• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ නගරෙ තාම වැස්ස ගමන් වතුර පිරෙනවා! රටේ මැති ඇමැතිලා ගංවතුර නැවැත්තුවා කියනවා! ලස්සන කොළඹ ඉවරයි! ආශ්චර්යය දියවෙයි! Sri Lanka Latest News

June 8, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙන්න මෙහෙම සින්දුවක් තියෙනවා. සමහර වෙලාවට ඔයාලා අහලා ඇති.
‘කොළඹ නගරෙ රෑට පැරිස් නුවර වාගෙ දිලෙනවා
කැඩුණු ලොරි බස් කබලකට වෙලා කොල්ලෝ නටනවා
පෙනේ ආලෝකේ කහපාටට කෙළින් වීදියේ
මගේ බරබාගේ රෝදෙ ගිහින් වැටුණා කානුවේ
කොළඹ නගරෙ රෑට පැරිස් නුවර වාගේ දිලෙනවා’. (Sri Lanka Latest News)

කොළඹ නගරේ රෑට පැරිස් නුවර වගේ වුණාට දවාලට අපායක් වගේ. වැස්ස දවස්වලට කොළඹ තරම් අපිරිසුදු අප්‍රසන්න තැනක් නැහැ. මේක කොළඹ නගරයේ අවුරුදු දෙකක් තිස්සේ පිටකොටුවේ, කොටුවේ වීදි අස්සේ රහස් හොයන්න නාගරික ජනශ්‍රැතිය ගැන හොයන්න ඇවිදපු කෙනෙක් විදියට මේ පත්තරකාරයා හොඳටම දන්නවා. සමහර තැන් තියෙනවා ඒ වීදිවල තාර දාලත් නෑ, කොන්ක්‍රීට් දාලත් නෑ, කළුගල් අතුරලත් නෑ, වැලිත් නෑ, පසුත් නෑ. ඒවා තනිකරම මඩ පාරවල්. සමහර තැන් තමයි වෙසක් පෝය කාලෙට ජීවමාන අපාය පෙන්වනවා කිව්වම අපට මතක් වෙන්නේ. එහෙම කිව්ව කාලයක් තිබුණට අපේ දේශපාලකයෝ සමහර අය කිව්වා අපි කොළඹ නගරේ හදලා ඉවරයි. දැන් කොළඹ ලස්සනයි කියලා. සමහර අය ඇවිල්ලා තමන්ගේ දේශපාලන කැම්පේන් එකේ ඉහළින්ම තියාගෙන හිටියේ කොළඹ නගරය ලස්සන කරන එක. ජනාධිපතිවරු, ඇමැතිවරු බොහෝ දෙනෙක් මේ සෙල්ලම දැම්මා. එතකොට ඒගොල්ලෝ කිව්ව දෙයක් තමයි කොළඹ ප්‍රශ්න ඉවරයි, දැන් කොළඹ සුරංගනා ලෝකයක් වගේ, රෑට විතරක් නෙවෙයි දවල්ටත් කොළඹ පැරිස් නුවර වගේ කියලා. නෙළුම් කුලුන හැදුවට පස්සේ අපටත් හිතුණා කොළඹ ටිප් ටොප් එකට හදලා ඇති කියලා.

කොළඹ ජොගින් පාත් හදලා, කැට අල්ලලා, මල් පෝච්චි තියලා, තීන්ත ගාලා ජෑම් ගාපු පාන් කෑල්ලක් වගේ කොළඹ ලස්සන වුණා. ඔය ලස්සන එහෙන් මෙහෙන් අඩුවෙලා නන්නත්තාර වෙලා, විනාශ වෙලා, පිස්සු පීකුදු වෙලා යන්න පටන් අරගත්තේ මේ වතාවේ මහ වැස්සත් එක්ක. ඇත්ත කතාව මේ වතාවේ වැටිච්ච මහ වැස්ස හිතාගන්න බැරි විදියේ වැස්සක්. මාපකවල සඳහන් වෙච්ච අංකවලට අනුව ගත්තම මිලිමීටර් ප්‍රමාණ අනුව ගත්තම ඇහැලියගොඩට වැහැපු මිලිමීටර් 200 ඉක්මවූ වැස්ස වාර්තාගත ඉහළ යෑමක්. මොකද අපි දන්නවා ඇහැලියගොඩ මාපකයේ වැස්ස සඳහන් වෙලා තිබුණේ මිලිමීටර් 429ක විතර අගයක්. ඒක 400ට වැඩි අගයක් ගැනීම අපිට අපේ ජීවිත කාලෙ පුරාම අතිශය නුහුරු අත්දැකීමක් බවට පත්වුණා. ඒ නිසාම වැස්ස ලොකුයි, සැඩපහර වැඩියි, වතුරෙන් සිදුවෙච්ච හානිය වැඩියි. ඒක නිසා වැස්ස කරන හානියේ ප්‍රමාණාත්මකව විශාල බවක් තියෙන බව ඇත්ත. ඒත් සුරංගනා ලෝකයක් බවට පත්කරපු කොළඹට කොහොමද මේ වැලි කොට්ට උඩිනුත් වතුර එන්නේ? කැලණි ගඟේ දාපු වැලිකොට්ට උඩිනුත් කොළඹට වතුර ආවා. කොළඹ එක පැත්තක්ම යටවුණා. කොළොන්නාව වගේ ප්‍රදේශ සම්පූර්ණයෙන් යටවෙලා වීදිවල යන්න එන්න බැරි තරමටම නන්නත්තාර වෙලා මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙන තරමටම වතුර වැඩිවුණා.

