ඉන්ධන මිල ඉහළ යෑම හේතුකොටගෙන ඊට සාපේක්‍ෂව බේකරි හිමියන් විසින් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව රුපියල් 5 සිට 50 දක්වා මුදලින් එම නිෂ්පාදන ඉහළ දමා ඇතැයි වාර්තා වේ.
බනිස්, මාළු පාන්, බිත්තර පාන්, ජෑම් පාන් ඇතුළු කෙටි කෑම වර්ග රුපියල් 5 සිට රුපියල් 10 ක් දක්වා ද, බටර් කේක් කිලෝ එකක මිල රුපියල් 50 කට ආසන්න මුදලකින් ද, වැඩි කර තිබේ.










