• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමරණිය ගායකයන්ට කෘත්‍රිම බුද්ධියෙන් පණ දෙන්න ගිහින් මහා ජංජාලයක් I Sri Lanka Latest News

June 15, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙළෙඳ දැන්වීමක් හැදීම සදාචාරාත්මකද?

විකෘති කළාට සමහරුන්ගෙන් විරෝධයක්…

ඇඩ් එක හදපු අය කියන කතාව…

සුනිල්ගේ පවුල කැමැත්තෙන්…

මිල්ටන් මල්ලවාරච්චි, සුනිල් පෙරේරා, ක්ලැරන්ස් විජේවර්ධන, එච්.ආර්. ජෝතිපාල. මේ අය ලංකාවේ ගීත ක්ෂේත්‍රයේ නොමැකෙන මතකයන් තැබූ අය. ඒ නිසා අපි කවුරුත් මේ අයට ආදරෙයි. ඇත්තටම රූපවලට වඩා අපට මතක ඒ හඬ.(Sri Lanka Latest News)

විවිධ කාලපරිච්ඡේදවල ඔවුන් විසින් හැඩ කරන ලද ගීත අපි තවමත් අහනවා. මෙතුවක් කල් කොච්චර ගීත අලුතින් ආවත් මේ කලාකරුවන්ගේ ගීතවලට අපි කරන ආදරය වැඩියි. ඒකට හේතුව ඔවුන් අපේ හදවතේ ඉන්නා ගායකයන්. පහුගිය දවසක එක්තරා ආයතනයක් විසින් මේ අය යොදාගෙන යම් වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කරලා තිබුණා. මේකෙ තිබුණේ ඉන්ෂුවරන්ස් එකක් සම්බන්ධ කතාවක්. ඇත්තටම මේ කතාවේ වටිනාකම මොකක්ද, මෙහෙම කතාවක් කියන එකේ අර්ථය මොකක්ද කියන එක ගැන බොහෝ දෙනකුට අදහසක් තියෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ ඕනෙ නැති ලෙඩ හැදිලා මියගිය අය විදියට මේ අයව හඳුන්වා දෙන්න.

සමහර වෙලාවට ඔවුන් කියන්න උත්සාහ කරනවා ඇත්තේ මේ අය තවත් ජීවත් විය යුතුයි කියන එක. ඇත්තටම මේ මිනිස්සු නැතිවුණේ අපරාදේ කියන එක. ඒක නරක දෙයක් නෙවෙයි. ඇත්තටම ඒකෙ වරදක් කියන්න අපට බෑ. හැබැයි මේ විදියට මියගිය පුද්ගලයන් නැවත පාවිච්චි කරලා ඔවුන්ව වෙළෙඳ දැන්වීම්වලට යොදාගැනීම කොයිතරම් සදාචාරාත්මකද කියන එක නම් අපට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා.

මොකද යමක් අලෙවි කිරීමේදී අපි පාවිච්චි කළ යුතු යම් සදාචාරාත්මක රාමුවක් තියෙනවා. මාධ්‍යයේදී යම් යම් නියාමනයන්, සීමා පැනවීම්, ආචාරධර්ම ගැන අපි සැලකිලිමත් වියයුතුයි. ඇත්තටම ලෝකයේ මාධ්‍ය සදාචාරය අතින් ඉතා පහළ තැනක ඉන්න රටක් විදියට ලංකාව හඳුන්වා දෙන්න පුළුවන්. ඒකෙදී ඒ වරදට අපි කෙනකුට ඇඟිල්ල දිගු කරනවාට වඩා හොඳයි, අපි අපිටත් එක්කම හැමෝටම ඇඟිල්ල දික් කරගන්න එක.

ලංකාවේ මාධ්‍ය කිව්වම පොදුවේ ගත්තාම මාධ්‍ය බොහෝ විට සිදුකරන්නේ සදාචාරාත්මක කාරණාවලට වඩා ප්‍රවෘත්තිමය වටිනාකම් සහ වඩා ඉක්මනින් ජනතා ආකර්ෂණය දිනාගැනීමේ කටයුතු. ඒ නිසා මම හිතන්නේ එහෙම දේවල් අපි කරනවා ලෝකෙ අනෙක් රටවලට වඩා වැඩියි.

ඒ විදියට ගත්තම මියගිය පුද්ගලන් යොදාගනිමින් මේ දැන්වීම නිර්මාණය කරලා තියෙන්නේ AI එහෙම නැත්නම් Artificial intelligence කියන තාක්ෂණය ඔස්සේ කියලා තමයි ඇතැම් තැන්වල සඳහන් වෙලා තිබුණේ. ඒ වගේම මේකෙ අනෙක් අතට කතා කරන අය කියන කතාව තමයි ජීවත් වෙලා ඉද්දී ලෙජන්ඩ්ලා සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ ඒගොල්ලන්ව යොදාගෙන ඕනෙ තරම් ලංකාවෙ දැන්වීම් නිර්මාණය වෙනවා. ඔවුන් ජීවත් වෙලා ඉන්නකොට ඒ විදියේ දැන්වීම් නිර්මාණය වෙනවා නම්, ඔවුන් මියගියාට පස්සේ ඔවුන් යොදාගෙන දැන්වීම් නිර්මාණය කරන්න හොඳ නැත්තේ අයි කියලා. හැබැයි ඔවුන්ගේ මරණය වගේ සිදුවීමක් යොදාගෙන මේ වගේ දැන්වීමක් හදන එක සදාචාරාත්මකද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා.

