ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවය.
ඒ අනුව දෙසැම්බර් මස 12 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරිමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ කරනු ලබන්නේ 2022 වර්ෂයේ ජනවාරි මස 18 වෙනිදායි.
එම අති විශේෂ ගැසට් නිවෙදෙඅනය පහතින් දැක්වේ.











