• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ පරිසර ප්‍රඥප්තියත් අරන් විවාදයට එක්වෙයි! පරිසරය-ගහකොළ-සතාසීපාවා ආරක්ෂා කරගනිමින් හරිත සංචාරක කර්මාන්තය දියුණු කරන යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! අලින්ටත් දිගට හරහට වෙඩි තියලා මරන කාලෙක මාලිමා ආණ්ඩුව සජිත්ගේ යෝජනා ගැන බැලුවොත් නරකද? VIDEO I Sri Lanka Latest News

March 18, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර අයවැය කාරක සභා විවාදයේ පරිසර ක්ෂේත්‍රය සහ විෂය අදාළ විවාදයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පරිසර හා වන ජීවී ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී යෝජනා රැසක් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය.Sri Lanka Latest News

ජාතික පරිසර පද්ධති ඇගයීම සිදුවිය යුතුයි

ජාතික පරිසර පද්ධති ඇගයීම සිදුවිය යුතු බවත් අප රටේ පරිසර පද්ධතිය හරහා ජෛව විවිධත්වය වටිනාකම මෙන්ම පරිසර පද්ධතිය ලබා දෙන සේවා සහ ඒ තුළින් සිදුවන මානව සංහතියේ පැවැත්ම යන කරුණු ගැන පුරවැසියන් අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් බොහෝ අවස්ථාවල මේ පරිසර ක්ෂේත්‍රයේ පැලැස්තර විසදුම් ඉදිරිපත් වුවත් අප රටේ භූගෝලීය පිහිටීම අනුව සංරක්ෂණ ඉලක්ක නිර්මාණය කර ඉදිරියට යා යුතු බවත් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය හරිත දේශපාලන පක්ෂයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ පරිසර සැලසුම් ප්‍රඥප්තිය දෙසත් බලන්න

ශ්‍රී ලංකාව දෙස බලන විට ජෛව විවිධත්ව ඝණත්වය ඉහළ ස්ථානයක ඇති ස්වාභාවික තිරසර පද්ධතියක අවශ්‍යතාව ඇති තිරසර සංවර්ධනය ක්‍රියාත්මක විය යුතු රටක් ලෙස අප රට හැදින්විය හැකි බවත් පසුගිය ජනාධිපතිවරණයේ දී 2019 ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ පරිසර සැලසුම පරිසර ප්‍රඥප්තිය මේ මොහොතේද සභාගත කරන බවත් පරිසර විෂය කේන්ද්‍ර කර ගෙන වන අලි කොටීන් සහ තල්මස් සම්පත කේන්ද්‍ර කර ගෙන විශේෂ වූ ජාතික ව්‍යාපෘති 3ක් ගැන කරුණු ඉදිරිපත් කර ඇති බවත් ් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටට ජාතික ඉඩම් සංවර්ධන සැලසුමක් සහ ජාතික භෞතික සැලසුමක් අවශ්‍යයි

අප රටේ පරිසරය ශක්තිමත් කර පරිසරය සුරක්ෂිත කිරීමට ජාතික ඉඩම් සංවර්ධන සැලසුමක් සහ ජාතික භෞතික සැලසුමක් අවශ්‍ය බවත් මේ සම්බන්ධ පුළුල් එකගතාවක් අවශ්‍ය බවත් ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා ජෛව විවිධත්ව සම්පත්වල වටිනාකම අගය කළ යුතු බවත් පරිසර දූෂණය අවම කිරීම ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරිම පාංශූ ඛාදනය අවම කිරීම අනවසරයෙන් වන විනාශ කිරීම තහනම් කිරීම ආදී ලෙස ඒවා කෙරෙහි කටයුතු කළ යුතු බවත් ් විපක්ෂ නායකවරයා පැවසීය.

තිරසර සංවර්ධනය සංරක්ෂණය මෙන්ම ප්‍රජා කේන්ද්‍රීය සංරක්ෂණය අතිශය වැදගත්

චක්‍රීය ආර්ථිකයක් කරා යොමු වීමේ දී තිරසර සංවර්ධනය සංරක්ෂණය මෙන්ම ප්‍රජා කේන්ද්‍රීය සංරක්ෂණය අතිශය වැදගත් බවත් වනජීවී සංරක්ෂණය ප්‍රජා පුද්ගල කේන්ද්‍රීය ලෙස සැලසුම් කරන්න හැකි නම් එය සාර්ථක බවත් පුද්ගල කේන්ද්‍රීය සංරක්ෂණ වැඩසටහන් තුළ සංරක්ෂණ වැඩසටහන් විශාල ලෙස සංරක්ෂණය කළ හැකි බවත් අද වන විට ප්‍රඥප්තීන් ගණනාවකට එකග වී ඇති බවත් කාලෙන් කාලෙට විවිධ ප්‍රඥප්තීන්වලට එගක වී ඇති නමුත් රටක් ලෙස මේ ඉලක්ක සම්පූර්ණ කර ඇත් ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

