූයේද යාපනයේ පණ්ඩතිරිප්පුහි ය. එපමණක් නොව ලංකාවේ පළමු වෛද්‍යවරිය වූ වෛද්‍ය මේරි ස්කොට් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ග්‍රීන් මිෂනාරි රෝහල ආරම්භ කර වසර විස්සකට පසු ලංකාවේ පළමු හෙද විදුහල ඇරඹුණේත් යාපනේ මනිපායි ප්‍රදේශයේය.

එවන් ශ්‍රේෂ්ඨ යුගයක මතකයන් ගොන්නක් හා කෞතුක භාණ්ඩ රාශියක් ඒකරාශි කරගනිමින් යාපනය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ වූ ‘යාපනය වෛද්‍ය කෞතුකාගාරය’ 2018 වර්ෂයේ මාර්තු 10 වැනි දින යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත්තේ යුග යුගයන්හි උතුරු පෙනිසියුලාවේ ක්‍රියාත්මක වූ වෛද්‍ය විද්‍යාවේ පුනරුදය නූතන සමාජය වෙත සමීප කිරීමේ මහඟු බලාපොරොත්තුව පෙරදැරි කරගෙනය.

ශ්‍රී ලංකා දමිළ කාන්තා සංගමයේ (Sri Lanka Tamil Womens Union) නිර්මාතෘ වූ තිරුනාවකරසු මහත්මිය විසින් තම ස්වාමිපුරුෂයාගේ අභාවය සිහිකිරීම පිණිස 1909 වර්ෂයේ පරිත්‍යාග කළ රෝහල් පරිශ්‍රයේ ඇති ඉතා පැරණි ගොඩනැගිල්ලක කෞතුකාගාරය ස්ථාපිත කර ඇත. මෙහි ප්‍රතිසංස්කරණ සඳහා 2018 වර්ෂයේ මූල්‍යමය දායකත්‍වය ලබාදී ඇත්තේ අභාවප්‍රාප්ත තයාරතී සීවරත්නම් මහත්මිය ඇයගේ ආදරණීය සැමියාගේ අභාවප්‍රාප්තිය සිහිගැන්වීමක් වශයෙන්ය. මෙම කාර්යභාරයේ බර කරට ගෙන ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් දැනට කටයුතු කරන්නේ කෞතුකාගාරයේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානී ලෙස කටයුතු කරන සංවර්ධන නිලධාරී බී. තුවාරහන් මහතායි.

මෙම කෞතුකාගාරයට දශක ගණනාවකට ඉහතදී වෛද්‍ය ක්ෂේත්‍රයේ යොදාගත් කෞතුක භාණ්ඩ බොහෝමයක් ලබාදී ඇත්තේ 2014-2017 කාලසීමාව තුළ යාපනේ ශික්ෂණ රෝහලේ ප්‍රධාන ඖෂධවේදියා ලෙස සේවය කළ දැනට බදුල්ලේ ජීවත්වන ඒ.එම්. එන්. සූරියබණ්ඩාර මහතායි. ඔහු ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ඖෂධවේදී ලෙස 2008 වසර දක්වාත්, පසුව පළාත් ඖෂධවේදී ලෙස 2014 දක්වා අනගි සේවයක් ඉටුකර ඇති අතර ඒ වකවානුවේ සිදුකර ඇති කාර්යභාරය නම් අතිශයින් පැසසුම් ලැබිය යුතුය. මන්ද ඔහු දැනට සේවයක් ලබාගත නොහැකි යල්පැනගිය වෛද්‍ය උපකරණ බොහොමයක් ගබඩාවලින් ඉවත දැමීම වෙනුවට ඒවා එකතු කිරීම තම විනෝදාංශයක් කරගත්තේය. පසුව යාපනේ සේවා කාලය තුළදී ආරම්භ වූ මෙම වෛද්‍ය කෞතුකාගාරය වෙනුවෙන් තමා එකතු කළ ඒ වටිනා භාණ්ඩ ප්‍රදානය කිරීමටද සූරියබණ්ඩාර මහතා පසුබට නොවීය.

