• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තලංගම ඇවරිහේන තෙත්බිමත් නැත්තටම නැතිවෙයිද?

February 8, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
තලංගම ඇවරිහේන තෙත්බිමත් නැත්තටම නැතිවෙයිද?
Share on WhatsAppShare on Facebook

කොවිඩ් 19 ගෝලීය වසංගතය දරුණු ලෙස පැතිර යන මේ මොහොතේ දී වරින් වර ඇති වන ගංවතුර, දැඩි සූර්‍ය රෂ්මිය, හරිතාගාර විමෝචනය, ආදී විවිධ බලපෑම් මඟින් මනුෂ්‍ය වර්ගයා වෙත රතු නිවේදන නිකුත් කරන බව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ නවතම වාර්තාව මගින් හෙළි කරයි. වර්තමානය වන විට ලොව පුරා ජෛව විවිධත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන ප්‍රදේශ ජෛව විද්‍යාත්මකව ඵලදායි පරිසර පද්ධති ලෙස නම් කර ඇත. එම නිසා ම වනාන්තර සහ ගොවිබිම් කළමනාකරණය කිරීම සිදු වුවත්, බොහෝ පරිසර පද්ධති විනාශ වීමේ තර්ජනයට ලක්වී ඇති බව පැවසිය යුතු ම කරුණකි. මිරිදිය සැපයුමල ආහාර, ජීවනෝපාය සහ ගොඩනැගිලි ද්‍රව්‍යල අත්‍යවශ්‍ය ජෛව විවිධත්වය, ගංවතුර පාලනයල භූගත ජලය නැවත ආරෝපණය කිරීම, ඔක්සිජන් නිෂ්පාදනය, කාබන් අවශෝෂණය, සෞඛ්‍යයට හිතකර පිරිසිදු වාතය ලබා දීම වැනි විවිධ ප්‍රතිලාභයන් ලබා ගැනීමට මෙන් ම, දේශගුණික විපර්යාස අවම කිරීමට සහ එම විපර්‍යාසයන්ට අනුවර්තනය වීම සඳහා ද තෙත් බිම් අත්‍යවශ්‍ය වේ.

තලංගම ඇවරිහේන තෙත්බිම් විනාශවීමේ තර්ජනයක

වර්තමානයේ දී ගෝලීය වශයෙන් මෙන් ම ජාතික මට්ටමින් ද තෙත් බිම් දැඩි අවදානමකට ලක්ව ඇති අතර, සංවර්ධන කටයුතු හේතුවෙන් කොළඹ සහ ඒ අවට තෙත් බිම්වලින් 40%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් විනාශ වී ඇතග රාජගිරියේ සිට අතුරුගිරිය දක්වා ගුවන් අධිවේගී මාර්ගයක් යෝජනා කිරීමත් සමඟ මෙම තත්ත්වය තවත් වර්ධනය වී ඇති බව පැවසිය යුතු ම ය. මෙම ව්‍යාපෘතිය කොළඹ තලංගම ඇවරිහේන තෙත් බිම් ප්‍රදේශයේ කිලෝමීටර් 3.1ක් හරහා ඉදි කිරීමට නියමිත අතර, අවදානමට ලක්ව ඇත්තේ හුදු වගුරු බිමක් හෝ වෙල්යායක් පමණක් නොවන බව අවධාරණය කළ යුතු ය. ගංවතුර පාලනයල කාබන් අවශෝෂණය වැනි බහුවිධ භූමිකාවන් ඉටු කරන තලංගම ඇවරිහේන තෙත්බිම්, ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති, දුර්ලභල අද්විතීය සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි ජෛව විවිධත්වයක් සහිත සුවිශේෂී කලාපයකි. කාබන් පියසටහන අවම කිරීම, දේශගුණික විපර්යාස අවම කිරීම, විවිධ ජීවී විශේෂ සඳහා ඔක්සිජන් නිෂ්පාදනය, වී ගොවිතැන සහ ආහාර නිෂ්පාදනය, පිරිසිදු වාතය, පක්ෂි නිරීක්ෂකයින් සහ පරිසර පර්යේෂකයන් සඳහා යෝග්‍ය වීම ආදී වරප්‍රසාද ලබා දෙන එම කලාපය චිත්‍රපට නිෂ්පාදකයින් ගේ හා මංගල ඡායාරූප ශිල්පීන්ගේ ආකර්ෂණයට පාත්‍ර වී ඇති, දෘශ්‍ය අලංකාරය සහිත සන්සුන් පරිසර පද්ධතියකි.

