බටලන්ද කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.Sri Lanka Latest News
අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.
අමාත්‍යවරයා පැවසුවේ ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදි ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවය.
ඒ අනුව අදාළ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.










