ගුරු විදුහල්පති අරගලයට ආණ්ඩුවට විසදුම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසදුම් වෙනුවට අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද (04) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉකුත් වසරේ මුදල් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක්ද විපක්ෂනායකවරයා සභාගත කිරීමට පියවර ගත්තේය.