වර්තමානය වන විට කොළඹට ආසන්නව ඉතිරිව ඇති හරිත බිම් කිහිපයෙන් එකක් ලෙස සැලකෙන මෙම ඓතිහාසික ප්‍රදේශයේ සුවිශේෂත්වය සඳහා ඉහත සියලු ම සාධක බෙහෙවින් බලපා ඇත. රැම්සා තෙත්බිම් ප්‍රතීතන යෝජනා ක්‍රමය යටතේ දකුණු ආසියාව තුළ අවධානය දිනා ගත් එක ම නගරය මෙන් ම, එක ම අගනුවර ලෙස සැලකෙන කොළඹ නගරයට අයත් තෙත්බිම් 7 අතරට මෙම තලංගම තෙත්බිම ද ඇතුළත් බව සඳහන් කළ යුතු ම ය. අධිවේගී මාර්ග ව්‍යාපෘතිය තලංගම තෙත්බිම හරහා ඉදිවුවහොත් එහි දී දිනයේ පැය 24 පුරා සිදු වන කාබන් විමෝචනය සහ ශබ්ද දූෂණය නිසා ඒ අවට ජීවත් වන දහස් ගණන් නිවැසියෝ මහත් අපහසුතාවට පත් වෙති. එමෙන් ම මෙම ප්‍රදේශයේ ජීවත් වන සංක්‍රමණික පක්ෂීන් ඇතුළු දුර්ලභ පක්ෂි විශේෂ වලට ද ඉන් හානි සිදු වේග යෝජිත ව්‍යාපෘතිය මගින් මෙම ප්‍රතිස්ථාපනය කළ නොහැකි, අමිල පරිසර පද්ධතියට වන හානිය, එම ව්‍යාපෘතිය සඳහා වැය වන මුදලට වඩා කිහිප ගුණයකින් වැඩි වන බව පැවසිය යුතු ම කරුණකි. මෙහි දී සිදු වන පරිසර හානියට අමතරව, විනාශ වන නිවාස, ගොඩනැගිලි හා දේපළ ද සිය ගණනකි.

නීතිමය මූලධර්ම

මෙහි දී මහජන විශ්වාසය පිළිබඳ නීතිමය මූලධර්මවල වැදගත්කම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු වේ. සෞඛ්‍යයට හිතකර පරිසරයක ජීවත් වීම සඳහා ජනතාව සතු අයිතිවාසිකම්, තිරසාර සංවර්ධනයට සමගාමීව ආරක්ෂා විය යුතු ය. එය ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාභාවික සම්පත් කෙරෙහි රජය සතු පරමාධිපත්‍යය, ජනතාවගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම තහවුරු කිරීම වෙනුවෙන් යෙදවිය යුතු ය. සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) මගින් ජනතාවට ස්වාභාවික සම්පත් පූර්ණවශයෙන් භුක්ති විඳීමට සහ ආර්ථිකමය, සාමාජීය හා සංස්කෘතිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කරගැනීම සඳහා අවශ්‍ය සහජ අයිතීන් තහවුරු කර යි. එහි අයිතිවාසිකම් (ICESCR) 1 සහ 25 යන වගන්ති මගින් ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් මෙන් ම, තෙත්බිම් පිළිබඳ ජාත්‍යන්තර රැම්සා සම්මුතිය ද ආවරණය කරන අතර, එහි දී ශ්‍රී ලංකාව ද රාජ්‍ය පාර්ශවයක් වශයෙන් මෙම සම්මුතිය සමඟ බැඳී ඇති බව සිහිපත් කළ යුතු ම කරුණකි.

