• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

සජිත් කියයි! මෝදි පත්තු කරයි! ට්‍රම්ප් ගිනි තියයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

April 6, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය රහස් මුලින්ම කිව්වේ හරියටම මාසෙකට උඩදි!

විජිත කිව්වා වගේ ටීම් එකක් යැව්වද?

මෝදි සැලැස්ම වෙනස් කළේ ඇයි?

ආණ්ඩුව චීනෙ පැත්තට හැරෙයිද?

මුලින්ම කිව්වේ අපි

‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප පසුගිය කාලයේදී දිගින් දිගටම හෙළිකළ දේශපාලනයට සම්බන්ධ අතිශය රහසිගත තොරතුරු සහ අතිශය වැදගත් දේශපාලන සිදුවීම් සියල්ල මේ වනවිට එකින් එක සනාථ වී ඇති බවක් මෙම තීරුව කියවන පාඨකයන්ට 100%ක්ම තහවුරු වී ඇති බවට සැකයක් නැත. අප හෙළිකළ එම ඇතැම් කරුණු මෙරට කිසිදු මාධ්‍යයක්, කිසිදු අවස්ථාවක හෙළි නොකළ ඒවා පමණක් නොව අඩුම තරමින් එවැනි සිදුවීම් සිදුවනවා කියා අබමල් රේණුවක දැනීමක්වත් ඒ මාධ්‍යවලට තිබුණාදැයි කියන්න දන්නේ නැත.Sri Lanka Latest News

හරියටම මීට මාසයකට ඉහතදී, එනම් මාර්තු 03 වැනි ඉරිදා රාජ්‍ය රහස් තීරය ඔස්සේ ලංකාවේ පළමු වරට තවත් එවැනිම ආකාරයේ අතිශය රහසිගත සිදුවීමක් වාර්තා කිරීමට අපි පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ලංකාවේ ප්‍රමුඛතම අපනයන ගැනුම්කරුවකු වන ඇමෙරිකාව ඉදිරි කාලයේදී මුළු ලෝකයටම බලපාන පරිදි තීරුබදු පනවා වෙළෙඳ යුද්ධයකට අවතීර්ණ වීමට සැලසුම් කරමින් සිටින බවකි. අප එම පුවත පළකරන විටත් ඇමෙරිකාවේ අලුත් ජනාධිපති ට්‍රම්ප් චීනයට, කැනඩාවට සහ මෙක්සිකෝවට යම් තීරුබදු පැනවීමක් සිදුකොට තිබිණි. නමුත් ඒ අවස්ථාවේදී ලංකාව ඇතුළු අනෙකුත් රටවලට තීරුබදු පනවන බවක් කිසිවකුත් වාර්තා කොට තිබුණේ නැත. මාර්තු 03 වැනිදා කළ එම හෙළිදරව්වෙන් අප කියා සිටියේ අප්‍රේල් 03 වැනිදා ට්‍රම්ප් එම ලැයිස්තුව නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත්, බොහෝ විට එහි ලංකාවේ නමද ඇතුළත්ව තිබිය හැකි බවත්ය. පහත දැක්වෙන්නේ මාර්තු 02 වැනිදා අප කළ එම විශේෂ අනාවරණයය.

‘පසුගිය සතියේ අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ කෙටි සටහනක් තබමින් සඳහන් කර සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් ඇමෙරිකානු නව රජය ලොව වෙනත් රටවලට විශාල වශයෙන් තීරුබදු පැනවීමට සූදානමින් සිටින බවකි. දැනටමත් චීනය, මෙක්සිකෝව, කැනඩාව ආදී රටවලට ඉහළ තීරුබද්දක් පැනවීමට ට්‍රම්ප් රජය කටයුතු කොට ඇති අතර, ඊළඟට ඉදිරිපත් වන තීරුබදු ලැයිස්තුවේ බොහෝ දුරට ලංකාවද සිටිය හැකි බවට අපි එහි සඳහන් කර සිටියෙමු. ඒ අනුව මෙවර රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප මේ කතාවේ කවුරුත් නොදන්නා ඉන් එහාට ගිය විශේෂ තොරතුරක්ද වාර්තා කිරීමට සූදානම්ය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ වනවිට ට්‍රම්ප් එසේ තීරුබදු පැනවිය යුතු නව රටවල් ඇතුළත් ලැයිස්තුව සකස් කරමින් සිටින බවය.

