අපේ රටේ විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල දී ගෞරව නාම ලබා ගන්නා බවත් එවන් තත්ත්වයක් මත පසුගිය දා ඇති වූ මහා ගංවතුරට හසුව පාදුක්ක වග පොළ ආසන්නයේ ඇති වක් ඔයේ ගසා ගෙන ගිය අඹු සැමි යුවලක් බේරා ගත් පාදුක්ක සිරි පියරතන විදුහලේ ඉගෙනුම ලබන 17 හැවිරිදි වියේ පසුවන චරිත්මා ජිනේන්ද්‍රි මාඉටිපේ නැමැති දියණියගේ විරෝධාර ක්‍රියාව අගයා ඇයට ද ගෞරවයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ඇය ඇයගේ ජීවිතයත් පරදුවට තබා මේ සිදු කර ඇත්තේ මහා පරාර්ථකාමී උසස් ක්‍රියාවක් බවත් මේ ගංවතුර නිසා ඇයගේ පොතපත, දේපල පවා විනාශ වී ඇති මොහොතක ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සමගි ජන බලවේගය රුපියල් දෙලක්ෂ පනස්දහසක පරිත්‍යාගයක් කරනා බවත් ඇයගේ මේ වීරෝධාර ක්‍රියාව කිසිම අවස්ථාවක මුදලින් තක්සේරු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය දා පාදුක්ක වක් ඔයේ ගසා ගෙන ගිය අඹූ සැමි යුවලක් බේරා ගත් පාදුක්ක සිරි පියරතන විදුහලේ ඉගෙනුම ලබන 17 හැවිරිදි වියේ පසුවන චරිත්මා ජිනේන්ද්‍රි මාඉටිපේ දියණිගේ එම වීර ක්‍රියාව ඇගයීමට ලක් කර ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු හොඳින් කර ගෙන උසස් පුද්ගලයකු ලෙස රටට සේවය කිරීමට හැකිවේවා යනුවෙන් ප්‍රාර්ථනා කරනා බවත් ඇයගේ මේ ක්‍රියාව රටේ සෑම පුද්ගලයකුටම ආදර්ශයක් බවත් එම නිසා ඇයට සිය ගෞරවය හා ප්‍රණාමය පුදකර සිටින බවත් රජයෙන් පවා ඇයට ලබා දිය යුතු ඉහළම ගෞරවය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

