සම්බන්ධ වෙනත් මූලාශ්‍ර

– එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අලුතින් හඳුන්වා දෙන ලද ,’ජෛව විවිධත්වයේ ප්‍රධාන ප්‍රවාහයන් වෙනුවෙන් වන ස්වාභාවික ප්‍රාග්ධන ගිණුම්කරණය’හි සඳහන් වන පරිදි පාරිසරික තිරසාරත්වයේ වඩාත් වැදගත් ප්‍රතිපත්තිමය ගැටලුවලින් එකක් ලෙස මානව ක්‍රියාකාරකම් හා සංවර්ධනය දැක්විය හැකි අතර, එමගින් පරිසරයට සිදු කරන බලපෑම් කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ය. මෙම පාරිසරික ආර්ථික ගිණුම්කරණ පද්ධතිය (SEEA) එම ක්ෂේත්‍රය ආවරණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රථම ජාත්‍යන්තර සංඛ්‍යාන ප්‍රමිතිය වන අතර, ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ මේ වන විටත් නිකුත් කර ඇත. එම නිසා ම ලෝකයේ සීමිත හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් අනාගතය සඳහා සුරැකීමට නම් මෙවැනි මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළ යුතු ය.

– තලංගම තෙත්බිම් (EPA) වැනි ප්‍රතිස්ථාපනය කළ නොහැකි හා අද්විතීය පරිසර පද්ධතියකට සිදු වන හානි වළක්වා ගැනීම සඳහා වෙනත් විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ දී දැරීමට සිදුවන අමතර පිරිවැය කළමනාකරණය කරගැනීම සඳහා මූල්‍යමය වශයෙන් හරිත බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කළ යුතු ය. එමගින් රටේ වැදගත් පරිසර පද්ධතියක් සදහටම විනාශ වීම වළක්වාගැනීමට මෙන් ම, අත්‍යවශ්‍ය අවස්ථාවල දී රට තුළට විදේශ මුදල් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ද පවතී. අතිගරු ජනාධිපතිතුමාගේ .සෞභාග්‍යයේ දැක්ම. ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව කටයුතු කරමින් තිරසාර සංවර්ධන ඉලක්කයන් කරා යාමට රජය දක්වන උනන්දුව මෙවන් වැඩසටහන් මගින් සැබවින් ම පිළිබිඹු වන අතර, එය ජාත්‍යන්තර වශයෙන් රජයේ ප්‍රතිරූපය ඉහළ නංවාගැනීමට විශාල රුකුලක් වනු ඇති බව පැවසිය හැකි ය.

– එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ නාගරික වශයෙන් මහාමාර්ග ඉදිකිරීමෙන් පසු ඒවා කඩා දැමීම, එම ව්‍යාපෘතිවල නිෂ්ඵල බව පෙන්වන සාක්ෂි ලෙස සඳහන් කළ හැකි ය. මාතෘභූමියේ සහ අනාගත පරපුරේ තිරසාරත්වය වෙනුවෙන් තීන්දු තීරණ හා ක්‍රියාමාර්ග ගැනීමේ දී මෙවැනි සාක්ෂි පදනම් කරගැනීම පිළිබඳව රජය දැඩි ලෙස අවධානය යොමු කළ යුතු ය.

විකල්පයන් ඇති විට දී රටේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි පාරිසරික සම්පතක් සදාකාලිකව විනාශ කරමින් ගුවන් අධිවේගී මාර්ගයක් ඉදි කිරීම සඳහා බදු ගෙවන මහජනතාවගේ මුදල් යෙදවීම මුග්ධ ක්‍රියාවකි.

මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවකට අනුව BOT ව්‍යාපෘතියට සම්බන්ධ වසර 15ක කාල වකවානුව තුළ, ශක්‍යතා පරතරය පියවීම සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 106.5ක් නැතිනම්, ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වැනි දැවැන්ත පිරිවැයක් දැරීමට සිදුවීම ගැටලු සහගත ය. එම පිරිවැය, ප්‍රතිස්ථාපනය කළ නොහැකි හා අද්විතීය පරිසර පද්ධතියකට සිදුවන හානියේ පිරිවැයට අමතරව රටට දැරීමට සිදුවන අනවශ්‍ය වියදමකි. විශේෂයෙන් ම වත්මන් ආර්ථික තත්ත්වය දෙස බලන විට එය මෙරට පුරවැසියන්ට දරාගත නොහැකි තරම් දරුණු වනු ඇත.

