සමගි ජන බලව්‍ෙගය අලුත් පක්ෂයක් බවත් එය මෙරට ශක්තිමත්ව ජන හිතකාමීම පක්ෂය බවත් එම නිසා මේ රට විනාශ කළ රාජපක්ෂලා රකින කිසිදු පාර්ශ්වයක් එක්ක කිසිදු ආකාරයක සම්බන්දයක් ඇති කර නොගන්නා බවත් විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට පෝලිම් නැති බවට විවිධ පුද්ගලයන් පුරසාරම් දෙඩුවත් 2019 ආකාරයට තෙල් තිබේද කියා අසන බවත් ගැස් පෝෂ්‍යදායී ආහාර නොතිබුනත් පුරසාරම් කියන එක නම් නවත්වා නොමති බවත් පැවසීය. බලයට පත් වී මාස 2ක් තුළ හිතවතුන්ට බිලියන ගණන් බදු සහන ලබා දුන් වත්මන් රජය බන්කොලොත් රට තිබුන තත්ත්වයට වඩා හොද බව කීම විහිලුවක් බවත් පවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට බන්කොලොත්භාවයටත් විවිධ ලෙවල් ඇති බවයි.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද අම්පාරේ දී සමගි ජන බලවේග ක්‍රියාකාරීන් හමු වූ අවස්ථාවේදීය.
SAJITH PREMADASA






















