සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කොට ඇති බව කියමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර 5 වැනි වතාවටත් මඩ ප්‍රචාරයක් දියත් කිරීමට කටයුතු සූදානම් කොට ඇති බව තිස්ස අත්තනායක මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා මෙසේද පැවසීය.
2017 – 2020 කාල පරිච්ඡේදය තුළ සංස්කෘතික අරමුදලේ වියදම් පිළිබඳව සොයා බලන්න කැබිනට් මණ්ඩලය කමිටුවක් පත් කර තිබෙනවා. කෙසේ නමුත් මෙම කාල පරිච්ඡේදය තුළ සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළේ සජිත් ප්‍රේමදාස මහතා. ඒ අනුව සංස්කෘතික ඇමැතිවරයා ලෙස ඔහු ගත් තින්දු තිරණ පිළිබඳව සොයා බලනා යැයි කියමින් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මඩ ව්‍යාපාරයක් ගෙන යාම සඳහා ආණ්ඩුව මෙම පියවර ගෙන තිබෙන බව පැහැදිලි වෙනවා. මේ හරහා ආණ්ඩුව සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව මඩ ව්‍යාපාරයක් දියත් කිරිමට උත්සහ දරන බව රටම දන්න කතාවක්. සංස්කෘතික අරමුදලේ වියදම් පිළිබඳව මීට පෙර පරික්ෂණ කිහිපයක්ම පවත්වා තිබෙනවා
2019 දී පාර්ලිමේන්තුව කල් තබන විවාදයක් පවත්වා 2017 – 2020 කාල පරිච්ඡේදය තුළ සංස්කෘතික අරමුදලේ වියදම් පිළිබඳව දිර්ඝ විවාදයක් පැවැත්වුවා. එහිදි කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. එහිදි සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව කිසිදු කරුණක් ඉදිරිපත් කිරිම නොහැකි වුණා. එ් වගේම මෙම සිද්ධිය පිළිබඳව කොප් කමිටුවේදී සාකච්ඡාවට භාජනය වුණා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ කිසිදු මුදල් අවභාවිතා කර නැති බව තහවුරු වුණා. ඒ වගේම අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසන් සභාවට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා. ඒ අනුව පෙර වාර්තා අධ්‍යනය කොට ඒ සම්බන්ධයෙක් කිසිදු නීතිමය පියවරක් ගැනිම අපහසු බව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසන් සභාව පැහැදිලිව දන්වා තිබෙනවා.
ඒ වගේම හරිගුප්ත රෝහණධිර මහතා සම්බන්ධ කරගනෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී මේ සම්බන්ධයෙන් සොයා බලන්න පරික්ෂණ කොමිසන් සභාවක් පත් කරනු ලැබුවා. 2017 – 2020 කාල පරිච්ඡේදය තුළ සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා වී තිබෙන බව තහවුරු කිරිමට නොහැකි වුණා. ඒ වගේම විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් පත් කරන්න යෝජනා වී තිබෙනවා. කෙසේ නමුත් සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා වී ඇත්දැයි සොයන්න පස් වතාවක් උත්සහ කරලා තිබෙනවා. ඒ අනුව මේ හරහා උත්සහ කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගැසීමටයි. කෙසේ නමුත් සජිත් ප්‍රේමාදාස මහතාට විරුද්ධව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබෙනවා.
2017 – 2020 කාල පරිච්ඡේදය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිතා කර විශේෂ වැඩකටයුතු කිහිපයක් සිදුකළා. වැදගත්ම කාරණය වන්නේ පාස්කු ප්‍රහාරයෙන් විනාශ වුණ ප්‍රධාන දේවස්ථාන 3 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිතා කර තිබෙනවා. මෙය කාදිනල් හිමිපාණන් වහන්සේගේ සහ කතෝලික ප්‍රශංසාවට ලක්වුණා. ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිතා කර දිවයින පුරා පන්සල් පල්ලි කොවිල් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම දහම්පාසල් පවත්වාගෙන යාම සඳහ් ස්ථිර ගොඩනැගිලි සාදා දිමට මේ හරහා කටයුතු කර තිබෙනවා. මේවා චෝදනාවට ලක්කළ යුතු කරුණක් නෙවෙයි. මේවා ප්‍රශංසාවට ලක්කළ යුතු කාරණා. ඒ වගේම අරමුදල් ගොඩගසාගෙන සිටින්නේ නැතිව එම අරමුදල් මහජන යහපත සඳහා යෙදවිම ගැන සජිත් ප්‍රේමදාස මහතාට ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිතා කර කළ සියලුම ඉදිකිරිම් සිදුකර තිබෙන්නේ හමුදාවේ සහය සහ ඉංජිනේරු සංස්ථාවේ නිලධාරින්ගේ උපදෙස් පරිදි. මේ නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් කිසි ලෙසකින්වත් අවභාවිතා වී නෑ.
ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ රට වෙනුවෙන් කතා කළ නිසා ආණ්ඩුවට ඒවා දරාගැනිමට නොහැකි වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කන්ටේනර් ප්‍රශ්නය ගැන දිගින් දිගටම ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. ඒ වගේම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් පෙනී සිටිනවා. ඒ වගේම ඇමරිකාව පනවා තිබෙන තිරු බදු සම්බන්ධයෙන් රටේ අපනයන වලට සිදුවන හානිය සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගේ මේ සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උදව් ඉල්ලිමටත් කටයුතු කර තිබුනා.
