ජනාධිපතිවරයා පර්ලිමෙන්තුවේ දීර්ඝ විග්‍රහයක් කරමින් මධ්‍යස්ථ ආකාරයට යුධමය තත්ත්වය තුළ කටයුතු කළ බව පැවසූ නමුත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ආටිකල් 2.4, 2.7 සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රඥප්තීන් උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වූ යුද්ධය හෙළා දකින්න කටයුතු නොකළේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මධ්‍යස්ථ මතයක් දරන්නේ නම් මේ ආකාරයට ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වීම ගැන පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු වුවත් මේ වන තෙක් ජනාධිපතිවරයා එවැනි දෙයක් සිදු කර නොමැති බවත් මේ තුළින් ජාත්‍යන්තර නීතිය සුරක්ෂා කිරීමේ සදාචාර සම්පන්න ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම ගැන කණගාටුවන බවත් මේ යුද්ධය නිසා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වුවත් මධ්‍යස්ථ අප රටට මේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරිම ගැන හෙළා දැකීමට බිය නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. VIDEO I Sri Lanka Latest NewsSri Lanka Latest News










