වර්තමානයේ රට තුළ ඇත්තේ ම්ලේච්ඡත්වයත් ජන සම්මතවාදයත් අතරත් ගැටුමක් බවත්, එවැනි විකෘතියක් සිදුව ඇත්තේ විකෘති ආණ්ඩුව නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කටුගම්පල ආසන බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී විපක්ෂ නායක වරයා වැඩිදුරටත් සඳහන් කළේ අශිෂ්ට පාලනයට එරෙහිව නැගී සිටි ජනතාව විසින් රාජපක්ෂවරුන් එලවා දැමූ පසු මේ වන විට රාජපක්ෂ රූකඩයක් බලයට පැමිණ ඇති බවයි.