රූපවාහිනියෙන් හෝ රේඩියෝවෙන් බෙරිහන් දිදී සුන්දර ආකර්ෂණීය ලෙස කතා කලත් අපි රටක් ලෙස ඩොලර් බිලියන 90ක් ණය බවත් එම ණය ගෙවූ පසුව මෙම බංකොලොත්භාවයෙන් මිදෙන බවත් ඒ සදහා අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් සහ සෘජු විදේශ ආයෝජන දිරිමත් කිරිම සදහා දූෂණය වංචාව හොරකම රටේ රාජ්‍ය පාලනයෙන් තුරන් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
සමහර පුද්ගලයන් ෆයිල් මිටි ගනන් පෙන්වා එම ෆයිල් මිටිවල තිබෙන හොරකම් හෙළිකර ඔවුන් නිතිය හමුවට ගෙන එන බව පැවසුවත් සමගි ජන බලවේගය බලයට ඒමටත් පෙර සිට නීතිය හමුවට ගෙනවිත් රට බංකොලොත් කළ රාජපක්ෂවරු ඇතුළු පිරිස කවුද කියා අනාවරණය කළ බවත් මේ රටේ ජනතාවට වන්දි ගෙවීමට මේ කණ්ඩායම සූදානම් විය යුතු බවත් ඒ සදහා ද නීතිමය පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාසල් 10126ක 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට යුක්තිය සාධාරණත්වය ඉටු කිරිම වෙනුවෙන් රට බංකොලොත් කළ හොරු කණ්ඩායම නීතිය හමුවට ගෙනවිත් ඔවුන්ට විරුද්ධව අධිකරන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඔවුන් රටෙන් හොරා ගත් සම්පත් නැවත රට තුලට ගෙනවිත් එම මුදල් උපයෝගී කර ගෙන පාසල් පද්ධතිය සංවර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (13) සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 96 වැනි අදියර යටතේ රත්නපුර, ඇහැලියගොඩ පත්බේරිය නාරද මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
බලය ලැබුණේ නෑ කියන අය තමයි ආර්ථික ත්‍රස්තවාදීන් බලයට ගෙන ආවේ
ආණ්ඩු බලයේ හිටියේ නෑ කියල කියන අය රට බංකොලොත් කල කණ්ඩායම දිනවන්න ගෙන් ගෙට ගොස් කටයුතු කළ බවත් එම නිසා මේ බංකොලොත්භාවයට ඔවුන්ද වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හතුරෝ මිතුරෝ කර ගන්න කලින් රට ගොඩ ගන්න ඕන
හතුරන් මිතුරන් පත් කර ගැනීම පැත්තකට දමා ගරා වැටුනු බිද වැටුණු රට ගොඩනගන්න කටයුතු කළ යුතු බවත් ඇත්ත කතා කළ යුතු බවත් රාජ්‍ය පාලනය යනු විහිලුවක් නොව ඒ තුළ සෑම ක්ෂේත්‍රයකම ජනතාවගේ අපේක්ෂා යම් මට්ටමකින් හෝ ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මාත් එක්ක හරිහරියට රට සංවර්ධනය කරන්න කාටවත් බැහැ
එක්තරා රූපවාහිනි නාලිකාවක යෙදුනු විවාදයක දී සජිත් ප්‍රේමදාස නොනිදන වැඩ කොටසක් සිදු කරන බවට දැන ගැනීම සදහා අදාළ කථිකයාට දුරකථන ඇමතුමක් ගන්නා ලෙස නිවේදකයන් අභියෝග කළ අවස්ථාවේ එම කථිකයා දුරකථන ඇමතුමක් ගන්නා විට මධ්‍යම රාත්‍රියට ආසන්න වුවත් දවසේ විශාල වැඩ කොටසක් සිදු කර මහන්සියෙන් සිටියත් එම දුරකථනයටද ප්‍රතිචාර දැක්වූ බවත් මේ රටේ සිටින කිසිදු දේශපාලන නායකයකුට තමා සමග රට සංවර්ධනය කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්ල සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 96ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 946ක් වැය කර තිබේ.





















