• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධර්මෙ එක්ක දයාව හොයමු….! Sri Lanka Latest News

February 7, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ධර්මෙ එක්ක දයාව හොයමු….! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකෙ කොහේවත් රනින් හදපු මිනිස්සු නෑ. රිදියෙන් හදපු මිනිස්සුත් නෑ. මිනිස්සු ඔක්කොම එකයි. හැමෝටම තියෙන්නෙ ඇට ලේ මස් නහර. හැමෝගෙම ඇඟේ දුවන ලේ රතු. එක එක වර්ගවලට වෙන් වුණත් ඒ ලේ ලේම තමයි. හැමෝම හුස්ම ගන්නවා. එකිනෙකාට වෙනස් වේගවලින් වුණත් හැම හදවතකම එකම හැඩයක රටාවක් තියෙන්නෙ.
ඒත් සමහර මිනිස්සුන්ට සමහර වෙලාවට දෙවියො විශේෂ දේවල් දෙනවා. සමහර මිනිස්සු ඒ දේවල් පාවිච්චි කරනවා පරිස්සමට. සමහරවිට ඒක හඬ වෙන්න පුළුවන්. සමහර විට ඒ ඇස් වෙන්න පුළුවන්. සමහර විට ඒ දෙපා වෙන්න පුළුවන්.Sri Lanka Latest News

මේ මනුස්සයා මම හිතන්නෙ ඒ වගේ කියලා. මේ මනුස්සයට දෙයියො දීපු මහා බලයක් තියෙනවා. අන්න ඒ බලය හංගපු මායාකාරී අකුරු ඔහු සතුයි. පත්තරවල ස්වරණමය යුගයේ ඉන්ද්‍රජාලික කාර්යභාරයක් ඉටුකරපු ඔහු පුරාවෘත්තයක්. අප දන්න කාලේ ජීවත් වුණු දක්ෂතම ගවේෂණශීලී මාධ්‍යවේදියා ඔහුය කිව්වොත් කිසිවෙක් මා හා උරණ නොවේවි.

මේ කතාව කියන්නෙ මම නෙමෙයි. ඔහු ගැන මා එක්ක කියන්නෙ ‘මව්රට’ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සහ ප්‍රධාන කර්තෘ තුෂාර ගුණරත්න මහත්තයා. මම ඔහු කී කතාවට අඩු වැඩිය එක්කරලා ඔබට කියන්නම්.

‘ජීවන, ඔය කාලේ මමත් ලිව්වා. හුඟාක් දක්ෂයො පත්තරවල හිටපු කාලයක් ඒක. ඉතාම ලස්සනට ලියන්න පුළුවන් අය ඒ කාලෙ හිටියා. ඒත් අපි වගේම නෙවෙයි ධර්මන්. ධර්මන්ගෙ තිබුණ සබඳතා එක්ක එයා පුදුම විදියකට ගවේෂණාත්මක කාර්යභාරයක් කළා. එයා නිසා අපි මතුවෙලා පෙනුණෙ නෑ. එයා තමයි හැම වෙලාවකම ඉස්සරහින් හිටියෙ…’

මේ කතාව කියන්නෙ පත්තර ලෝකෙ එසේ මෙසේ කෙනෙක් නෙමේ. පත්තර හදපු, ගොඩනගපු , අකුරුවලින් ලොකු පොඩි ඕනෙ ජගතෙක් එක්ක හැප්පුණු කෙනෙක්. එහෙම මනුස්සයෙක්ගෙන් මේ තරම් රෙකමදාරුවක් ලබන එක ලේසි දෙයක් නෙමේ. ඔහු මේ කියන්නෙ ධර්මන් වික්‍රමරත්නයන් ගැන. ‘ජවිපෙ දෙවැනි කැරල්ල’, ‘කොම්රේඩ් ලයනල්’, ‘ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල’, ‘සටනෙන් සටන’, ‘ගින්නෙන් උපන් ගිනිපුපුරු’ ඇතුළුව පොත් පනහකට වැඩි ගණනක් ලියපු ධර්මන් වික්‍රමරත්නයන් ගැන. ඔබට ඔහු ගැන ඉතා කෙටියෙන් පැහැදිලි කරගන්න අවශ්‍ය නම් මම යෝජනා කරන්නෙ ඔබ ‘සටනින් සටන’ පොතේ කවර වැස්ම බලන්න. ඒ ඇති.
‘මේ මොකාටද එන්නෙ…..’

දැන් ඔබට හිතෙනවා. මම කියන්නම්. ඔහු පහුගිය දවසක අපූරු වැඩක් කළා. මම ඒක අපූරුයි කියන්නෙ අතිශය අවංකව. මම විශ්වාස කරනවා මම වගේම ඔබත් මේ පොත කියෙව්වට පස්සෙ ඒකට එකඟ වේවි.