නිගමනයන්

ඉහතින් සඳහන් කර ඇති කරුණු පරිසරයට සිදුවන දැඩි බලපෑම් ලෙස දැක්විය හැකි අතර, මෙම ව්‍යාපෘතිය සම්බන්ධව 2020.06.09 දින පැවති විශේෂ රැස්වීමට සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2021.06.10 දින සිදු කෙරුණු ස්ථානීය චාරිකාවකට අනුව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත 2020..06.16 වන දින යොමු කරන ලද ලිපියක මෙම කරුණු සඳහන් වේ.

මෙම සුවිශේෂී තෙත් බිම මත ගුවන් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම අනිවාර්‍යයෙන් එම ප්‍රදේශයේ ජෛව විවිධත්වයට හානි කරයි. එමෙන් ම මෙහි බලපෑමක් ලෙස ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවදානම වැඩි විය හැකිය.

එමෙන් ම EPA කලාපය තුළ ගුවන් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා ජාතික පාරිසරික පනත යටතේ නීත්‍යනුකූල නොවන ක්‍රියාවකි. එමෙන් ම මෙම තෙත් බිම විනාශ කිරීම රැම්සා සම්මුතිය යටතේ තෙත්බිම් නගරයක් ලෙස ලබා තිබෙන ජාත්‍යන්තර ප්‍රතීතනයට ද අහිතකර ලෙස බලපානු ඇත.

ඉහත සඳහන් කරුණු පරිසරයට දැඩි ලෙස බලපෑමක් සිදුවන කරුණු වන අතර, මෙම අවශ්‍යතාව සඳහා පාරිසරික හා සාමාජීය බලපෑම් අවමල වඩා හොඳ විකල්පයක් සොයා බැලිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ WRහි අදහසයි.

2021 පෙබරවාරි මාසයේ දී මෙම කරුණ පිළිබඳව නීතිපතිවරයාගේ මතය ප්‍රකාශයට පත් කෙරුණු අතර, එහි දී නීතිපතිවරයා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක පහත කරුණු දක්වා ඇත.

– ජාතික තෙත්බිම් ප්‍රතිපත්තියට සහ ජාතික පාරිසරික පනතට අනුකූලව EPA කලාපයක් තුළ හෝ ඊට යාබදව සිදුකෙරෙන ඕනෑ ම ක්‍රියාකාරකමක් පරිසරයට අහිතකර බලපෑමකින් තොරව සිදු කළ යුතුය.

– තෙත්බිම් ආශ්‍රිත කටයුතු සම්බන්ධීකරණය කළ යුතු ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය හඳුනාගෙන ඇති අතර ඒ අනුව තෙත්බිම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ 1.1 වගන්තිය බලාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය බැඳී සිටී.

– තලංගම තෙත් බිම EPA ලෙස ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයේ යම් සංශෝධනයක් සිදු කරමින් විෂය භාර අමාත්‍යවරයාගේ නිර්දේශය මත, ගුවන් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වැනි නව ව්‍යාපෘතියකට අවසර ලබා දීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගතහොත්, එය ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීමක් වනු ඇත.

– 2020.03.05 දින නිකුත් කෙරුණු අංක 1487/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි, රාජගිරියේ සිට පිටත වටරවුම් අධිවේගී මාර්ගය දක්වා යෝජිත මංතීරු හතරක ගුවන් අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී තලංගම පරිසර ආරක්ෂණ ප්‍රදේශය EPA මඟ හැරිය හැකි විකල්පයන් පිළිබඳව සලකා බලන ලෙස ව්‍යාපෘති යෝජකයාට දන්වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් ලබා දී ඇත.

ඉහත සඳහන් සියල්ලෙහි සඳහන් කර ඇති නෛතික, විද්‍යාත්මක හා තාර්කික කරුණු පදනම් කරගනිමින් මෙරට වටිනා වත්කම් රැකගැනීමේ අවශ්‍යතාවල එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ‘ලෝක තෙත් බිම් දිනය’ සමරන මේ මොහොතේ දී අවධාරණය කළ යුතු ය.

SendShareShare
Previous Post

අපේ ඩිජිටල් ID එක හදන වැඩෙත් ඉන්දියාවට!

Next Post

ගම්මන්පිල කියපු දේ සජිත් තහවුරු කරයි! රට කඩන් වැටුණේ කොවිඩ් නිසා නෙමෙයි! මුදල් ඇමැතියි මහබැංකු අධිපතියි නිසයි! (VIDEO)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.