අපි දැක්කා මේ ආයතනය විසින් එක්තරා තැනකදී මේ ගැන දැක්වූ අදහසකට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඔවුන් කියනවා, ‘ඔබ දැක්වූ අදහස්වලට ස්තුතියි. ලංකාවේ ප්‍රථම වතාවට AI Deepfake තාක්ෂණය යොදාගනිමින් වෙනස් විදියකට සිදුකළ මේ නිර්මාණය ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ වෙනසක් කළ හතර දෙනකු තෝරාගැනීමට අප කටයුතු කළේ අලුත් දේවල් පිටුපස හඹා යමින් ලෝකය වෙනස් කිරීමට ඔවුන්ට තිබුණු කැපකිරීමට අපිට ලබාදිය හැකි උපකාරයක් ලෙසයි.

මෙම ව්‍යාපෘතිය පටන් ගැනීමටත් පෙර මේ හා සම්බන්ධ කලාකරුවන්ගේ පවුල්වල ආශීර්වාදයත්, ඔවුන්ගෙන් නීතිමය අවසරයත් ලබාගැනීමට අප කටයුතු කළ අතර, ඔවුන්ගේ ඒ සහයෝගයට අප ඉතාම කෘතඥ වෙමු’ කියලා. ඒ ඒ කලාකරුවන්ගේ ඥාතීන්, හිතවතුන් අවසර දීලා නම් ඒ සම්බන්ධව කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ඔවුන්ගේ ආශීර්වාදය ලැබිලා නම්, නීතිමය අවසරයක් තියෙනවා නම් ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ.

හැබැයි අපට කියන්න තියෙන්නේ මේ නීතියෙන් ලබාගන්නා අවසරයට, මුදල් ගෙවා ලබාගන්නා අවසරයට මේ දැන්වීමේ හෝ වෙනත් ව්‍යාපෘතියකින් ලැබෙන ප්‍රතිලාභයකින් කොටසක් ගෙවූ පමණින් සදාචාරය කියන කාරණයට නිවැරැදි වටිනාකමක් ලැබෙනවාද කියන එක ප්‍රශ්න කරන්න ඕනේ. මොකද සමහර දේවල් සම්බන්ධයෙන් මුදල් ගෙවූ පමණින්, අවසර ගත් පමණින් සාධාරණ විය නොහැකියි. ඒ වගේම මේ සමහර අය අයිති ඒ ඒ පවුල්වලට, ඒ ඒ මවුපියන්ට, ඒ ඒ දරුවන්ට කියලයි කියලා යම් කිසි කෙනෙක් හිතුවට ඔවුන් ඇත්තටම අයිති පුද්ගලික දේපළවලට නෙවෙයි. ඔවුන් අයිති රටේ මිනිස්සුන්ට. ඔවුන් අයිති පොදු දේපළවලට.

ඔවුන්ට ආදරය කරන්නේ නමක් ගමක් දන්නෙ නැති, ඉන්න තැනක් දන්නෙ නැති, ගමක් රටක් දැකලා නැති, ඔවුන් කවුද කියලවත් දන්නෙ නැති මිනිස්සු. ඒ නිසා එහෙම මිනිස්සුන්ගෙ ආදරය දිනාගත්තු මෙහෙම මිනිස්සුන්ව කොහොම කොහොම වුණත් පාවිච්චි කරන එක සම්බන්ධව සමාජ ජාලවල විශාල කතාබහක් ඇතිවෙලා තියෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ මේ වැඩේ වැරැදියි කියලා. හැබැයි ඒක වැරැදිද, හරිද කියන එක ඒ ඒ අයගේ අඩිකෝදුවලින් මැනලා තීරණය කරන්න පුළුවන් දෙයක්.

කොහොම නමුත් අපි හිතන්නේ යම් පුද්ගලයෙක් මියගියාට පස්සේ ඔවුගේ මරණය හෝ ඔහුගේ ඇවතුම් පැවතුම් සිරිත් විරිත් පිළිබඳ නැවත නැවත කතාකිරීමේ වරද කෙසේ වෙතත් ඒවා ව්‍යාපාරික ලාභ සඳහා නැවත නැවත භාවිත කිරීම ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි කියලයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තෙල් පෝලිම් නෑලු! ගෑස් පෝලිම් නෑලු! පුරසාරම් කතා නම් කියවනවා! සජිත් දිගාමඩුල්ලට ගිහින් ආණ්ඩුව ‌රට පත්කොට ඇති බංකොලොත් බවේ එක ‘ලෙවල්’ එකක් පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කුරුන්දි කේස් එක දුරදිග යයි! විහාරයට අයත් ඉඩම් කාටවත් පවරා දෙන්න තීන්දුවක් අරගෙන නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් අලුත් නිවේදනයක් නිකුත් වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.