එහිදී ට්‍රම්ප් භාවිත කරමින් සිටින්නේ ඉතා සරල නිර්නායකයකි. එනම්, ජාත්‍යන්තර වෙළෙඳාමේදී ඇමෙරිකාව වැඩියෙන් භාණ්ඩ ආනයනය කරනු ලබන රටවලට වැඩි තීරුබද්දක් පනවා ඒ ආනයන අධෛර්යමත් කිරීමය. ඒ රටවලට ඇමෙරිකාවෙන් අපනයනය කරන භාණ්ඩ ඉහළ නංවා ආනයන – අපනයන පරතරය සමාන තලයක පවත්වා ගැනීමත්ය. ඒ අනුව ලබන අප්‍රේල් 02 වැනි දින මෙම නව ලැයිස්තුව එළිදැක්වීමට ට්‍රම්ප් සූදානමින් සිටින අතර, බොහෝ දෙනා කියා සිටින්නේ ලංකාව මෙම ලැයිස්තුවට නියත වශයෙන්ම ඇතුළත් වනු ඇතැයි කියාය. ඊට හේතුව වී ඇත්තේ ලංකාව ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩවල සහ ලංකාවෙන් අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ අතර විශාල පරතරයක් තිබීමය. ලංකාව අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 0.5කි. නමුත්, ලංකාවේ අපනයනවලදී ඇමෙරිකාව ප්‍රධාන ගැනුම්කරුවකු වන අතර, එහි වාර්ෂික වටිනාකම ඩොලර් බිලියන 2.5කි. විශේෂයෙන්ම ලංකාවේ ඇඟලුම්වල ප්‍රධාන ගැනුම්කරුවා වන්නේ ඇමෙරිකාවය. ඒ අනුව, ඇමෙරිකාවේ ලංකාව කෙරෙහි වන ආනයන-අපනයන පරතරය ඩොලර් බිලියන 2කට අධිකය. මෙම පසුබිම යටතේ බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙම වෙළෙඳ පරතරය අවම කරගැනීම සඳහා ඊළඟට තීරුබදු පනවන ලැයිස්තුවට ට්‍රම්ප් විසින් ලංකාවද ඇතුළත් කරනු ඇතැයි කියාය. ඒ අනුව ඇතැමුන් ඇමෙරිකාවෙන් ලංකාවට 25%ක තීරු බද්දක් පනවනු ඇති බවට පුරෝකථනය කරන අතර, ඇතැමුන් පෙන්වා දෙන්නේ එය ඇතැම්විට 100%ක තීරුබද්දක් විය හැකි යැයි කියාය. ඒ අනුව ලංකාව, ඇමෙරිකාවේ මෙම තීරුබදු ලැයිස්තුවට ඇතුළත් වුවහොත් අපනයන ක්ෂේත්‍රයේ විශාල කඩාවැටීමකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ විශ්වාසයය.

මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීම්වලදී අසල්වැසි ඉන්දියාව සහ ඇමෙරිකාව අතරද පසුගිය කාලසීමාවේදී මෙවැනිම තත්ත්වයක් උද්ගතව තිබූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ඉන්දියාවද වැඩි වශයෙන් සිය භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කරන අතර, ඇමෙරිකාවෙන් ආනයනය කරනු ලබන්නේ ඊට වඩා අඩු වටිනාකමකින් යුත් භාණ්ඩ ප්‍රමාණයකි. නමුත් ට්‍රම්ප්ගේ නව ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉන්දියාව කරනු ලැබ තිබූ අධ්‍යයනයකදී මේ බව වටහා ගත් ඉන්දියාව වහාම ඇමෙරිකාවෙන් කරනු ලබන ආනයනයන් ඉහළ නංවා අමෙරිකාව සමග ආනයන – අපනයන පරතරය අවම කරගැනීමට කටයුතු කොට තිබිණි. ඒ අනුව මේ වනවිට ඉන්දියාව එම අර්බුදය කළමනාකරණය කරගැනීමට සමත්ව තිබේ. නමුත් ලංකාවට ඒ ආකාරයෙන් හදිසියේ ඇමෙරිකාවෙන් භාණ්ඩ ආනයනය කිරීම ඉහළ නැංවීමට කටයුතු කළ නොහැකි අතර, ඒ සඳහා වැයකිරීමට විශාල ඩොලර් ප්‍රමාණයක්ද නොමැත. ඒ අනුව යම් හෙයකින් ට්‍රම්ප්ගේ ඊළඟ බදු ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වුවහොත් බංකොලොත් බවින් ගොඩ ඒමට උත්සාහ දරන ලංකාවට එය මරුපහරක් වනවා නොඅනුමානය.’