ඒ වගේම ඇමරිකානු තිරු බද්ද සියයට 30 දක්වා අඩු කර ගැනිම විශාල ජයග්‍රහනයක් ලෙස ආණ්ඩුව දකිනවා. නමුත් ඇමරිකානු තිරු බද්ද සියයට 30 දක්වා අඩුකළත් ඒ සඳහා තවත් සියයට 16.5 ක බද්දක් එකතුවෙන බව ආණ්ඩුවේ ආර්ථික උපදේශක ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ලංකාවෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩවලට සියයට 46.5 ක බද්දක් එකතුවෙනවා. ඇමරිකානු තිරු බද්ද ලංකාවේ ඇගලුම් කර්මාන්ත වලට විශාල අභියෝගයක්. කෙසේ නමුත් ප්‍රේමදාස මහතා ඇගලුම් කර්මාන්තශාලා අරම්භ නොකළානම් රටේ ආර්ථිකය මීට වඩා දරුණු වීමට ඉඩ තිබුණා. කෙසේ නමුත් ඇමරිකානු තිරු බද්ද නිසා ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ඇගලුම් ක්ශ්‍රේත්‍රයට විශාල තර්ජනයක් ඇති වෙනවා. මේ නිසා කර්මාන්තශාලා වැසි යාමට ඉඩ තිබෙනවා. මේ නිසා රැකියා නැති වීමේ අවදානමක් තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව මේ පිළිබඳව තක්සේරුවන් සිදුකර තිබෙනවාදැයි අපි අහන්න කැමැතියි.
ඒ වගේම ජාතික ජනබලවේගයට දැන් ජනතාව ආමන්ත්‍රණය කරන්නේ ජාතික බදු බලවේගය කියලා. අනුර දිසානායක දැන් බදු කුමාර බවට පත්වෙලා තිබෙනවා. ආණ්ඩුවට බදුවලින් හැර රට ඉදිරියට ගෙන යාම සඳහා වෙනත් කිසිදු වැඩපිළිවෙළක් නෑ. පසුගියදා ආණ්ඩුව සියයට 18 ක් ඩිජිටල් බද්දක් අයකරන බව ප්‍රකාශ කළා. ඩිජිටල් බද්ද සියයට 18 කින් වැඩි කිරීම හරහා ලංකාවේ විනිමය අනුපාතයට බලපානවා. ඒ වගේම ඩිජිටල් ක්ශ්‍රේත්‍රය හරහා සිදුවන අනෙකුක් සේවා සඳහා විශාල බලපැමක් සිදුවෙනවා. මෙම බද්ද ක්‍රමානුකුලව වැඩි නොකර එකවර විශාල ප්‍රමාණයකින් වැඩි කිරිම අසාධාරණයි. ඒ වගේම රටේ තරුණ තරුණියන්ට තමයි මේ හරහා විශාල බලපැමක් සිදුවන්නේ. ජාතික බදු බලවේගය රටේ තරුණයන්ට එල්ල කර තිබෙන ඩිජිටල් බද්ද විශාල ලෙස ඔවුන්ට දැනෙනවා. ඒ වගේම මෙම බද්ද හරහා තරුණයන් ඩිජිටල් ක්‍රමවේද හරහා සිදුකරන ව්‍යාපාර කඩා වැට්ටවීම , අකර්මන්‍ය වීම
සිදුවෙනවා. එ් වගේම තාක්ෂණය හරහා සිදුවන නැගිටිම බිද දැමිමට ආණ්ඩුව මේ හරහා කටයුතු කරනවා. මෙය අපි දැඩි ලෙස හෙළා දකිනවා. ආණ්ඩුව මේ බද්ද පිළිබඳව නැවත සිතා බැලිය යුතුයි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පිළිබඳ වසන්ත සමරසිංහ ඇමතිවරයා විශාල අසත්‍ය ප්‍රකාශ ගණනාවක් සිදුකළා. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පිළිබඳ ඔහු රටේ ජනතාව නොමග යනව ප්‍රකාශ ගණනාවක් සිදුකළා. කෙසේ නමුත් එම ආයතනය රජයේ ආයතනයක් නොවන බව එම ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. ඒ වගේම රජය සිදුකරන චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. මෙහි කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක් සිදුවන්නේ නැති බව එම ආයතනය ප්‍රකාශ කරනවා. ඒ වගේ අධ්‍යාපනික අවස්ථා ඇති කරන්න , අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කරන්න , ජ්‍යන්තර මට්ටමේ ආචාර්යවරුන්ගේ ආකර්ශනය වැඩි කර ගන්න , සිසුන්ගේ දැනුම ජාත්‍යන්තර තලයට ගෙන යාම ඔවුන්ගේ අරමුණ බව එම ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. මෙම ආයතනය පිළිබඳව කිසිවක් නොදැන වසන්ත සමරසිංහ ඇමතිවරයා මෙම ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. ඇමතිවරයාගේ මෙම ප්‍රකාශ හරහා එම ආයතනයේ තිබෙන පිළිගැනීම නැතිවෙනවා.‘‘