පුවක්පිටියෙන් එහා පැත්තේ විශාල ජල කඳක් ගෙවල්වලට ගලාගෙන ආවා. සමහර ප්‍රදේශ ලියුම්කරු ලියන මොහොත වෙද්දිත් කැලණි ගඟ වටේ ප්‍රදේශ දිගින් දිගටම යටවෙමින් තියෙනවා. මේක අලුත් අත්දැකීමක් නෙවෙයි. අපි දන්නවා කපුගේගේ සින්දුවක් තියෙනවා ‘නාගලගම් වීදියේ වතුර ගැලූ සන්දියේ තෙමිච්ච කිකිළි වගේ නුඹ උන්නා කට සැර අම්මණ්ඩි’ කියලා. ඒ කියන්නේ නාගලගම් වීදිය තමයි ලංකාවේ තියෙන ප්‍රසිද්ධම ජල මාපකය පිහිටා තිබෙන තැන. ඒ කියන්නේ ගංවතුර අගය, ජල මට්ටම කොච්චරද කියන එක සටහන් වෙන තැන. සාමාන්‍යයෙන් ආමර්වීදිය වගේ ප්‍රදේශවලට වැහි පොදක් වැටුණත් ජලයෙන් යටවෙනවා. මහ වැහි අවශ්‍ය නෑ. ඒක ආමර්වීදියට නෙවෙයි පිටකොටුවට, බෞද්ධාලෝක මාවතට, බොරැල්ලටත් පොදු කාරණයක්. මහ වැහි වහින්න ඕනේ නෑ. පාර දෙපැත්තේ හදලා තියෙන පදික වේදිකා, කොන්ක්‍රීට් තාප්ප, කානු වගේ දේවල් නිසා වතුර එකතු වීමේ සම්භාවිතාව වැඩියි. හැබැයි මේ ඔක්කොම නිරාකරණය කරලා කොළඹ හැදුවට පස්සෙත් කොළඹ යටවෙයි කියලා අපි නම් හිතුවෙම නෑ. නමුත් මේ වතාවේ තමයි තේරුණේ මේ හැම දේශපාලකයම දාලා තියෙන්නේ සුපුරුදු පරිදි සෙප්පඩවිජ්ජාවක් කියලා. නිකන් කොළඹ හැදුවා, කොළඹ සුරංගනා ලෝකයක් කෙරුවා, ලස්සන කොළඹක් හැදුවා අරකයි මේකයි කියපු ‘යකඩ මිනිස්සු’ මලකඩ කාලා නිකන් බොරු ආටෝපෙකට අපි අහුවෙලා කියන එක දැන් පැහැදිලියි.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මැතිවරණයේදී ජයග්‍රහණය කරලා ජනාධිපතිවරයා බවට පත්වුණත් ඔහුව පසුව මහජනතාව විසින් එළවා දැමීමෙන් අනතුරුව අපි හිතුවා මේ ඔක්කොම ප්‍රශ්න නිරාකරණය වෙයි කියලා. මොකද එයා විතරයි බොරු කියලා තියෙන්නේ, එයා තමයි නරක, එයාව අයින් කළාම මේ ඔක්කොම ඉවරයි කියලා. හැබැයි බලාගෙන ගියාම එයා විතරක් නෙවෙයි බොරු කියපු තව කට්ටිය ඉන්නවා. තව මිනිස්සුන්ව රවට්ටපු කට්ටිය ඉන්නවා. එක්කෝ ඒගොල්ලෝ අපිව රවට්ටනවා, නැත්නම් ඒගොලන්ව නිලධාරීන් විසින් රවට්ටලා, එහෙමත් නැත්නම් මේ දෙගොල්ලොම එකතු වෙලා ජනතාව රවට්ටලා. දැන් මේ කතාවේ හරය තමයි හුඟක් යටවෙච්ච තැන්වල ඉන්න මිනිස්සු කියන්නේ මේක අදක ඊයෙක වෙච්ච දෙයක් නෙවෙයි අවුරුදු 20ක් 30ක් තිස්සේ අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා කියන එක. අපි වෙනුවෙන් කවුරුවත් එන්නේ නෑ, අපිට කවුරුවත් උදව් කරන්නේ නෑ, යටවුණාට පස්සේ ඇවිත් කෑම ටිකක් බෙදලා දුන්නම, බෝට්ටුවෙන් ඇවිත් අපිව ගොඩට අරගෙන පැත්තකින් තියලා ගියාම ආයෙත් අපි මොකද කරන්නේ අව්ව පෑව්වට පස්සේ වැස්ස ඉවර වුණාට පස්සේ තියෙන බඩු ටික සුද්ද කරගෙන අව්වට වේළිච්ච දේවල් ගේ ඇතුළට අරගෙන, විනාශ වෙච්ච දේවල් ටික වීසි කරලා දාලා පරණ පුරුදු විදියටම ජීවිතේ පටන් අරගන්නවා. ආයෙත් මැයි මාසේ අග වෙද්දී වහිනවා. ආයෙත් ගංවතුර දානවා. ආයෙත් අපි තෙමෙනවා. අපේ දේවල් අපිට අහිමි වෙනවා. අපි ගෙවල් දොරවල් දාලා පැනලා යනවා. ඉන් පස්සේ ආයෙත් ටික දවසකින් අපි ගංවතුරට හුරුවෙලා ගංවතුර බැහැලා ගියාට පස්සේ ගෙවල්වලට ඇවිත් සාමාන්‍ය විදියට ජීවත් වෙනවා.