එසේ නම් මෙසේ දිගහැරෙන්නේ යාපනය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ වූ ‘යාපනය වෛද්‍ය කෞතුකාගාරයේ’ මූලාශ්‍ර පදනම් කරගනිමින් උතුරු පෙනිසියුලාවට ආගන්තුක වූ බටහිර වෛද්‍ය විද්‍යාවේ ආගමනය පිළිබඳවයි.

වෛද්‍ය සැමුවෙල් ෆිස්ක් ග්‍රීන් මහතා මීට වසර එකසිය පනහකට පමණ පෙර දෙමළ භාෂාවෙන් බටහිර වෛද්‍ය විද්‍යාව හා විද්‍යාත්මක සාහිත්‍ය සංවර්ධනය සඳහා පුරෝගාමී සේවයක් කරමින් ‘ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය විද්‍යාලය’ ස්ථාපනය කිරීමට මුල් වූ යාපන අර්ධද්වීපයේ සිය පියසටහන් තැබූ ශ්‍රේෂ්ඨ මිනිසෙකි. ඒ නිසාවෙන් ආචාර්ය ග්‍රීන් මහතාගේ උදාරතර ක්‍රියාවන් අදටත් දමිළ ජනතාවගේ ඉතිහාස පිටුවල තවදුරටත් සුරැකී තිබීම නොරහසකි. එබැවින් ඔහුගේ ජීවිතය හා ක්‍රියාවන් පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් මෙසේය.

වෛද්‍ය සැමුවෙල් ෆිස්ක් ග්‍රීන් ,1822 දී මැසචුසෙට්ස් හි උපත ලබා වයස අවුරුදු 23දී නිව්යෝර්ක්හි කාය වෛද්‍යවරුන්ගේ සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලයෙන් (The college of physicians and Surgeons of New York) උපාධිය ලබා ගත්තේය. ඔහු වසර දෙකකට පසුව යාපනයට පැමිණ, 1873 දක්වා වසර 26ක් උතුරු පෙනිසියුලාවේ ජීවත් විය.

අදටත් යාපනයේ මනිපායි ප්‍රදේශයේ ඇති ග්‍රීන් අනුස්මරණ රෝහල (Green Memorial Hospital at Manipay) ඔහුගේ නමින් නම්කරන ලද ඔහුගේ ජයග්‍රහණ සහ කැපවීම පිළිබඳ ජීවමාන සාක්ෂියකි. ඔහු යාපනයට පැමිණ ඇත්තේ ‘පළමුව යාපනයේ සේවය කරන මිෂනාරිවරුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටත් දෙවනුව රැකවරණය ඉල්ලා සිටින ප්‍රදේශවාසීන් රැකබලා ගැනීම’ යන අරමුණ පෙරදැරිවය. නමුත් ඔහු මෙහි පැමිණි පසු වෛද්‍ය අධ්‍යාපනයට තම කාලයෙන් වැඩි කොටසක් කැප කළේය. එහි ප්‍රතිඵලයක් වූයේ ලංකාවේ ප්‍රථම වෛද්‍ය විද්‍යාලය විවෘත කිරීමේ ගෞරවයද වෛද්‍ය ග්‍රීන්ට හිමිවීමයි.

ඔහු පැමිණෙන විට ඉංග්‍රීසි වෛද්‍යවරුන් සිටියේ ඉතා ස්වල්පයක් වන අතර යුරෝපීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ කිසිදු අදහසක් දෙමළ ජාතිකයන් අතර කිසිවකුට නොවීය. ඔහු යාපනේ වඩ්ඩුක්කොටෙයි ප්‍රදේශයේ වාසය කර පසුව මනිපායි ප්‍රදේශයට ගොස්‌ තම බෙහෙත් ශාලාව ආරම්භ කළ කරන ලදී.

