විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා අම්පාර සමන්තුරේ මුස්ලිම් මහා විද්‍යාලයට සක්වල බස් රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී විපක්ෂනායකවරයා පාසලේ සිසුන් සමග සුලු මොහොතක් ටේබල් ටෙනිස් ක්‍රීඩාවේ යෙදීමටද කටයුතු කොට තිබිණ.
මීට පෙර විපක්ෂනායකවරයා මේ ආකාරයටම පාසල් සිසුන් සමග ක්‍රීඩාවන් කිහිපයකම යෙදීමට පියවර ගත්තේය.
වරක් විපක්ෂනායකවරයා පාසල් සිසුන් සමග ක්‍රිකට් ගැසුවේය.
තවත් වරෙක බාස්කට් බෝල් ගැසුවේය.
මේ ආකාරයෙන්ම වෙනත් රටවල දේශපාලකයන් මෙන්ම රාජ්‍ය නායකයන් අතීතයේදී යම් යම් ක්‍රීඩාවන්හි නිරතව සිටියවුන් වන අතර තනතුරු දරද්දීද ක්‍රීඩා කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
එවැනි තත්ත්වයක් තිබියදී ලංකාවේ ඇතැම් පුද්ගලයන් විපක්ෂනායකවරයා මේ අයුරින් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් විවිධ අපහාසාත්මක ප්‍රකාශයන්ද පළ කිරීමට පියවර ගෙන තිබිණ.