දේශපාලකයෝ කියන්නේ ‘නෑ දැන් එහෙම වෙන්නේ නෑ, ඉස්සර වුණාට දැන් එහෙම වෙන්නේ නෑ. මගේ කාලේ මම කොළඹ යටවෙන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ආයෙත් කොළඹ යටවෙන්නේ නෑ…’ වගේ සුරංගනා කතන්දර. හැබැයි ආයෙ එහෙම වෙන්නේ නෑ කියලා හිතාගෙන හිටියට, වැස්සට පස්සෙයි අපිට තේරෙන්නේ නෑ, ඒ කරලා තියෙන්නේ බොරුවක්, ආයෙමත් අපි අනාතයි කියලා. ඒක නිසා මේ විදියට දිගින් දිගටම අනාත වෙන්න අපිට බෑ. රටේ මිනිස්සුන්ට බෑ. මේ ලස්සන කොළඹයි, අරකයි මේකයි කියාගෙන හදපු සුරංගනා කතා බයිලා බව තේරුම් අරගෙන, නිවැරැදි වැඩපිළිවෙළක් අරබයා ගොනාට අන්දන වැඩපිළිවෙළක් නොවී මේ කොළඹට නිවැරැදි පිළිවෙළක් දෙන්න පුළුවන් මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවලා තනතුරු තාන්න මාන්න දීලා කොළඹවත් අඩුම තරමින් මහ ගංවතුර තත්ත්වයෙන් මුදාගන්න කටයුතු නොකළොත් ඉස්සරහට ලෝකය ඉදිරියේ අපිට කලිසමක් ඇඳගෙන ඉන්න බැරි තැනකට පත්වෙන්න පුළුවන්. මොකද මේ ප්‍රධාන නගරය, වාණිජ අග නගරය, පාර්ලිමේන්තුව තියෙන්නේ මේ ආශ්‍රිතව. මේ සියල්ලම තියෙද්දීත් අපට තවමත් අඩුම තරමින් ගංවතුර දාන එක විතරක් නෙවෙයි වතුර දැම්මට පස්සේ ඒ වතුර බැස්මක් හදාගන්න බැරිවෙලා තියෙනවා. කැලණි ගඟ උතුරලා එන වතුරට අමතරව මහ වැස්සෙන් එකතුවෙන වතුර ටිකවත් කොහෙටවත් බස්සන්න වැඩපිළිවෙළක් හදාගන්න බැරිවෙලා තියෙනවා. කොළඹ ලස්සන කළා, දැන් ගංවතුර නෑ කියලා කිව්වට අඩුම තරමින් මහ වැස්සට වතුර එකතු වෙන එකවත් නවත්තන්න අපි ක්‍රමයක් හදලා නෑ.

ඒ නිසා මේ බොරු කිරීම නවත්තලා ඇත්ත කරන්න පුළුවන්, ඇත්ත කියන්න පුළුවන් මිනිස්සුන්ව තනතුරුවලට පත් කරගත්තොත් අඩුම තරමින් තව අවුරුදු 2ක් 3ක් ඇතුළතවත් ගංවතුරට යට නොවී වැහි වතුරට යට නොවී යන්තම් ජීවිතේ ගැටගහ ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආගමක් දහමක් නැති මාලිමාවේ අය ‌බෞද්ධ උරුමය වළලන්නයි යන්නේ! බලය නැතිව මෙහෙම නම් බලය ගත්තොත් කොහොමට හිටීද? බුද්ධ පූජාව තියන්නත් මාලිමාවෙන් අවසර ගන්න වෙනවා! මේ අයට ආගමක් දහමක් නෑ! මිහින්තලේ හිමිගෙන් මාලිමාවට යළි දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මහ රෑ ගංවතුරට පැන වක් ඔයේ ගසාගෙන ගිය යුවළක් බේරා ගත් පාදුක්කේ චරිත්මා සිසුවි‌යගේ වීර ක්‍රියාව සජිත් අගයයි! අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අත දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.