1848 දී, ඔහුගේ පළමු සිසුන් පිරිස ලෙස වසර 25ක් තිස්සේ පැවති බට්ටිකෝට්ට හෙවත් වර්තමාන වඩ්ඩුක්කොටෙයි සෙමනේරියෙන් තෝරාගන්නා ලදී. පළමු වෛද්‍ය සිසුන් කණ්ඩායම J. Periyathambi Danforth, J. Dennison සහ J. Waittilingam යන අයගෙන් සමන්විත විය. වෛද්‍ය පාඨමාලාව එවක ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල විෂය මාලාව මත පදනම් වූ අතර එය වසර 3ක් පැවතුණි. පළමු කණ්ඩායම් කිහිපයේ ඔහුගේ සමහර සිසුන් සහිත ඡායාරූපයක්ද අඩංගු කර ඇත.

වෛද්‍ය ග්‍රීන් යාපනයේ සේවය කළ විසිහය වසර තුළ ඔහු වෛද්‍යවරුන් 87 දෙනකු පුහුණු කර ඇත. ඉංග්‍රීසි මාධ්‍යයෙන් 32ක් සමත් වී ඇති අතර දෙමළ මාධ්‍යයෙන් 33ක් පුහුණුව ලබා ඇත. 1873දී ඔහු ලංකාව හැර ගියේ ඔහු සතුවූ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වුවද ඔහු නැවත පැමිණ ඉගැන්වීමේ කටයුතු කරගෙන යාමේ බලාපොරොත්තුවෙන් සිසුන් 18 දෙනකුගෙන් යුත් පන්තියක් ඇරඹුවේය. කෙසේ වෙතත් ඔහුට ආපසු ඒමට නොහැකි විය. අවසන් සිසුන් කණ්ඩායම 1879 දී වෙද පුහුණුව නිම කළහ.

මනිපායිහි වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය වෘත්තිකයන් 115 දෙනකු සමත් වූ බව වාර්තා වේ. මෙසේ පුහුණු කිරීම මගින් ග්‍රීන්ගේ අභිප්‍රාය වූයේ ‘දේශීය ජනතාව අතර බටහිර වෛද්‍ය ක්‍රමය ජනප්‍රිය කර සෞඛ්‍යයට අහිතකර සමහරක් දේශීය පිළිවෙත්වලින් ඔවුන් ඉවත් කිරීමයි’. මෙය සාක්ෂාත් කරගැනීමේදී ඔහුගේ සිසුන් යාපනයේ රැඳී සිට ඔවුන්ගේ ගම්වල සිටින ප්‍රදේශවාසීන්ට සේවය කිරීම ඔහු බොහෝ සෙයින් අපේක්ෂා කළේය. නමුත් මෙම උපාධිධාරීන්ට ඉල්ලුම වැඩිවී ඔවුන් රජයේ රැකියා ලබාගෙන ලංකාවේ වෙනත් ප්‍රදේශවලට (අද යාපනයේ සිදුවන පරිදි) සංක්‍රමණය වීමත් සමග ඔහුගේ අභිප්‍රාය පරාජය විය. සමහරු ඉන්දියාව සහ මලයාව වැනි රටවල රැකියා පවා සොයාගත්හ.

මෙම ප්‍රවණතාව මඟහැරීම සඳහා ඔහු දෙමළ භාෂාවෙන් ඉගැන්වීම ආරම්භ කළේය. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙමළ පොත් නොතිබීම නිසා ඔහුට මෙම කාර්යය තරමක් අසීරු විය. එබැවින් ඔහු ඉංග්‍රීසි වෛද්‍ය පොත් දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ දැවැන්ත කාර්යය ආරම්භ කළේය. ඔහු විසින් රචිත සහ පරිවර්තනය කරන ලද වෛද්‍ය ග්‍රන්ථ අදටත් දැකගත හැකිය.

