ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දින මඩකලපුවේ සංචාරයක නිරත වූ අතර ප්‍රදේශයේ පොහොට්ටු දේශපාලකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමටද පියවර ගෙන තිබිණ.
මෙහිදී ජනාධිපතිවරයා පළමුව ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා හමුව තිබූ අතර ඔහුගේ උපන්දිනයට සුබ පතමින් කේක් ගෙඩියක් කැපීමටද පියවර ගෙන තිබිණ.
එම අවස්ථාවට පොහොට්ටුවේ ඩී.වීරසිංහ, විමලවීර දිසානායක යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ.
කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයා පිළිගැනීමට මඩකලපුව නගරය මැද තනා තිබූ වික්‍රමසිංහ මහතාගේ දැවැන්ත පිළිරුවය.
එය එකල මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදි කළ පිළිරූ පවා පරයන එකක් වී තිබිණ.
ඒ අනුව බොහෝ දෙනා විශ්වාස කරන්නේ ජනාධිපතිවරයා සිය ජනාධිපතිවරණ ඡන්ද සටන මඩකලපුවෙන් ආරම්භ කොට ඇති බවකි.













