• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැයෙන් වෙන් කරන මුදලින් විතරක් රට ගොඩගන්න බෑ! රාමුවෙන් පිට පැන තීන්දු තීරණ ගන්න ඕනෑ! රටේ දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර ලබා දීමත් විපක්ෂයේ ඉඳිද්දී රාමුවෙන් පිට පැනලා හිතලා කරපු සංවර්ධන වැඩක්! මම කරපු දේ ආදර්ශයට අරගෙන දැන් ආණ්ඩුවත් ස්මාර්ට් පන්ති කාමර දෙන්න පටන් අරන්! පුත්තලම නයිනමඩම සාන්ත මරියා විදුහලට 145 වන ස්මාර්ට් පන්ති කාමරය පිරිනමමින් සජිත් කියපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 9, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ රටේ අයවැය හරහා ලැබෙන මුදලින් රට ගොඩ ගන්න නොහැකි නිසා රාමුවෙන් පිටතට පැන තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂ විසින් මෙරට රජයේ පාසල් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමත් එවැනි රාමුවෙන් පිට පැන සිදු කරන කටයුත්තක් බවත් මේ වන විට රජය පවා විපක්ෂයේ මේ ක්‍රියාදාමය අනුගමනය කරමින් සුහුරු පන්ති කාමර ලබා දීමට සූදානම් බවත් ඒ ගැන සතුටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම සක්‍රීයව විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මෙවැනි සේවා සිදු කරන විට එම වැඩසටහන් අනුගමනය කරන්න යම් අයකු කටයුතු කරන්නේ නම් ඔවුන්ට සුබ පතා එම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන බවත් එහි අරුත කිසිම අවස්ථාවක රජයට එක් වීමක් නොවන බවත් තමාගේ දේශපාලන ක්‍රියාදාමය මෙන්ම සංවර්ධන ක්‍රියාදාමය හාත්පසින්ම වෙනස් එකක් බවත් එම නිසා ඒ දෙක පටලවා නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 145 වැනි අදියර යටතේ අද පුත්තලම වෙන්නප්පුව නයිනමඩම සාන්ත මරියා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය සංගීත, නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මට බෙදනවා කියා චෝදනා කරන්නේ සැප විඳින සමාජවාදීන්

මේ රටේ සිටින අමනෝඥයෝ කොට්ඨාසයක් සජිත් ප්‍රේමදාස බෙදමින් සිටින බවට චෝදනා කරන බවත් බෙදිල්ල හොද නැහැ කියන්නේ අන්ත කොමියුනිස්ට් වාදී, අන්ත සමාජවාදී විප්ලව ගැන කයිවාරු ගහන නමුත් තමන්ගේ දුවා දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල පාසල්වල අඩුපාඩුවක් නොමැතිව ඉගෙන ගන්නා විප්ලවවාදීන් බවත් නැති තැනට බෙදන එක මොවුන්ට අනුව නරක බවත් මේ කුහකයන්ට අනුව ශබ්දකෝෂ ලබා දෙන එක පවා වැරදි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019 වගේ ආයේ රැවටෙනවාද කියා ජනතාව තීරණය කරන්න

2019, 2020 දී දේශපාලනඥයෝ කිව්වේ අදට වැඩිය හොඳ අනාගතයක් ඇති කරන බව වුවත් අවසානයේ රටත් බංකොලොත් වී ජන ජීවිතත් විනාශ වී අවුරුදු මේසයේ තියෙන ආහාරවල මිල පවා දෙගුණයකින් වැඩි වී ජන ජීවිත අකර්මන්‍ය වීම බවත් 2024 මැතිවරණ වසරක් වුවත් බඩු මිල අඩු කරනවා යැයි කියන බවත් උද්ධමනය අඩු කරනවා බඩු මිල අඩු කරනවා කියන අයට උද්ධමනය ගැන විග්‍රහයක් සිදු කළ හැකි ද කියා අසන ලෙසත් නැවත වරක් ජනතාව නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුෂණය වෙනුවෙන් වූ වෛද්‍ය චමල් සංජීවගේ අරගලය ජය ගත්තා

ඇත්ත කතා කර මාස 17ක් වැඩ තහනමට ලක් වූ සමගි ජන බලවේග දුෂණ විරෝධී කදවුරේ සාමාජික වෛද්‍ය චමල් සංජීව මහතා නැවත සේවයේ පිහිටුවා ඇති බවත් ඒ මහතාව වැඩ තහනමට ලක් කරන ලද්දේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හා ලේකම් ප්‍රමුඛ කණ්ඩායම කළ දූෂිත ක්‍රියාදාමයන් අනාවරණය කළ නිසා බවත් එසේ වැඩ තහනමට ලක් වුවත් ඔහු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ දූෂිත ගණුදෙනු ගැන කතා කළ බවත් අවසානයේ සත්‍ය හෙළිදරව් වී ඇති බවත් ඔහුගේ ඒ සටන ජය ගැනීම ගැන අතිශය සතුටු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 145 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1470ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ඇතුළෙ හිටපු 779කට ගෙදර ගිහින් අවුරුදු කන්න රනිල්ගෙන් එකක්! I Sri Lanka Latest News

Next Post

මහින්දගේ ගෙදර තිබ්බ පොහොට්ටුවේ රැස්වීමට ප්‍රසන්නත් ඇවිත් කලින්ම යයි! ජනාධිපති අපේක්ෂකයා ‘……………’! හැමෝම මහින්දට බෝලේ පාස් කරද්දී ප්‍රසන්න රනිල්ට සපෝට් කරන බව ආපහු කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.