රටේ ආර්ථිකය කඩන් වැටුණේ කොරෝනා නිසා නොව මුදල් අමාත්‍යවරයාගේ, මහබැංකු අධිපතිවරයාගේ සහ මුදල් මණ්ඩලයේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත නිසා බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
ඒ අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට බරපතල පසුබෑමකට ලක්ව ඇති බව සැමටම පෙනෙන්නට ඇති කරුණකි. මෙයට ප්‍රධානතම හා එකම හේතුව ලෙස ආණ්ඩුව සෑමවිටම පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයයි. මෙම ආර්ථිකය බිඳවැටීමේ බර හා පීඩාව බරපතල ලෙස දරා ගැනීමට සිදුව ඇත්තේ රටේ සාමාන්‍ය ජනතාවටය.
රටේ මූල්‍ය ස්වභාවයේ අසාමාන්‍ය වෙනස්වීම් හෝ අස්ථාවරත්වයන් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවධියෙන් සිට සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වගකිව යුතු ආයතන පිහිටුවා තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව අන් කිසිදු රටක් මුහුණ නොදුන් ආර්ථික අවපාතයකට අප රට මුහුණ දෙමින් සිටින්නේ ඒ සම්බන්ධයෙන් වගකිව යුතු මුදල් අමාත්‍යවරයා, මුදල් මණ්ඩලය හා මහ බැංකුව තම කාර්යභාරය නිසි පරිදි ඉටු නොකිරීමේ හේතුව නිසාය.
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ දී 27/2යටතේ ඇසූ ප්‍රශ්නය මෙසේය.