‘රාජ්‍ය රහස්’ – 2025.03.03

කිව්වෙ සජිත්

අප මෙම අනාවරණය කරද්දී මෙරට මාධ්‍ය පමණක් නොව දේශපාලකයන් පවා එවැන්නක් සිදුවනු ඇති බවක් දැන සිටියේ නැත. ඒ නිසාම කිසිවකුත් ඊට ප්‍රතිචාර දක්වන්නට ගියේද නැත. නමුත් මෙහි ඇති බරපතළකම එක්වරම වටහාගත් නිසාදෝ අප කළ මෙම අනාවරණයෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මෙම සිදුවීම ආණ්ඩුවේ අවධානයට යොමුකිරීමට පියවර ගත්තේය. එහිදී සජිත් කියා සිටියේ වහාම මේ සම්බන්ධයෙන් පියවර නොගතහොත් රටේ අපනයන ක්ෂේත්‍රය බරපතළ අවදානමකට ලක්වනු ඇති බවත්, අදාළ පාර්ශ්වයන් සමග වහාම සාකච්ඡා කොට, ලංකාවට වාසිසහගත අයුරින් මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට ආණ්ඩුව පියවර ගතයුතු බවත්ය. සජිත් පාර්ලිමේන්තුවේදී කළ මෙම හෙළිදරව්වත් සමග වහාම නැගී සිටි අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය සමග සාකච්ඡා කිරීම සඳහා විශේෂ නියෝජිත කණ්ඩායමක් වොෂින්ටනය බලා පිටත්කොට යැවීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවකි.

කෙසේවෙතත් සජිත් මෙම ගැටලුව ආණ්ඩුවේ අවධානයට යොමු කිරීමට හේතු ගණනාවක්ම තිබිණ. ඉන් ප්‍රධානම කරුණ වූයේ ලංකාවේ අපනයන්ගෙන් එක් රටකින් පැමිණෙන වැඩිම විදේශ ආදායම් ප්‍රමාණය ඇමෙරිකාවෙන් රටට හිමි වෙමින් පැවැතීමය. උදාහරණයක් ලෙස කිවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබාදුන් මුළු ණය මුදල ඩොලර් බිලියන 2.9ක් වන අතර, ඇමෙරිකාවෙන් වාර්ෂිකව ලංකාවට ලැබෙන අපනයන ආදායම ඩොලර් බිලියන 3 ඉක්මවා යන්නකි. ලංකාවේ මුලු අපනයන ආදායම 2024 වසරේදී ඩොලර් බිලියන 16ක් වූ අතර, එහි ඇමෙරිකාවේ කොටස 7%කි. එම ඩොලර් බිලියන 3න් 12.7%ක්ම නිමි ඇඳුම් ආශ්‍රිත නිෂ්පාදනවලින් හිමිවන අතර, සේවාවලින් ලැබී තිබුණේ ඊටත් වඩා අඩු ප්‍රමාණයකි.

කියපු විදිහට කළාද?

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක් ඇමෙරිකාවට යවන බවට විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද කී අයුරින් එම කටයුත්ත සිදුවීද යන්න පිළිබඳව මේ වනවිට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. මන්ද යත් අප දන්නා පරිදි මෙවැනි ආකාරයේ තීරුබදු පැනවීමක් සිදුවීමට නියමිතව ඇති බවට වාර්තා වීමත් සමග ඉන්දියාව හැසිරුණේ මේ ආකාරයට නම් නොවේ. කොපමණ වැඩ රාජකාරි තිබුණත් ඉන්දියාවේ වෙළෙඳ අමාත්‍ය පියුෂ් ගෝයල් මහතා ඊට පසුදිනම සියලු වැඩ නවත්වා ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. ඉන්දියාවට පැනවීමට නියමිතව තිබූ 50%ක පමණ තීරුබද්ද 26% දක්වා අඩුකර ගැනීමට ඔවුන්ට හැකිවූයේ ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වීම නිසාය. ඉන්දීය අගමැති මෝදි ඉන් අනතුරුව ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇමෙරිකානු බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. එමෙන්ම ඇමෙරිකානු භාණ්ඩවලට ඉන්දියාව පැත්තෙන් පනවා තිබූ බදු වහාම අඩුකොට දෙරටේ ආනයන අපනයන පරතරය වහා පහත දැමීමට ඔවුන් පියවර ගත්තේය.