වෛද්‍ය කැල්වින් කටර් විසින් රචිත ව්‍යුහ විද්‍යාව, කායික විද්‍යාව සහ සනීපාරක්ෂාව පිළිබඳ පොතෙහි පරිවර්තන කටයුතු 1852 – 1854 කාලය තුළ සිදු කරන ලදී. මුද්‍රණය දේශීය වශයෙන් මනිපායිහි සිදුකරන ලදී. මෙම කාල වකවානුවේ ඔහුගේ කීර්තිය දකුණු ඉන්දියාවේද පැතිර ගියේය. ඔහුට දකුණු ඉන්දියාවේ තිරුනෙල්වේලිවලින් ව්‍යුහ විද්‍යාව, කායික විද්‍යාව සහ සනීපාරක්ෂාව පිටපත් 134ක් සඳහා ඇණවුම් ලැබිණි. දෙමළ භාෂාවෙන් මුද්‍රණය කර ඇති සම්පූර්ණ කෘති පිටු 4500කි.

ඔහුගේම නොවන භාෂාවකට පරිවර්තනය කිරීමේ මෙම දැවැන්ත කාර්යයට ඔහුට සහාය වූයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට අයත් ආචාර්ය ඩැන්ෆෝර්ත් සහ පසුව ආචාර්ය ජේ. එවාර්ට්ස් විසිනි. වෛද්‍යවරුන් දෙදෙනාම දෙමළ ජාතිකයෝ වූහ. වෛද්‍ය ඩැන්ෆෝර්ත් පසුව වෛද්‍ය ග්‍රීන්ගේ නිර්දේශය මත නිව්යෝර්ක්හි කායික වෛද්‍යවරුන්ගේ සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගෞරව ආචාර්ය උපාධියක් ලබා ගත්තේය.

1850 වර්ෂයේ යාපනයේ ප්‍රසිද්ධ දිසාපතිවරයකු වූ පර්සිවල් ඇක්ලන්ඩ් හා වෛද්‍ය ග්‍රීන්ගේ මූලිකත්වයෙන් ෆ්‍රෙන්ඩ් ඉන් නීඩ් සංගමයේ (Friend in Need Society) සහාය ඇතිව ආරම්භ කළ යාපනය රෝහලේ 1863 වර්ෂයේ වෛද්‍ය අධිකාරී වූයේ වෛද්‍ය ග්‍රීන් මහතායි. තවද ඔහු යාපනේ රෝහලට පැමිණි පළමු ආගන්තුක ශල්‍ය වෛද්‍යවරයාද විය. පසුව ඔහු තනතුරෙන් ඉවත් වූ පසු වෛද්‍ය ඩැන්ෆෝර්ත් වෛද්‍ය ග්‍රීන්ගෙන් පසු යාපනය රෝහලේ වෛද්‍ය අධිකාරී ලෙස පත්විය. 1850 දී යාපනයේ වසර 20ක් සේවය කළ යාපනයේ ප්‍රසිද්ධ දිසාපතිවරයකු වූ පර්සිවල් ඇක්ලන්ඩ් ඩයික් නොහොත් යාපනය රෝහලේ නිර්මාතෘ (Percival Ackland Dyke) වෛද්‍ය විද්‍යාලයට ප්‍රදානයක් යෝජනා කළේය. ඒ අනුව ග්‍රීන්ගේ සිසුන්වූ “Gould” Ewart සහ Waittilingam ලෙස පුහුණුව ලත් තරුණයන් පළාත පුරා සිටින පැරණි වෛද්‍ය උප සහායක පන්තියට ආදේශ කිරීම සිදුකරන ලදී.

දහනව වැනි ශතවර්ෂයේ අවසාන භාගයේදී කොලරාව, මැලේරියාව සහ පරංගි රෝගය වන්නි ප්‍රදේශයේ ජනතාවට දැඩි ලෙස බලපෑම් එල්ල කරන්නට විය. ඒ පිළිබඳ උතුරු පළාතේ යටත් විජිත ශල්‍ය වෛද්‍යවරයා වූ වෛද්‍ය ජේම්ස් ලුස් සිය වාර්තාවල මෙසේ සඳහන් කර ඇත.

