කැළණි ගඟ පිටාර ගැලීමෙන් කොළඹ ප්‍රදේශ ගණනාවක ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) එම ප්‍රදේශවල සංචාරයක නිරත විය.Sri Lanka Latest News
එහිදී කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සිදුවිය යුත්තේ මොනවාදැයි පිළිබඳව තොරතුරු විමසා සිටියේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.