නවකතා පොතක් ලියන එක කෙටිකතා පොතක් ලියන එක ඒ තරම්ම අමාරු දෙයක් නෙමේ. ඔබ ලියන්නෙ ඔබේ කතාවක්. ඔබට ඕනෙ වෙලාවට චරිත උපද්දවන්නත් පුළුවන්. චරිත මරලා දාන්නත් පුළුවන්. ඒ චරිතවල අයිතිකාරයො නෑ. නීතිය, අධිකරණය, පොලිසිය අපේ අකුරුවලට හරහට ඉන්නෙ නෑ. ඔබ වැඩකරන්නෙ ඔබට ඕනෙ විදියට. ඒත් ලෝකයෙ සිදුවූ සැබෑ සිදුවීමක් පොතක ලියන එක පහසු නෑ. ඒකට හේතු කීපයක්ම තියෙනවා.

ඇත්ත කතාවක අග මුල රසවත්ව ගළපන්න බෑ. ඒ කතාවෙ කිසිම කොටසක් වෙනස් කරන්න බෑ. කතාව රස කරන්න අඩු වැඩිය එක් කරන්න ඔබට අයිතියක් නෑ. මේ මරණය තෝරගත්ත මිනිස්සු මහපොළොවෙ හුස්මගත්ත මිනිස්සු. ඒ මිනිස්සු එක්ක ජීවිතේ වෙනුවෙන් පොරකාපු එවුන්ට තාම පණ තියෙනවා. උන් ඇස් කන් ඇරන් බලන් ඉන්න තැනක කාටවත් කතන්දර ගොතන්න බෑ. හැම කතාවකටම සාක්ෂිකාරයො ඉන්නවා. සැඟවෙමින්, එබෙමින්, නිසල වෙමින් සහ සසල වෙමින් ගලායන්නෙ ජීවිත. ඒ නිසා ධර්මන් වික්‍රමරත්න කරන මේ වැඩේ මට පේන්නෙ ගොරෝසු කළු ගලකින් සුමට කාන්තා රූපෙක මෘදු මුහුණක් කැටයම් කරනවා වගේ. එක අකීකරු කුලුගෙඩි පාරකින් ඒ මුහුණට හානි වුණොත් ආයෙ කවදාවත්ම ඒ කළුගල පිළිමයක් වෙන්නෙ නෑ. ඒ වෙනුවෙන් තියෙන්න ඕනෙ අසීමාන්තික හික්මීමක්. මේ කතාව ගොඩනගන අතරෙත් ඔහු රකින්නෙ ඒ වගේ සීමාවක්.

දයා පතිරණ සිදුවීම ලංකාවෙ අතිශය ආන්දෝලනාත්මක සිදුවීමක්. ඒකට හේතුව ඔහු සරසවි ශිෂ්‍යයෙක්ව සිටියදීම මියයාමම නෙවෙයි. මීට දශක කීපයකට පෙර සරසවි සිසු ඝාතන ලංකාවෙ අතිශය අහඹු බවට පත්වෙලා තිබුණෙ නෑ. විශේෂයෙන් 88-89 කාලයෙ සරසවි ශිෂ්‍ය නායකයන්ගෙ ජීවිත අතිශය සිල්ලර මට්ටමක තිබුණෙ, හැමදාකම වගේ අඳුර රුප්පා අස්සෙන් එළියට ආවෙ කුරුමානම් අල්ලගෙන. මොන ජගතෙක්ට වුණත් හුජ්ජ බර හැදෙන තාලෙ මූසලකමක් ඒ අඳුරෙ කලවං වෙලා ගමට ආවා. ඉඳහිට ඇහෙන වෙඩි සද්දයක් එක්ක ගව් ගානක් දුර පැතිරෙන්නෙ මීයට පිම්බා වගේ නිහඬ බවක්. ඒ කාලෙ මිනිස්සුන්ට ඒ හැමදේම හුරුයි.

මරණයේ බර අඩි හඬට හිත් හුරු වුණාම මිනිස්සු මළ කඳන් වගේ ඔහේ ජීවත් වෙනවා. ඒත් දයාපතිරණ මැරෙන්නෙ ඒ ලැයිස්තුවෙ මරණ හිමිකාරයෙක් විදියට නෙමේ. ඔහු මේ බොහෝ දෙනෙක්ට වඩා ඉක්මන් වුණා. ඔහු ගියෙ කලින්ම. සමහරු කියන විදියට ලංකාවෙ පළමු සරසවි ශිෂ්‍ය ඝාතනය දයා පතිරණ.

දයා පතිරණගේ කතාව අග මුල පැටලුණු ප්‍රහේළිකාවක්. ඒක සාමාන්‍ය හැඩයෙ මරණයක් නෙමේ. ඒ මරණය සම්බන්ධව චෝදනා ලබපු ප්‍රසිද්ධ මිනිස්සු ඉන්නවා. සමහර අත්වල ලේ ගෑවිලා කියලා විශ්වාස කරන්නවත් බෑ. සමහරු සුදු සාටක දාගෙන මිනී මරන නාට්‍ය ඉස්සර අඳුරු අහුමුලුවල තිබුණා. ඔහුගෙ මරණය, ඔහු මැරූ බවට සැකකළ අයගෙ මරණ, ඔහුගෙ අනුප්‍රාප්තිකයන්ගෙ මරණ මේ සියල්ල එකම දම්වැලක වෙන වෙන පුරුක්.

