රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද රාජ්‍ය අංශයේ සේවකයන්ගේ පුහුණුව සහ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා කැප වූ ප්‍රමුඛ ආයතනයක් වන සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයයේ සංචාරයක නිරත වීමට කටයුතු කළේය.Sri Lanka Latest News
මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ Christopher Joachim pragasm (Director – International Relations) සහ Tan Chuan Tat Daniel (Assistant Director – Civil Service College International), එක් විය.
නායකත්වය, ප්‍රතිපත්ති නවෝත්පාදනය සහ අනාගත සූදානම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, ඵලදායී හා පුරවැසි කේන්ද්‍රීය පාලනයක් ලබා දීම සඳහා සිංගප්පූරුවේ රාජ්‍ය සේවය සූදානම් කිරීමේ දී සිවිල් සේවා විද්‍යාලය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එකී දැනුම සහ අත්දැකීම් අප රටේ පරිපාලන ව්‍යුහයට අදාළ කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම විද්‍යාලයේ සංචාරයක නිරත විය. එම සංචාරයේ දී සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෞරවයෙන් පිළිගනු ලැබීමෙන් අනතුරුව රාජ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය, පාලනය සහ පරිපාලන පුහුණුව සඳහා සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබඳ මූලික සාකච්ඡා රැසක නිරත විය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සඳහා ධාරිතා වර්ධනයේ වැදගත්කම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරමින් සිංගප්පූරුව සාර්ථකත්වය කරා ගිය ගමනේ දී විනයගරුක සහ ඉදිරි දැක්මක් ඇති සිවිල් සේවය සුවිශාල සේවාවක් කළ බවත් හෙතෙම සඳහන් කළේය.ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය සහ පාලන රාමු ශක්තිමත් කිරීම සඳහා සිංගප්පූරුවේ හොඳම භාවිතයන් අනුවර්තනය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට තමා උනන්දු බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.















