• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෑමබීමවලට බද්ද 200%කින් වැඩි වුණත් සිගරට් අරක්කුවලට බද්ද වැඩි වුණේ 8%කින් විතරයි! සිගරට් සමාගම්වල ලාභය 121%ක්! දේශපාලකයන් අල්ලේ නටවන සිගරට් අරක්කු මාෆියාව පිටුපස අත යට ගනුදෙනුවක් වෙනවාද?

September 27, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
කෑමබීමවලට බද්ද 200%කින් වැඩි වුණත් සිගරට් අරක්කුවලට බද්ද වැඩි වුණේ 8%කින් විතරයි! සිගරට් සමාගම්වල ලාභය 121%ක්! දේශපාලකයන් අල්ලේ නටවන සිගරට් අරක්කු මාෆියාව පිටුපස අත යට ගනුදෙනුවක් වෙනවාද?
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාවේ ඇට්‌ලැන්ටා ප්‍රාන්තයේ CDC නමැති රෝග නිවාරණ සහ රෝග පාලන ආයතනයක් තිබේ. මෙහි වෙබ් අඩවියේ සඳහන් වන පරිදි සිගරැට්‌ බීමෙන් එක්‌ අයකු මියයන්නේ තමන් අවට සිටින තවත් 20 දෙනකුට භයානක ශ්වසන රෝග බෝකිරීමෙන් පසුවය. දුම් පානයෙන් වසරකට මැරෙන ගණන ඇමෙරිකාවේ පමණක්‌ පනස්‌ ලක්‍ෂයක් බව කියැවේ. මේ ගණන වසර 2030දී අසූලක්‍ෂයක්‌ වනු ඇති බවට පූරෝකතන තිබේ. මේ කියන්නේ ඇමෙරිකාවේ ගණනය. ලෝකයේ එම ගණන කීයක්‌ද කියා අනුමාන කිරීම වටී. දුම්කොළ කර්මාන්තය මෙයට වසර 05කට පෙර සලකන ලද්දේ මියයමින් තිබෙන ජාවාරමක්‌ හැටියටය. එහෙත් සිගරැට්‌ කොම්පැනිකාරයන් එයට ජීවය දී ඇත. කර්මාන්තය නැවතත් කෙළින් වෙමින් පවතී. එය ඉතා රහසේ කෙසේ හෝ සිදුවෙයි.

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ වගකීම පැවරී ඇති රාජ්‍ය ආයතනය මුදල් අමාත්‍යාංශයයි. නිසි බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් රජයට ලැබෙන ආදායම ඉහළ නැංවීමට කටයුතු කළයුතු වුවත් අවාසනාවකට මෙන් පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක වූ උපාය මාර්ගය දුම්කොළ සමාගමට වාසිදායක විය. එමඟින් රටට විශාල බදු ආදායමක් අහිමි වී දුම්කොළ සමාගම ලාභ රැස්කර ගත්තේය.

පසුගිය වසරවල මේ තත්ත්වය නිවැරදි කිරීමට විවිධ ධනාත්මක උත්සාහයන් මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වූ විවිධ බලවේග නිසා ක්‍රියාත්මක නොවන තැනට පත්විය.

එය බරපතළ මාෆියාවකි. පවතින මාෆියාව පරාජය කරමින් අදාළ බලධාරීන්ගේ මැදිහත්වීම තුළින් මේ රටට අවාසි දුම්කොළ බදු ප්‍රතිපත්තිය වහාම නිවැරැදි කිරීමට කටයුතු කළ යුතුය.

බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ පසුගිය වසර කිහිපය තුළ දුම්වැටි භාවිතය අවම වී ඇති බවය. ඒ අනුව පසුගිය වසර 10 තුළ සිගරට් නිෂ්පාදනය 45%කින් අඩුවී ඇත. එහෙත් ලංකා දුම්කොළ සමාගම (CTC) උපයා ඇති ලාභය 121%කින් වැඩි වී ඇත.

නිෂ්පාදන මට්ටම අඩු වූවා කියා දුම්කොළ සමාගමේ ලාභය අඩුවී නැත. එය දිනෙන් දින ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇත්තේ දුම්වැටි සම්බන්ධයෙන් තවමත් විද්‍යාත්මක බදු ප්‍රතිපත්තියක් අනුගමන නොකරන නිසා‍ය. එයින් රජයට හිමිවිය යුතුව තිබූ විශාල බදු මුදල් ප්‍රමාණයක් දුම්කොළ සමාගමේ ලාභ බවට පත්ව ඇත.

මේ වන විට පාසල් දරුවන්ගේ පාසල් උපකරණ 300%කින් පමණ ඉහළ ගිය අවස්ථා දැකිය හැක. සහල් මිල 109%කින් තිරිඟු පිටි 204%, පරිප්පු 201% ඩීසල් 230% සහ පෙට්‍රල් 250% වැඩි වී ඇත. නමුත් සිගරැට් මිල හා මද්‍යසාර මිල වැඩිවී ඇත්තේ 8%කින් හා 23%කින්ය.

