පවතින අයහපත් කාලගුණය හමුවේ ගාල්ල,මාතර,රත්නපුර ඇතුලු දිවයිනේ ආපදා තත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ත්‍රිවිධ හමුදාවට,පොලීසියට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට උපදෙස් ලබාදීම අද (14) දින පස්වරුවේ සිදුවුණි.
දැනට බොහෝ ප්‍රදේශවල ඇතිවී තිබෙන ගංවතුර බැසයාම කඩිනම් කිරීමට ගංගාවල මෝය කට හාරා පුළුල් කිරීමටත් ,විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත්,නායයාම් අවදානම් ඇති කලාපවල ජනතාව ඉන් ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට සහ එම කටයුතු කඩිනමින් ඉටුකිරීමටත් මෙහිදී උපදෙස් ලබාදුණි.












