ලක්ෂ 220ක් වූ ජනතාව සමූහයක් ලෙස කඩාවැටීමකට ලක්ව ඇති මොහොතක මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%කට සහ රැකියා නියුක්තිය සඳහා 52%ක දායකත්වයක් ලබා දෙන මෙරට ආර්ථික ඩයිනමෝව වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් තමන් නොකරපු වරදක් තුළ අද බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දී ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මෙවැනි තත්ත්වයක් තුළ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර දැක්විය යුතු බවත් මොවුන්ට උදව් කළ යුතුය කියන දේ රජයේ වාර්තාවකින් පවා ඔප්පු වී ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් හරහා සංඛ්‍යාත්මකව මේ ක්ෂේත්‍රයේ සිදුව ඇති විනාශය පෙන්වා දී ඇති බවත් ඒ අනුව 59100ක් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් තාවකාලිකව වැසී ගොස් ඇති බවත් 204100ක් ස්ථිර වශයෙන් වැසී ගොස් ඇති බවත් කාන්තා ව්‍යවසායකයන් 11700කගේ ව්‍යාපාර තාවකාලිකව වැසී ගොස් ඇති විට 27600කගේ ව්‍යාපාර ස්ථිර ලෙස වැසී ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වාර්තාවේ 22 වැනි පිටුවේ සංඛ්‍යාත්මකව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් කඩා වැටීම තුළ හිතාමතාම ව්‍යාපාර හකුලවා ඇති බවත් තමන්ගේ පුද්ගලික අරමුදල් උපයෝගී කර ගෙන ණය ගැටලු විසඳීමට උත්සාහ ගැනීම, ව්‍යාපාරයේ ඉතිරිකිරීම් උපයෝගී කර ගැනීම මෙන්ම ගිනිපොලී කරුවන්ගේ ද ග්‍රහණයට ද ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙවැනි තත්ත්වයක් තුළ තවමත් අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වුවත් සමගි ජන බලවේග රජයක් තුළ ඒ සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් එළි දක්වන බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන්ට අප වගකීම වෙන්ම වගවිය යුතු බවත් ඒ අනුව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් වෙනුවෙන් වෙන් වූ වෙනමම ඒකකයක් ස්ථිපිත කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති හමුවකදී ය.
විපක්ෂයක් ලෙස සුපුරුදු සම්ප්‍රදායික ක්‍රියාදාමයෙන් ඔබ්බට ගොස් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ පැහැදිලිව මේ රටේ ආර්ථික ඩයිනමෝව වෙනුවෙන් පෙනී සිටි බවත් විටෙක ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා හවුලේ තානාපතිනිය සමඟ ගනුදෙනු කළ බවත් මෙහි දී ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය නියෝජිතවරයා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් විඳින දුක ගැන සංවේදී වී අප රටට ඩොලර් මිලියන 100 දක්වා සහනයක් ලැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සඳහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන්ගේ දායකත්වය මීට වඩා ලැබිය යුතු බවත් දෙසැම්බර් 15 වන තුරු මොවුන්ගේ දේපල වෙන්දේසි කිරීම අත්හිටුවීමට ගත් තීරණය මෙන්ම මෙම කාලය තුළ මොවුන් ශක්තිමත් කළ යුතු බවත් බැංකු පද්ධතියේ ස්ථායීත්වය වැදගත් මෙන්ම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් ද වැදගත් බවත් එම නිසා මේ පාර්ශ්ව ද්විත්වයම ආරක්ෂා කර ගත යුතු බවත් මෙම නව සාමාන්‍යකරණය සැබෑ සාමාන්‍යකරණයක් දක්වා පරිවර්තනය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.