යුරෝ 2020 පාපන්දු තරගාවලියේ සිය පළමු තරගයට මුහුණදීමට පෙර පැවති මාධ්‍ය හමුවට පැමිණි පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය මේසය මත තබා තිබුණු කොකාකෝලා බෝතල් 2ක් ඉවත් කළ ආකාරය මේ වනවිට ලොව පුරා මහත් කතාබහට ලක්ව ඇති පුවතක් බවට පත්ව තිබේ.
කොකාකෝලා බෝතල් දෙක ඉවතට දමා වතුර බෝතලයක් මාධ්‍යයට පෙන්වමින් ඔහු පෘතුගීසි භාෂාවෙන් ආග්වා (ජලය) යනුවෙන් ප්‍රකාශ කළේය.
ඔහු එහිදී පෙන්වා දුන්නේ කොකාකෝලාවට වඩා ජලය වඩාත් ප්‍රබෝධමත් පානයක් බවයි.