නමුත් මෙවැනි මැදිහත් වීමක් ලංකාවේ ජනාධිපතිවරයාගෙන් හෝ විදේශ ඇමැතිවරයාගෙන් හෝ වෙළෙඳ ඇමැතිවරයාගෙන් සිදුවන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව මෙම තීරුබද්දේ ඇති බරපතළකම සහ බැරෑරුම්කම වටහා ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සමත්ව තිබුණේද යන්න පිළිබඳ ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

අප මෙම අනාවරණය මීට මාසයකට පමණ ඉහතදී කිරීමත් සමග මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්, කීප දෙනෙක්ම ‘රාජ්‍ය රහස්’ තීරය සමග ඒ සම්බන්ධයෙන් අදහස් දක්වද්දී බොහෝ දෙනා කියා සිටියේ මෙම බද්ද බොහෝ දුරට 25%ක් පමණ වනු ඇතැයි කියාය. එවැනි ප්‍රමාණයකින් බදු පැනවීමක් සිදුකළද කර්මාන්ත පවත්වාගෙන යෑමේදී එය බරපතළ තත්ත්වයක් වනු ඇති බවද ඔවුහු එහිදී පෙන්වා දුන්හ. නමුත් මේ වනවිට එම ප්‍රමාණය 44% දක්වා ඉහළ නංවා තිබීම හේතුකොට ගෙන ව්‍යාපාරිකයන් මේ වනවිට මුහුණ දී සිටින්නේ බලවත් අසීරුතාවකටය.

නමුත් ඉහතින් සඳහන් කළ ආකාරයටම ආණ්ඩුව ඊට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ බරපතළ සැකයකි. ඒ අනුව විපක්ෂය මේ වනවිට සූදානම් වන්නේ විජිත පාර්ලිමේන්තුවේ කී පරිදිම මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක් ඇමෙරිකාවට පිටත්කර යැවුවේදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමටය. එසේ යැවුවා නම් ඒ කණ්ඩායමේ සාමාජිකයන් කවුද, එම සාකච්ඡාවලට නායකත්වය දුන්නේ කවුද, එහි සෙසු නිලධාරීන් කවුද, ඔවුන් එහිදී සාකච්ඡා කළේ මොනවාද යන්න පිළිබඳ ප්‍රශ්න කිරීමට විපක්ෂය මේ වනවිට තීන්දු කර ඇති බවක්ද ආරංචිය.

මෝදි එන්නේ ඇයි?

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තෙදින සංචාරයක් සඳහා ලංකාවට පැමිණෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරුබදු පොල්ලෙන් ලංකාවේ ඔළුවටම ප්‍රහාර එල්ලකොට ඇති මෙවැනි පසුබිමකය. බොහෝ දෙනා මෝදිගේ මේ ගමන ඉතා සුන්දර එකක් ලෙස පෙන්වීමට උත්සාහ කළද අපට ඇති තොරතුරුවලට අනුව නම් කියැවෙන්නේ කියන තරම් සුන්දර බවක් මෝදිගේ ගමන තුළ නොමැති බවකි. ඊට හේතුවී තිබුණේ මෝදිගේ සංචාරයට පෙර සිටම මෝදිගේ දකුණු අත මෙන්ම මෝදිගේ ළඟම හිතවතා ලෙස සැලකෙන ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි මාලිමා ආණ්ඩුව සමග ගැටුමක් ඇතිකරගෙන ලංකාවෙන් පිටව ගොස් තිබීමය. ඒත් සමගම අදානි ඉලක්ක කොට ගෙන ආණ්ඩුව පැත්තෙන් පාර්ලිමේන්තුව තුළදීත්, ඉන් පිටතදීත් විශාල මෙහෙයුමක් දියත්ව තිබූ ආකාරයක් දැකගත හැකි විය. මෙවැනි කෙණෙහිලි රැසක්ම මෙරට සිටින විවිධ පාර්ශ්වයන් හරහා ඉන්දියාවේ බලධාරීන්ටද වාර්තා වී තිබිණ.

කෙසේ වෙතත් මෝදිගේ සංචාරය ආරම්භ වීමට ප්‍රථම වාර්තා වී තිබුණේ ලංකාවට පැමිණීමෙන් පසු මෝදි සාම්පූර්වලටම ගොස් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමට සැලසුම් කොට ඇති බවකි. නමුත් මෝදි එන්න කලින්ම අදානි සමග ආණ්ඩුව ඇතිකරගත් ගැටුම හේතුකොට ගෙන ඉන්දියාව පැත්තෙන් අවසන් මොහොතේදී මෝදිට කර තිබූ දැනුම් දීමකින් කියැවී තිබුණේ සාම්පූර් නොගොස් අදාළ ව්‍යාපෘතිය කොළඹ සිට ඩිජිටල් ක්‍රමය ඔස්සේ විවෘත කිරීමට පියවර ගන්නා ලෙසය. ඊටද විශේෂ හේතුවක් තිබිණි. ඒ, මීට අවුරුදු ගණනාවකට පෙර හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා සාම්පූර් බලාගාරය ආරම්භ කිරීමට උත්සාහ කරද්දී ජවිපෙ ඊට ප්‍රබල විරෝධයක් දැක්වීමට කටයුතු කර තිබීමය. විශේෂයෙන්ම එවක ජවිපෙ සමග සිටි විමල් සාම්පූර් විදුලි බලාගාරයට එරෙහිව විශාල විරෝධයක් රට පුරා ගොඩනගා තිබූ අතර, ලාල්කාන්ත ඇතුළු කණ්ඩායමක් විසින් සාම්පූර් බලාගාරයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබිණි. ඒ අනුව ඉන්දියාව පැත්තෙන් කියැවුණේ එවැනි විරෝධය පළකළ පිරිසක් සමගම ගොස් සාම්පූර් බලාගාරයට මුල්ගල තැබීම හරහා ජාත්‍යන්තරයේ ඇතැමුන් එය හාස්‍යයට ලක්කරනු ඇති බවකි. ඒ අනුව අනුර සමග එකට සාම්පූර් ගොස් එම විදුලි බලාගාරයට මුල්ගල තියනවාට වඩා කොළඹ සිට ඩිජිටල් මාධ්‍යයෙන් එය සිදුකිරීමට මෝදි තීන්දු කර තිබිණ.

වරායට යන්නෙත් නෑ

මේ අතරවාරයේ කවුරුත් නොසිතූ තවත් විශේෂ යමක්ද සිදුවිය. ඒ, අදානිගේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වුණු කොළඹ වරායේ බටහිර ජැටියේ ඉදිකිරීම් කටයුතු අවසන් කොට විවෘත කිරීම මුල්කරගෙනය. මීට පෙර සැලසුම් කොට තිබුණේ මෝදි සහ අදානි යන දෙදෙනාම වරායේ බටහිර ජැටියට ගොස් එය විවෘත කිරීමටය. නමුත් මතුව ඇති තත්ත්වය යටතේ මෝදි විසින් එම විවෘත කිරීමද අත්හිටුවීමට තීරණය කොට ඇති බවක් දැනගන්නට ඇත. ලංකාව පැත්තෙන් ඊට යම් ප්‍රශ්නයක් මතුකිරීමද මෝදිගේ එම තීන්දුවට බලපෑමක් ඇතිකොට ඇති බව පැවැසේ.
කෙසේවෙතත් මේ සියලු සිදුවීම් හරහා ලංකාව සම්බන්ධයෙන් ලෝකයට යන්නේ පැහැදිලි චිත්‍රයක් නම් නොවේ. මන්ද යත් රට බංකොලොත්ව ඇති මේ මොහොතේ අප විසින් ලෝකයට පෙන්විය යුත්තේ ලංකාව ආයෝජනය කිරීමට ඉතා සුදුසු පරිසරයක් සහිත රටක් යැයි කියාය. ලංකාවේ ආයෝජනය කිරීම ඉතා වාසිදායක යැයි කියාය. නමුත් අවසන් මොහොතේ ඉන්දියාවේ අදානි ලංකාවෙන් පිටවීමත්, දකුණේ සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කිරීමෙන් වැළකී සිටීමට මෝදි ගෙන ඇති තීන්දුවත් ලංකාවේ ආයෝජන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යහපත් ඉඟියක් නම් මතුකරන්නේ නැත. ඒ ආර්ථික සාධක වෙනුවට ආණ්ඩුවෙන් මෝදිට යෝජනා කොට ඇත්තේ ශ්‍රීමහා බෝධිය සහ රුවන්මැලි සෑයට ගොස් ඒවා වන්දනාමාන කරගැනීමටය.

මේ අතර, මෝදිගේ ශ්‍රී ලංකා ගමන අතරතුරදී ආරක්ෂක ගිවිසුමක් අස්සන් කිරීමට නියමිතව ඇති බවට අවසන් මොහොතේදී ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීම හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා වනවිට රට ඇතුළේ විශාල ආන්දෝලනයක් මතුව තිබූ ආකාරයක් දැකගත හැකි විය. ජවිපෙන් වෙන්වූ දැඩි මතධාරී කණ්ඩායම වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය බ්‍රහස්පතින්දා දිනයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ආණ්ඩුව අස්සන් කිරීමට නියමිත මෙම ආරක්ෂක ගිවිසුම වහාම ජනතාවට ලබාදිය යුතු බවට අවධාරණය කොට සිටියේය. එපමණක් නොව එම ආරක්ෂක ගිවිසුම සකස් කිරීමට ලංකාවෙන් සහභාගි වූ කණ්ඩායම කවුද, ඔවුන් එහිදී සාකච්ඡා කළේ මොනවාද යනාදියට වහාම ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතු බවත් එහිදී පෙරටුගාමී නායකයෝ මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියහ. නමුත් මේ සම්බන්ධයෙන් තවමත් ආණ්ඩුව පැත්තෙන් නිසි පිළිතුරක් ලැබී නැත.

මේ අතර, ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා සවස් වරුවේම විශේෂ කමිටුවක් පත්කිරීමට පියවර ගත්තේය. මහාභාණ්ඩාගාර ලේකම්, මහබැංකු අධිපති ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයන් කීප දෙනෙක්ද, ප්‍රකට ඇඟලුම් ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ද ඊට එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම මෙම කමිටුවේ සිටින කීප දෙනෙක්ම විපක්ෂ නායක සජිත්ට දුරකතන ඇමතුම් ලබාදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වහාම වේලාවක් ලබාදෙන ලෙසට විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමටද පියවර ගෙන තිබිණි.

මෝදිගේ ඊළඟ ගේම

මේ අතර, සිය ලංකා සංචාරය අවසන් කිරීමෙන් පසු මෝදි ලංකාව ඉලක්ක කරගෙන තවත් විශේෂ වැඩකටයුත්තකට සූදානම්ය. ඒ, ලංකාව සහ ඉන්දියාව යාකෙරෙන දුම්රිය පාලමේ ඉන්දියාව පැත්තේ ඉදිකොට ඇති අවසන් කොටස වන පාම්බන් පාලම විවෘත කිරීමය. අතීතයේදී තලෙයිමන්නාරම හා ඉන්දියාව අතර දුම්රිය සේවාවක් පැවැති අතර, 1964දී පැමිණි සුළි කුණාටුවකින් එම පාලම විනාශයට පත්විය. පැවැති යහපාලන ආණ්ඩු සමයේදී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පාලම නැවත ගොඩනැගීමට ඉන්දියාව සමග සාකච්ඡා කළද, විපක්ෂයේ විරෝධය හේතුකොට ගෙන එම සාකච්ඡා අතරමග නැවතිණි. කෙසේ වෙතත් පසුගිය සතියේ ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කොට තිබුණේ ලංකාවේ සිට කෙළින්ම තමිල්නාඩුවට පැමිණෙන මෝදි විසින් අප්‍රේල් 6 වැනිදා රාමේෂ්වරමේ ඉදිකොට ඇති ඉන්දියාව හා ලංකාව යාකෙරෙන දුම්රිය මාර්ගයේ අවසන් නැවතුම වන පාම්බන් පාලම විවෘත කිරීමට නියමිතව ඇති බවකි. එම සැලැස්මට අනුව දුම්රිය මාර්ගයේ ඉතිරි කොටස් ඉදිරියේදී ගොඩනැගීමට නියමිතව ඇති බවද අදාළ පුවතේ සඳහන්ව තිබිණ.

කෙසේ වෙතත් මෙවර ලංකාවට පැමිණෙන මෝදි මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත විශේෂ පණිවුඩයක් දීමට සූදානමින් සිටින බව ආරංචිය. විශේෂයෙන්ම ඉන්දීය රජයේ මැදිහත් වීම මත සකස් කළ 1987 ඉන්දු-ලංකා ගිවිසුමේ සඳහන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළු විශේෂ පණිවුඩ ගණනාවක් මෙහිදී මෝදි විසින් ලංකාවට ලබාදෙනු ඇති බව පැවැසේ. ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවට සිදුවනු ඇත්තේ නියත වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය.

කෙසේ වෙතත් ආණ්ඩුව මේ වනවිට බලා සිටින්නේ මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය දෙසය. මන්ද යත් ආණ්ඩුව සියලු බර තබා ඇත්තේ කෙසේ හෝ මෙවර පළාත් සභා මැතිවරණයෙන් 50%ක ඡන්ද ඉලක්කය පසුකිරීමටය. කුමන හෝ හේතුවක් මත 50%ක බහුතරය ලබාගැනීමට නොහැකි වුවහොත් පළාත් සභා මැතිවරණය පවත්වනවාද නැද්ද යන්න පිළිබඳ දැඩි තීන්දුවක් ගැනීමට ආණ්ඩුව සූදානමින් සිටින බවද දැනගන්නට ඇත. නමුත් මෙවර සංචාරයේදී පළාත් සභා මැතිවරණය මුල්කොටගෙන මෝදි විසින් දෙනු ලබන පණිවුඩය අතිප්‍රබලය. ලංකා සංචාරයෙන් අනතුරුව පාම්බන් පාලම විවෘත කිරීම හරහා දෙනු ලබන පණිවුඩයද අතිප්‍රබලය. ඒ අනුව ඒ සියලු කරුණු එකට ගතහොත් මෙවර මෝදිගේ සංචාරය ආණ්ඩුව පැත්තෙන් ගත් විට ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව කිව හැකිය.

චීනයත් එක්ක

මෝදිගේ සංචාරය සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම සමග ආණ්ඩුවට මේ වනවිට ඉතිරිව ඇත්තේ විකල්ප කීපයක් පමණි. ඉන් ප්‍රධානම විකල්පය වන්නේ චීනයත් සමග යම් යම් එකඟතාවන්ට පැමිණීමය. ජනාධිපතිවරයාගේ පසුගිය චීන සංචාරයේදී දෙරට අතර යම් යම් එකඟතාවන්ට පැමිණියද, ගිවිසුම්වලට එළඹුණද චීනය මේ වනවිට සිටින්නේ ඒ සියල්ල අත්හිටුවාය. ඊට හේතුව ලංකාව පැත්තෙන් චීනයට වූ පොරොන්දු කිසිවක් මේ වනතෙක්ම ඉටුකොට නොතිබීමය. විශේෂයෙන්ම චීනයේ අභිමානයට හානියක් නොවන පරිදි චීන පර්යේෂණ නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවස්ථාව ලබාදෙන බවත්, ඊට අදාළ එකඟතා ගිවිසුම් සංශෝධනය කර වහාම ක්‍රියාත්මක කරන බවත් චීන සංචාරයේදී පැවැසුණද මේ තාක් එම කරුණු කිසිවක් ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව නැත. මෝදිගේ පැමිණීමත් සමග චීන පර්යේෂණ නෞකා සම්බන්ධ ප්‍රශ්නය තවත් උග්‍ර අතට පෙරළෙනවා නිසැකය. ඒ අනුව මෝදිගේ සංචාරයෙන් පසුව ආණ්ඩුව චීනය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය ඉතා තීරණාත්මක එකක් වනු ඇති බවද සඳහන් කළ යුතුව තිබේ.

සජබෙ තරුණ වෙයි

සමගි ජන බලවේගය සිය පස්වැනි සංවත්සරය පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ හයිඩ් පිටියේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට පියවර ගත්තේය. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මේලනයේදී දැකගැනීමට ලැබුණු ප්‍රධානම කරුණ වූයේ මෑත කාලයේදී දක්ෂතා පෙන්වා ඉදිරියට පැමිණි තරුණයන් රැසකට අවස්ථාව ලබාදීමට සජිත් පියවර ගෙන තිබීමය. ඉන් එක් අයකු වූයේ ගම්පහෙන් පළමු වරට පාර්ලිමේන්තු පැමිණි දක්ෂ, තරුණ මන්ත්‍රීවරයකු වන ප්‍රසාද් සිරිවර්ධනය. දෙවැන්නා චරිත් අබේසිංහය. තුන්වැන්නා වරුණ රාජපක්ෂය. මාස කීපයක් ඇතුළත ප්‍රසාද් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් දැක්වූ දක්ෂතා හේතුවෙන් සජිත් ප්‍රසාද්ට විපක්ෂ නායක මාධ්‍ය ප්‍රකාශක ධුරය ලබාදීමට පියවර ගත්තේය. එපමණක් නොව, සම්මේලනයේ කතාවක් ලබාදීමටද සජිත් කටයුතු කළේය.

මීට බලපෑ හේතු කීපයක්ම තිබේ. ඉන් එකක් වන්නේ පක්ෂයේ දැනටත් ඉතිරිව සිටින තරුණ මන්ත්‍රීවරුන් කීප දෙනකු තවමත් රනිල් පස්සේ වැටී ඔහුත් සමග හොර රහසේ ගනුදෙනු කිරීමය. අනෙක් කරුණ වන්නේ ජ්‍යෙෂ්ඨයන් යැයි කියා ගන්නා කිහිප දෙනකු සජබය එජාපයට පූට්ටු කිරීමට තවමත් උත්සාහ දරමින් සිටීමය. තවත් සමහරුන් තමන්ගේ හඳහනේ රාජ යෝග තියෙනවා යැයි කියමින් සජබයේ බලය අල්ලන්නට දතකට මදිමින් සිටින ආකාරයක්ද දැකගැනීමට පුළුවන. එමෙන්ම සජිත් රැස්වීම්වලට පැමිණීමට කලින් සජිත්ව හාස්‍යයට ලක්කරන කීප දෙනකුද තවමත් පක්ෂයේ නැතුවා නොවේ. මේ සියලු දෙනා මැද ජ්‍යෙෂ්ඨයන් සහ තරුණයන් එක්කොට අලුත් දේශපාලන ගමනක් යෑමට සජිත් ප්‍රසාද් වැනි තරුණයන්ට තැන දීම හරහා දැකගැනීමට පුළුවන.
කෙසේ වෙතත් සජිත් මෙම තරුණයන්ට තැන දීම සම්බන්ධයෙන් එජාපය ඇතුළු විවිධ පාර්ශ්වයන් එතරම් කැමැත්තක් නොදක්වන ආකාරයක්ද දැකගැනීමට තිබේ. මේ නිසාම ප්‍රසාද්ට සම්මේලනයේ කතාවක් දී තිබියදීත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිටම එජාපයට හිතවත් සමාජ මාධ්‍ය ජාලවල පළකොට තිබූ පුවතකින් කියැවුණේ ප්‍රසාද්ට ලබාදී තිබූ කතාව අවසන් මොහොතේ කපාදමා ඇති බවකි. ඊට සමාජ මාධ්‍ය ජාලවල විශාල ප්‍රචාරයක් ලබාදීමටද ඔවුන් පියවර ගෙන තිබිණි. නමුත් එය සජබය ඉලක්ක කර ගැසූ මඩක් බවට පත්වුණේ සජිත් සැලසුම් කර තිබූ පරිදිම කිසිදු වෙනසක් නොකර ප්‍රසාද්ට කතාව ලබාදී තිබීම හරහාය. ඒ අනුව ප්‍රසාද් තමන්ට ලැබුණු කාලය ඇතුළත පාක්ෂිකයන්ගේ අවධානය දිනාගත් වේගවත් කතාවක් කළේය.

ඉමිතියාස්ගේ විහිළුව

මීට අමතරව පසුගිය සතියේදී ඇතැම් මාධ්‍යවල පළවූ තවත් විශාල පුවතක් වූයේ සජබ සභාපතිවරයා වූ ඉමිතියාස් බාකීර් මාකර් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවත්, ඒ සම්බන්ධ ලිපිය පක්ෂයට යොමුකොට ඇති බවත්ය. මේ පුවත ගෙන සජබයෙන් ඉවත්වූ සරත් ෆොන්සේකා වැන්නවුන් මාධ්‍ය ඔස්සේ සජබයට මඩ ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළද ‘මව්රට’ නම් ඉමිතියාස් ඉල්ලා අස්වූ බවට වූ පුවතක් පළකිරීමට හෝ කටයුතු කළේ නැත. ඒ, අප එම ඉල්ලා අස්වීමේ ලිපිය නොදුටු නිසාය. මාධ්‍ය පමණක් එය වාර්තා කොට තිබුණද අඩුම තරමින් ඉමිතියාස් හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකොට තිබුණේ නැත. සමාජය ඇතුළේ එම පුවතට වැඩි වැදගත්කමක් නොලැබුණු නිසා බොහෝ දෙනා කියා තිබුණේ එම පුවත බොහෝ දුරට අසත්‍ය එකක් විය හැකි යැයි කියාය. කෙසේ වෙතත් ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් පසුගිය සතියේ වාර්තා කොට තිබූ තවත් පුවතකින් කියැවුණේ ඉමිතියාස් යළි සජබ සභාපති ධුරයේ වැඩ භාරගැනීමට කටයුතු කොට ඇතැයි කියාය. ඒ අනුව ඉමිතියාස් ඉවත් වූ පුවත දවස් තුන හතරක විහිළුවක් බවට පත්ව තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

එකම රියක නැග එකම අසුනෙ හිඳ අනුර මෝදි අනුරපුරට! I Sri Lanka Latest News

Next Post

ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩාවලිය මෙවරත්! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.