රැකියා විරහිතභාවය සහ අධ්‍යාපන ක්රමයේ ඇති සබදතාවේ විෂම චක්‍රය තවමත් විසදී නැති බවත් දේශපාලනයේ අතකොළු බවට පත්ව ඇති රැකියා විරහිත උපාධිධාරී ගැටලුව යළිත් මතු වී ඇති බවත් මේ සදහා රජයෙන් කඩිනම් විසදුම් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ රැකියා විරහිත උපාධිධාරී ගැටලුව සම්බන්ධයෙන් ප්‍රශ්න නගමිනි.
නිදහස් අධ්‍යාපනය යටතේ ප්‍රාථමික ද්විතීයික හා තෘතීයික යන අධ්‍යාපන කඩයිම් වෙනුවෙන් වැය කරන මුදල මෙන්ම උසස්පෙළ කලා වානිජ විද්‍යා හා තාක්ෂණ යන විෂයන් තුළින් අධ්‍යාපනය හදාරණ සිසුන් උපාධියෙන් පසු රැකියාවක් සොයා ගැනීමට යන කාලය සම්බන්ධයෙන් රජය අධ්‍යයනයක් සිදු කර තිබේ ද කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේය.
එසේ ම මේ වන විට උපාධිය අවසන් කළ දේශීය වෛද්‍ය උපාධිධාරීන් 580ක් සිටින බවත් මොවුන්ට සීමාවාසික පුහුණුව ලබා දෙන්න රජය කටයුතු කර නොමැති බවත් පැවසු විපක්ෂ නායකවරයා මොවුන්ට සීමාවාසික පුහුණුව ලබා දෙන්න කටයුතු කළ යුතු බවත්ය.
එසේම වර්තමානයේ රටේ සිටින රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව සහ ඔවුන්ට රැකියා වෙළෙදපොළට ප්රවිශ්ඨ වීමට බලපෑ ඇති සාධක කවරේද කියා ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වැනි පිටුවේ රැකියා විරහිත උපාධිධාරීන් 35000කට විධිමත් ක්‍රමවේදයක් යටතේ කඩිනමින් රැකියා දෙන බව සදහන් බවත් ඒ අනුව මෙම වසරේ බදවා ගන්නා උපාධිධාරීන් සංඛ්‍යාවද ඒ සදහා අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද කියා දැන ගැනීමට අවශ්‍ය බවත්ය.
වත්මන් රජය පොරොන්දු වූ ආකාරයට මේ උපාධිධාරීන්ට වයස අවුරුදු 45 සීමාව නොසලකා තරග විභාගවලට ඉදිරිපත් වීමට අවසර ලබා දෙන ලෙසත් මේ රැකියා විරහිත උපාධිධාරීන් සමග සම්බන්ධ වී ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබා දෙන ඉල්ලා සිටියේය.
ආණ්ඩුව මේ සදහා පිළිතුරු දීමට කල් ඉල්ලීම අසාධාරණ බවත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය කතාවේ මේ 35000ට ලබා දෙන පිළිතුරු අන්තර්ගත විය යුතු බවත් මේ සදහා පිළිතුරු දෙන් කල් ඉල්ලීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව මේ ගැටලුවට පිළිතුරු ලබා දීම දැන දැනම මගහැරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැසීය.










