සක්වල වැඩසටහන යටතේ අද (10) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 151 වන සුහුරු පන්ති කාමරය පුත්තලම හලාවත ආරච්චිකට්ටුව බත්තුළුඔය විද්‍යාලයටත්, 152 වැන්න පුත්තලම හලාවත එගොඩවැල්ල සෙන් සෙබස්තියන් නවෝද්‍යා මහාවිද්යාලයටත්, 153 වැන්න පුත්තලම නාත්තන්ඩිය මහවැව තොඩුවාව සාන්ත අන්තෝනි මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.









