මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද දිවුරුම් දුන්නේය.
ඔහු කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.
ඒ අනුව සබ්‍රි මහතා මුදල් අමාත්‍යවරයාට අමතරව අධිකරණ අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කරනු ඇත.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය










