යාපනයේ සංචාරයක නිරත වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා යාපනය, ඓතිහාසික නල්ලූර් කන්දස්වාමි කෝවිලේ පැවති තේරු මංගල්‍යයට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය.Sri Lanka Latest News
නල්ලූර් කන්දස්වාමි කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍යය ඊයේ පෙරවරුවේ විශේෂ පූජාවන් සමඟින් ආරම්භ විය.
තේරු පෙරහැර නැරඹීමට ද එක්වූ සාගල රත්නායක මහතා, අනතුරුව කෝවිලේ පැවති ආගමික වතාවත්වලට සහභාගි විය.
පසුව සාගල රත්නායක මහතා උතුරු පළාතේ හින්දු ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට ද එක් විය.
හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.