‘රෝහල් සහ බෙහෙත් ශාලා පිහිටුවීම සම්බන්ධව, මා දිගු කලක් සහ ගැඹුරින් පැහැදුණු වාසි සහිත නිර්දේශයක් එකතු කිරීමෙන් වැළකී සිටිය නොහැක. මන්දයත් කාර්යක්ෂම වෛද්‍ය පන්තියක් පුහුණු කිරීම සඳහා දිවයිනේම වෛද්‍ය අධ්‍යාපනය සඳහා සැලැස්මක් අනුගමනය කිරීමට රට පුරා විසිරී සිටින සහ වත්මන් නූගත් තක්කඩි පන්තිය විස්ථාපනය කරන වෘත්තිකයන් බිහිකිරීම මුල්කරගත් මෙම යහපත් කාර්යය එක්තරා දුරකට දෙමළ ජනතාව අතර සිදු කරනු ලබන්නේ ඇමෙරිකානු දූත මණ්ඩලයේ ආචාර්ය ග්‍රීන් විසිනි. නමුත් වැඩිදියුණු කළ වෛද්‍ය ප්‍රතිකාරයේ ප්‍රතිලාභ දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලට සහ අනෙකුත් ප්‍රජාවන්ට ව්‍යාප්ත කිරීමට සුදුසු යැයි මම සිතමි. කොළඹ වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමෙන් මගේ මතය වඩාත් හොඳින් ඉටු කළ හැකිය’ යන්නයි.

කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමටත් මනිපායි වෛද්‍ය විද්‍යාලයේ අභාවයටත් අඩිතාලම වැටුණේ මේ මතය මුල්කරගෙනයි. කොළඹ වෛද්‍ය විද්‍යාලය 1870 ජූනි පළමුවැනිදා විවෘත කරන ලදී. 1879 මැයි මස පළමුවැනිදා රජයේ අවසරය ඇතිව මනිපායි වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 7 දෙනකු කොළඹ පාසලේ කෙටි කළ වසර 2ක අධ්‍යයන පාඨමාලාවක් හැදෑරීමට නම් කරන ලදී. ඇතුළු වීමේ ගාස්තුව ගෙවීමෙන් පවා ඔවුන් නිදහස් කරන ලදී. මෙම සිසුන් දෙමළ භාෂාවෙන් පුහුණුව ලබා තිබුණද ඔවුන්ට ඉංග්‍රීසි පිළිබඳ සාධාරණ දැනුමක් තිබූ අතර බොහෝ විට සිසුන්ද ඉංග්‍රීසි උපාධියක් ලබාගැනීමේ අදහසට මුල් තැන දුන් නිසා මනිපායි වෛද්‍ය විද්‍යාලය වැසී ගියේය.

වෛද්‍ය සැමුවෙල් ෆිස්ක් ග්‍රීන් 1884 මැයි 28 වැනි දින මැසචුසෙට්ස්හි ඔහුගේ නිවෙසේදී අභාවප්‍රාප්ත විය. එනම් ඔහුගේ ජීවිතයේ බොහෝ කැපවීම් කර ගොඩනැංවූ මනිපායි වෛද්‍ය විද්‍යාලය වසාදමා වසර 5කට පසුවය. ඔහු යාපනයේ දෙමළ ජනයාට කෙතරම් බැඳීසිටියේද යත් ඔහු සිය අවසන් කැමැත්තෙහි මෙසේ සඳහන් කර ඇත.

‘මට කවදාක හෝ සොහොන් ගලක් තබනවා නම්, එය සරල විය යුතු අතර පහත සඳහන් ශිලා ලේඛනය එහි දැක්විය යුතුය’ යන්නයි.

සැමුවෙල් ෆිස්ක් ග්‍රීන්
1822 – 1884
දෙමළ ජනයාට වෛද්‍ය එවැන්ජලිස්ත ලෙස
ජේසුනි මගේ සියල්ල

විදුනි බස්නායක

SendShareShare
Previous Post

පාකිස්තානයත් වාහන ලියාපදිංචි ගාස්තු වැඩිකරයි!

Next Post

මයිනාගෝගමට ගෝඨාගෝගමින් සපෝට් එකක් දෙයි! ‌පාර දිගේ අට්ටාල උස්සන් අරලියගහ මැදුරට පයින් එයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.