ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එම සමාගමේ සියලුම සේවකයන් විරුද්ධ බවත් එයට එරෙහිව පෙළ ගැසෙන බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසයි.Sri Lanka Latest News
ලිට්‍රෝ සමාගම 2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ රාජ්‍ය භාණ්ඩාගාරයට ලාභ සහ බදු ලෙස රුපියල් බිලියන 50 ක් හෙවත් කෝටි 5,000 ක් බැරකර ඇති බව කියන ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව භාණ්ඩාගාරයට විශාල ශක්තියක් වන මෙවැනි සමාගමක් ප්‍රතිව්‍යුහගතකරණයේ අරමුණ පැහැදිළි නොමැති බව ද සඳහන් කරයි.
එම සමාගම ප්‍රතිව්‍යූහගත කිරීම කාලෝචිත නොවන බවත් ඒ තුළින් රජය බලාපොරොත්තු වන සමාජ ආර්ථික ප්‍රතිලාභ ළගා කරගැනීමට නොහැකි බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව වැඩි දුරටත් සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව එසේ සඳහන් කරයි.










