ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ලංකා සමාගම, 2022 මාර්තු මාසයෙන් අවසන් වූ වර්ෂය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 525 ක අලාභයක් වාර්තා කර තිබේ.
හය දහසකට වඩා වැඩි කාර්ය මණ්ඩලයකින් සමන්විත එයාර් ලංකා සමාගම, මෙරට තුළ ඇති වැඩිම අලාභයක් වාර්තා කරන රාජ්‍ය ආයතනයයි.
මේ වන විට රජය විසින් ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කර තිබෙන පාඩු ලබන රාජ්‍ය ආයතන අතර ශ්‍රී ලංකා ගුවන් සමාගමද සිටියි.
පසුගිය දෙසැම්බරයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 175 ක ණය පොලී ගෙවීම ශ්‍රී ලංකා ගුවන් සමාගම පැහැර හැර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්, එවකට එයා ලංකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා වූ පීටර් හිල් මහතා නෙරපා දැමීමෙන් පසුව ගෙවුණු කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් සමාගම කිසිදු දිනෙක ලාභ වාර්තා කර නැත.
පෞද්ගලික සංචාරයක් සදහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් සිටි හිටපු ජනාධිපති සහ 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ආපසු එන ගමනේ දී, එකී පිරිසට ආසන ලබා ගැනීම සදහා වූ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් හිටපු ජනාධිපතිවරයා පීටර් හිල් නෙරපා දැමුවේ ය.