මත්ද්‍රව්‍ය අධෛර්යමත් කිරීමට සෑම රටක්ම පාහේ ක්‍රියා කරනුයේ ජනතාවගේ සෞඛ්‍ය සුරැකීම ආර්ථික සහ සමාජ සංවර්ධන ක්‍රියාවලියේ මූලිකාංගයක් වන බැවිනි. මෙරටද සෑම රජයක්ම පාහේ මත්ද්‍රව්‍ය, දුම්වැටි හා මද්‍යසාර භාවිතය අවම කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබීය. එම ක්‍රියාමාර්ග නිසා මද්‍යසාර හා දුම්වැටි නීත්‍යනුකූල ලෙස භාවිත කිරීම අඩු වුවද නීත්‍යනුකූල නොවන මත්ද්‍රව්‍ය, දුම්වැටි හා මද්‍යසාර භාවිතය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

දුම්වැටි හා මද්‍යසාර බදුකරණය තුළින් රාජ්‍ය ආදායම් ප්‍රවර්ධනය සෑම රජයකම අරමුණක් වුව ද මෙරට මද්‍යසාර හා දුම්වැටි බදුකරණය පිළිබඳ ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම, බදු ගණනය කිරීම්වලදී සිදුවන දූෂණ මෙන්ම බදු ගෙවීමේ දී දුම්වැටි හා මද්‍යසාර නිෂ්පාදන ආයතන සිදුකරනු ලබන අක්‍රමිකතා නිසා රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමි වන බව පෙනී යයි.

මේ නිසා, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණය, සෞඛ්‍ය සඳහා වන පිරිවැය අවම කිරීම සහ ආදායම් ස්ථාවරත්වය අරමුණු කරගත් මත්ද්‍රව්‍ය, දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කාලෝචිත වේ. ඒ සඳහා මෙරට මද්‍යසාර භාවිතය සෑම ආකාරයකින්ම අවම වීම සිදුකළ හැකි ආකාරයේ නිර්දේශ ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාවට නැංවීම කඩිනමින් සිදු කළ යුතුයි. එපමණක් නොව, ප්‍රතිපත්ති සකස් කිරීමේදී ජනතාව විසින් පරිභෝජනය කරනු ලබන දුම්වැටි හා මද්‍යසාර සඳහා නිසි ප්‍රමිතියක් පවත්වා ගැනීමට කටයුතු කිරීම ද අත්‍යාවශ්‍ය කරුණක් වේ. තවද සියලුම මද්‍යසාරවල බදු නිසි නියාමනයකින් යුතුව ඉහළ දැමීම සිදුකළ යුතුයි. දුම්වැටි හා මද්‍යසාර බදු ගණනය කිරීම්වලදී එය විධිමත් යාන්ත්‍රණයකට නතුකළ යුතුයි.

මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවකි.ඒ පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී 27/2 යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය. ඔහු එහිදී අවධාරණය කරනු ලැබූ ප්‍රශ්න කිහිපයක් තිබිණි.

  1. දුම්වැටි සහ මද්‍යසාර භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කුමක්ද?
  2. පසුගිය වසරේ දුම්වැටි හා මද්‍යසාර මගින් ලැබෙන බදු ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද? එය සමස්ත රාජ්‍ය ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක්ද? දුම්වැටි හා මද්‍යසාර මගින් ප්‍රමාණවත් බදු මුදලක් අය වන්නේ යැයි රජය සිතන්නේද? නොඑසේ නම්, ඉදිරියේදී මෙමගින් අය කෙරෙන බදු ප්‍රමාණයන් ඉහළ නැංවීමට රජය කටයුතු කරන්නේ ද?
  3. දුම්වැටි හා මද්‍යසාර සඳහා බදු අයකරනු ලබන ක්‍රමවේදය කුමක්ද? ගෙවිය යුතු බදු නිශ්චය කිරීමේදී’දුම්වැටි හා මද්‍යසාර නිෂ්පාදිත ප්‍රමාණයන් ගණනය කරනු ලබන යාන්ත්‍රණය කුමක්ද? එහි පාරදෘශ්‍යභාවය පිළිබඳ විශ්වාසයක් තැබිය හැකිද?
  4. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මද්‍යසාර බදුකරණය සඳහා නව බදු සූත්‍රයක් හඳුන්වා දීමට උත්සාහ කළ බව වාර්තා වූ නමුත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නැත. රාජ්‍ය ආදායම වැඩි කරගැනීම සඳහා සහ දුම්වැටි, මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතය අවම වන පරිදි බදු සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරන්නේද? ඒ සඳහා රජය විසින් ගෙන ඇති පියවර කවරේද?
  5. පසුගිය වසරේ දුම්වැටි හා මද්‍යසාර භාවිතය හේතුවෙන් සෞඛ්‍ය අංශය සඳහා රජයට දැරීමට සිදුව ඇති වියදම කොපමණද? එය පෙර වසර හා සැසඳීමේදී වැඩිවීමක්ද? අඩුවීමක්ද?
  6. දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත තුළ සඳහන් වන පරිදි දුම්වැටි හා මද්‍යසාර පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම තහනම් වුවද වක්‍රාකාරව විවිධ ප්‍රචාරණයන් සිදුවේ. එවැනි වක්‍රාකාරයෙන් සිදුවන ප්‍රචාරක දැන්වීම් වළක්වාලීම සඳහා රජය විසින් ක්‍රියාමාර්ග ගෙන තිබේද? ඒ මොනවාද?
  7. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දරුවන්ට දුම්වැටි හා මද්‍යසාර නිවාරණ අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේද? එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යම් ඇගයීමක් සිදුකර තිබේද? එසේ නම්, එහි යම් ප්‍රගතියක් පවතීද?

