සමගි ජන බලවේගය ඇතුළේ ගැටුමක් පවතින බවට ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, සියලුම මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් සදහන් කරමින් යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ අද (07) පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කටයුතු කොට ඇත.
මෙම යෝජනාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් සිදු කොට ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී සියලුම මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ ඇතැම් දූෂිත මාධ්‍ය සමගි ජන බලවේගය ඇතුළේ ප්‍රශ්න ඇති බවට පෙන්වීම සදහා සැලසුම් සහගත ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කර ඇති බවය.
ඒ අනුව සියලුම මන්ත්‍රීවරුන් පක්ෂ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා සමග සිටින බවට ඒකමතිකව යෝජනාව සම්මත කිරීමට පියවර ගෙන ඇත.
මෙම රැස්වීම සදහා රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, දිගම්බරම්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුලු සියලුම මන්ත්‍රීවරුන් සහභාගී වී සිටි බවද දැනගන්නට ඇත.










