මහාමාර්ග දෙපස පිහිටි කඩාවැටීමේ අවදානමක් ඇති ගස් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. (Sri Lanka Latest News)
ඒ අනුව පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩාවැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳ වහා අධ්‍යයනයක් කර, මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත් කරන ලෙස ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයා විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.
ඊයේ (6) පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයා විසින් කඩිනමින් ප්‍රතිචාර දක්වමින් අපදා වැළැක්වීමේ පියවරක් ලෙස නිලධාරීන්ට මේ උපදෙස් දී ඇත.
dinamina