මේ ප්‍රශ්නවලට ආණ්ඩුවෙන් ලබාදෙන පිළිතුරු කෙසේ දැයි තවම දන්නේ නැත.

ඉකුත් යහපාලන රජය සමයේ මත්ද්‍රව්‍ය සහ මත් උවදුරට එරෙහිව ආන්දෝලනාත්මක තීන්දු කිහිපයක් ගනු ලැබීය. මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව, විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා පාදම සැකසීය. දුම්වැටි පැකට්ටුව තුළ රූපමය අවවාද ඉදිරිපත් කිරීම අතින් යහපාලන ආණ්ඩුව විප්ලවීය කාර්යභාරයක් ඉටු කළේය. සිගරට් පැකට්ටුවේ 80%ක රූපමය අවවාද ඇතිකිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෛම නීතිය කඩකරන්නන්ට වසරක සිර දඬුවමක්, රුපියල් 5000ක දඩයක් හෝ ඒ දෙකම පැනවිය හැකි විය. ලෝකයේ බොහෝ රටවල් මෙම රූපමය අවවාද ක්‍රියාත්මක කරයි. බංග්ලාදේශය 40%ක්, තායිලන්තය 85%ක්, ඉන්දියාව 85%ක්, නේපාලනය 90%ක් වශයෙන් මෙම රූපමය අවවාද ක්‍රියාත්මක කරයි.

මත් උවදුර මැඬලීමේ සටන පොදුවේ 2018 වර්ෂය තුළ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපය තුළ ඇතිවූ ප්‍රවණතාවකි.ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විදෝදෝ ‘විසින් 2014 දී තම රටේ මත් උවදුරට එරෙහි සටන මුවහත් කළේය. විදෝදෝට මෙම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට හැකි වූයේ එයට පක්ෂව ප්‍රබල ජනමතයක් ගොඩනැඟුණු නිසාය. එමගින් උත්තේජනය ලැබූ ඔහු මත් උවදුර එරටේ ප්‍රධානම අර්බුදය ලෙස හඳුන්වා දුන්නේය.පිලිපීන ජනාධිපතිවරයාද ඉන්දුනීසියාව තුළ භාවිත කළ ක්‍රියාවලිය ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහනෙහි ප්‍රධානම න්‍යෂ්ටිය බවට පත් කරගත්තේය. ලෝකයේම රජයන් සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන ලෝක සෞඛ්‍ය සංවිධානය WHO වැනි ආයතන සිගරැට් භාවිතය අවම කිරීමට සහ සිගරට් සම්පූර්ණයෙන් නතර කිරීමේ ප්‍රයත්නය කඩිනම් කිරීමේ මහත් වෑයමක නිරත වෙමින් සිටියි. සිගරැට් ඕනෑම රටක සෞඛ්‍යයට හා ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල කරයි.

එවැනි තත්ත්වයක් තුළ මෙරට දුම්වැටි සමාගම් සහ මත්ද්‍රව්‍ය සමාගම්වලට රිසි සේ නටන්නට ඉඩ දීමෙන් සිදුවන්නේ රටේ ජනතාවගේ අනාගතය අන්ධකාර පටලයකින් වැසී යාම පමණි.

ටි්‍රක්සි ජයවර්ධන

SendShareShare
Previous Post

සජබෙ-නීතීඥ සංගමය අධිකරණයට යයි! ජනාධිපති ආ විගසම අධිආරක්ෂිත කලාප ගැසට් එක රිවස් කරන්න හදයි!

Next Post

දැන් බලයෙ ඉන්නෙ රාජපක්ෂ රූකඩයක්! මේක බියගුලු ආණ්ඩුවක්! රටම බංකොලොත් වුණත් ඕනෙ තරම් කඳුළු ගෑස් ගේනවා! සජිත් මහා පිළිගැනීමක් මැද කටුගම්පොලට යයි! (VEDIO & PHOTOS)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.