ශ්‍රී ලාංකේය ගීත වංශකතාවේ ගී රැජිනගේ අභාවය සම්බන්ධයෙන් අසීමිත ලෙස දුකට පත් වන බවත් සිය පියාගේ සමයේ සිටම ඇය සමඟ සමීප සම්බන්ධතාවක් පැවැති බවත් සෑම ගම් උදාවකම ඇය එක් වී රටේ ජනතාව වෙනුවෙන් රජය කළ සේවාවට ඉමහත් ශක්තියක් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
එදා ඇති වූ ඒ බැදීම නිසාම සැම නොවැම්බර් 21 වැනිදාට යෙදෙන ඇයගේ උපන්දිනය දවසට ඇය හමුවී එම දිනය සමරණ බවත් ඇය සෑම මොහොතකම කෙළින් කතා කරන සුන්දර චරිතයක් බවත් මේ සමුගන්නා මොහොතේ ඇයට මොක් සුව ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ලතා වල්පොළ මහත්මියගේ අවමංගල්‍ය අවස්ථාව සඳහා එක්වෙමිනි.