ඔබ දයා පතිරණව දන්න හා නොදන්නාකම මේ පොත කියවන්න අදාළ වෙන්නෙ නෑ. පත්තරකාරයෙක් මරණයක ඉව දිගේ ඇවිදින හැටි ඔහු ඔබට කියාවි. කොයිතරම් දක්ෂ වුණත් ඝාතකයන්ට පත්තරකාරයෙක්ගෙ උකුසු ඇස්වලින් බේරෙන්න බැරි බව ඔබට මේ අකුරු පැහැදිලි කරාවි. සියල්ල නම්ගම් සහිතව කෙරෙන සවිස්තර ගවේෂණයක රස ඔබට විඳින්න අවශ්‍ය නම් ඔබ නිදහස් තැනෙක වාඩිවෙන්න. ඔබ ඔබේ වැඩ සියල්ලෙන්ම පැය කීපයකට නිදහස් වෙන්න. පිටු 413ක් අතර ඔබ ජීවත් වෙන්න ඉඩක් හදාගන්න වෙනවා. ලංකාවෙ 80 දශකයෙ ශිෂ්‍ය ව්‍යාපාරයේ සැබෑ ඇතුළාන්තය ඔබ ඉදිරියේ සිනමා පටයක් සේ දිගහැරේවි.

‘80 දශකයේ හිටපු ශිෂ්‍ය නායකයන්ගෙන් 90%ක් විතර මගේ වෘත්තීය මිතුරන්. දයා පතිරණගේ ඝාතනයට චෝදනා කරලා හතර දෙනෙක්ට පානදුර අධිකරණයේදී නඩු දැම්මා. මට එයින් දෙන්නෙක් හමුවුණා. ඝාතන සැලසුමට ඉදිරිපත් වුණු ආගිරිස් කොස්තා එක්ක එහෙම දීර්ඝ සාකච්ඡා කළා. දයා පතිරණ සමග සෝමසිරිත් පැහැරගැනීමට ලක්වුණා. දයා පතිරණ මැරුවට පස්සේ ඔහුටත් පිහියෙන් ඇන්නා. ඔහු මැරුණා කියලා හිතලා ඝාතකයෝ ගියා. නමුත් සෝමසිරි දිවි බේරාගත්තා. මේ පොත ලියද්දී මට සෝමසිරිත් හමුවුණා. මේ පොතේ සඳහන් විවිධ චරිත අද රටේ ප්‍රකට පුද්ගලයන්. එදා දයා පතිරණගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කළ හොරණ දිසා විනිසුරු ධම්මික කිතුල්ගොඩ පසු කලක පාර්ලිමේන්තු මහලේකම් වුණා. පාඨලී චම්පික රණවක, ගෙවිඳු කුමාරතුංග, නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු විශාල පිරිසකගේ තොරතුරු මේ කෘතියට ඇතුළත් වෙනවා…’
මේ, ඔහුගෙ වචන. ඔහු මේ පොත ලිවීම කොයි තරම් සාධාරණද සහ ඔහු නොලියා මේ පොත ලියන්නට වෙන සුදුස්සෙක් ඉන්නවද කියන එක ඔබට තීන්දු කරන්නයි මේ කොටස උපුටා ගත්තෙ.

මම මෙහෙම අවසන් කරන්නම්. ගලන ගඟක මුණුමුණුව හැඩයි. සමහර විට ඒක ගීයක් වගේ. ඈත අහසෙ සුදු පාට වලාසළු අස්සෙ අලුත් හඳක්. ඊට ඈතින් මෑතින් නිවෙන දිළිසෙන තරු කැට මතුවෙනවා. බටහිර අහස ලේ පාටයි. ඉර මරලා දාලා වගේමයි. ඒත් අහස හරි ලස්සනට පෙනෙයි. හැබැයි පටල ගන්න එපා ඒ මල් මිටියාවතේ මරණයක්. මේ පොතේ ඒ මරණය ගැන මිසක් මිටියාවතේ මල් ගැන නෙමෙයි. මේ මරණය ගැන කතාවක්. රාත්‍රියක ඇහුණු ගංගාවේ ගීතය ගැන නෙමේ. ඒ ගීය මුහුවුණු මරණීය කෙඳිරිය ගැන කතාවක්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කියපු සහන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ නෑ! බැංකු ණය සීමා දාලා! අධික ගාස්තු දඩ පොලී ගහලා! ව්‍යාපාර වැසීගෙන යනවා! ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටලු සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අමෙරිකාව ඉන්දියාවට ගහපු 50%ක තීරුබද්ද 18%ට අඩු කළා! අපිට 20%යි! හෙට අනිද්දා බංග්ලාදේශය ලබා දෙන තීරු බද්ද 18%ට අඩු කළොත් ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට මොකද වෙන්නේ? ආණ්ඩුවට උත්තර තියෙනවද? විපක්ෂනායක සජිත් කවුරුත් කතා නොකරන ප්‍රශ්නයකට ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.