ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ජපානයේ ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙලට සහභාගී වීම සදහා යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දුන් තැනැත්තාගේ නම අද දිනයේදී පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.
ඒ හේෂා විතානගේ මන්ත්‍රීවරයා යොමු කර තිබූ ප්‍රශ්නයකට නාමල් රාජපක්ෂ මහතා ලබා දුන් පිළිතුරත් සමගය.
එහිදී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් තමන්ට එම ටිකට් පත ලබා දීමට පියවර ගෙන තිබූ බවකි.
එමෙන්ම අනෙකුත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා වූ ඩීවී චානක සහ තේනුක විදානගමගේ නිල රාජකාරී සදහා ජපානය බලා පිටත්ව ගොස් තිබූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.