හරිත සංචාරක කර්මාන්තය දියුණු කරමු

හරිත සංචාරක කර්මාන්ත සංකල්පය යටතේ අප රටට විදේශ විනිමය ලබා ගත හැකි බවත් 1971 හෝ 72 ඉන්දියවේ ඉන්දිරා ගාන්ධි මැතිනිය වදවී ගෙන යන ව්‍යාඝයන් කේන්ද්‍ර කර ගෙන වැඩසටහනක් හරහා ව්‍යාඝ්‍රයා කේන්ද්‍ර කර ගත් සංචාරක කර්මාන්තයක් ක්‍රියාත්මක කළ බවත් මේ නිසා ව්‍යාඝ්‍රයන් වැඩි වී දැවැන්ත හරිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වී ඇති බවත් ඒ ආකාරයට වන අලින් කොටීන් ඩොල්ෆින් හා තල්මසුන් උපයෝගී කර ගෙන හරිත සංචාරක ව්‍යාපාරය ගෙන යා හැකි බවත් ් විපක්ෂ නායකවරයා පැවසීය.

අලි මිනිස් ගැටුමට තිරසර විසදුම් ලබා දෙන්න

එසේම වන අලි මිනිස් හා වන සතුන් මිනිස් ගැටුම බරපතල වී ඇති බවත් විසදුම් දෙන්න උත්සාහ කළත් කිසිදු සාර්ථකත්වයක් නොමැති බවත් ලෝකයේ සාර්ථක ලෙස වන සතුන් හා මිනිසුන් හා වන සතුන් හා මිනිසුන් අතර ගැටුම් අවම කර ගත් නව තාක්ෂණ සාර්ථක ක්‍රමවේද ඇති නමුත් අප රටේ වන ජිවී සංරක්ෂණ සැලසුමක් ක්‍රියාත්මක කිරීම අපහසු වී ඇති බවත් වනජීවී සංරක්ෂණ යාන්ත්‍රණය සවිමත් කරන්න අවශ්‍ය මානව හා භෞතික සම්පත් ක්‍රියාත්මක නොවන බවත් මේ නිසා මේ ගැටුම් සිදුවීම වැළැක්වීමට අප රටේ පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බව රජයෙන් රජයට ඇමතිවරයාගෙන් ඇමතිවරයාට වෙනස් වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සත්ත්ව සුබසාධනයට ප්‍රමුඛස්ථානය ලබා දෙන්න

එසේම සත්ත්ව සුබසාධනයට ප්‍රමුඛස්ථානය දිය යුතු බවත් මානව හිතවාදීත්වය තුළ ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වනවා සේම අප රටේ තිරසර සංවර්ධනයට ගත හැකි උපරිම දේ ගත යුතු බවත් නව හරිත විෂයේ ප්‍රවණතා නිසා අප රටට ලැබෙන අවස්ථා ප්‍රවර්ධනය කර පරිසර කේන්ද්‍රීය සංරක්ෂණය තවදුරටත් ප්‍රගුණ කිරීම උදෙසා ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලයක් ගොඩනැගිය යුතු බවත් අප රට ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ජාතික වනෝද්‍යාන කේන්ද්‍ර කර ගෙන පර්යේෂණ කටයුතු කිරීමට ඉහළම අවස්ථාව ලබා දිය යුතු බවත් තවදුරටත් පැවසීය.

වන ජීවී ක්ෂේත්‍රයේ භෞතික හා මානව සම්පත් වර්ධනය කරන්න

ස්වේච්ඡා සේවයේ නිරතව සිටින පරිසර ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති සොච්චම් පඩියක් ගන්න වනජීවී නිලධාරීන් ස්ථිර කරන ලෙසත් බහුකාර්ය දෙපාර්තමේන්තුවේ රු. 22500ක දීමනා ලබන දහස් ගණනක් සිටින බවත් මේ අයගේ රැකියා ස්ථිර කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වන සතුන් ගැන සංගණනය කිරීම විධිමත්ව සිදුවිය යුතු බවත් ඒවා විහිලුවට ලක් කිරීම යෝග්‍ය නොවන බවත් ය.

SendShareShare
Previous Post

දූෂණයට ලක්වූ අනුරපුර වෛද්‍යවරියගේ සොරාගත් ජංගම දුරකතනය කැලෑවකින් හමුවෙයි! I Sri Lanka Latest News

Next Post

බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරන ‘හොඳම අපනයනකරු’ ලෙසින් සුප්‍රකට PVH සමාගමේ සම්මානයට පාත්‍ර වෙයි! Sri Lanka Latest News

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.