• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිවරු කියන කියන ඒවාට අත්සන් කරන නිලධාරීන්ට මතක හිටින දඬුවමක්! තරුණ සේවා සභාවේ සංගීත තියන්න වියදම් කරපු මිලියන 538 නිලධාරීන්ගෙන් අය කරගන්න! විගණනයෙන් නියෝගයක්! Sri Lanka Latest News

July 7, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ඇමැතිවරු කියන කියන දහජරා වැඩ කරන නිලධාරීන්ට හොඳම වැඩේ! ඡන්ද කාලෙ තරුණ සේවා එකේ සංගීත තියලා වියදම් කරපු ආණ්ඩුවේ සල්ලි මිලියන 538 නිලධාරීන්ට ගෙවන්න වෙයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර ගන්නැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් නිර්දේශ කර තිබේ.Sri Lanka Latest News

එමෙන්ම රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නීති රීති රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කළ නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව හා නීතිමය කටයුතු සිදු කරන ලෙස ද එම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

මෙසේ නිර්දේශ නිකුත් කර ඇත්තේ, 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලපරිච්ඡේද තුළදී ජාතික තරුණ සේවා සභාව විසින් තාරුණ්‍යය පීඩාවෙන් මුදාගැනීම යන තේමාව යටතේ සිදු කරන ලද වැඩසටහන් 6ක විධිමත්භාවය, ඵලදායීත්වය, සභාවේ ප්‍රමුඛ අරමුණුවලට අනුකූලතාව පිළිබඳව සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවෙන්ය.

2024 පූර්ව ජනාධිපති මැතිවරණ කාලපරිච්ඡේදය වූ 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලය තුළදී තාරුණ්‍යය පීඩාවෙන් මුදාගැනීම සඳහා (Smart Youth) ස්මාට් යූත් අවුරුදු උත්සවය, ජාතික තරුණ වෙසක් උලෙළ, ජාතික තුරුණු පොසොන් කලාපය, තරුණ හමුව, 31 නයිට් යූත් සෙලිබ්‍රේටස් ( 31st Night Youth Celebration) හා ස්මාට් යූත් (Smart Youth) ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග පවත්වා තිබුණි.

මේ වෙනුවෙන් රුපියල් මිලියන 538.79ක් වැය කර තිබූ අතර, එයින් රුපියල් මිලියන 45.29ක් තවදුරටත් ගෙවිය යුතු මුදලක් ලෙස පැවත තිබේ.

එම වැඩසටහන් කිසිවක් සභාවේ ප්‍රමුඛතා කාර්යයන්ට අදාළ වැඩසටහන් වී නොතිබුණු අතර, ඒවා වාර්ෂික ක්‍රියාකාරි සැලැස්මේ ද ඇතුළත්ව නොතිබුණු බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මෙම වැඩසටහන් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදීමට අනුමත කර තිබූ රුපියල් මිලියන 496.25කින් රුපියල් මිලියන 74.20ක් පමණක් සභාව වෙත ලැබී ඇත. මේ නිසා ඉතිරි වියදම වූ රුපියල් මිලියන 464.59ක් සභාවේ වාර්ෂික ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් වැය කර ඇත.

ස්මාට් යූත් (Smart Youth) ප්‍රදර්ශන ඇතුළත් සංගීත ප්‍රසංග 03ක් හා සංගීත ප්‍රසංග 11ක් පැවැත්වීම සඳහා රුපියල් මිලියන 323.39ක මුදලක්, එනම්, මුළු වියදමෙන් 60%ක් වැය කර ඇත.

ස්මාට් යූත් වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමටත් පෙර ස්මාට් යූත් (Smart Youth) ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග 03ක් ද ඇතුළුව තවත් සංගීත ප්‍රසංග 05ක් පවත්වා රුපියල් මිලියන 259.83ක් වැය කර තිබේ.

2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණයේ නාමයෝජනා ඉදිරිපත්ව තිබීම නිසා මෙම ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග නොපවත්වන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය දැනුම් දී තිබියදීත් එය නොසලකා පැවැත්වූ මෙම වැඩසටහන්වලට අදාළ එක් ලිපිගොනුවක් අස්ථානගතව ඇතැයි ද විගණනය පවසයි.

ස්මාට් යූත් ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග පටිගත කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 12ක වියදමක් දරා ඇතත් එම වීඩියෝපට සභාවේ ඉන්වෙන්ට්‍රි ලේඛනයට ඇතුළත් කර නොමැත. ඒවා 2025 පෙබරවාරි 28 දින තෙක් විගණනය වෙත ඉදිරිපත් කිරීමට ද අපොහොසත්ව තිබේ.

සමස්තයක් ලෙස මෙම වැඩසටහන් 06 ක්‍රියාත්මක කිරීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය නොකර ප්‍රසම්පාදන කටයුතු සිදු කර ඇති බව ද විගණනය පවසයි.

ඒ අනුව සභාවේ ලියාපදිංචි වී නොතිබුණු නමුත් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නම් කරන ලද ආයතනවලින් පමණක් ප්‍රසම්පාදන සිදු කර තිබූ ටී – ෂර්ට් හා ස්කිනීස්, රූකඩ සංදර්ශන, තොරණ සැකිලි, කොඩි කණු වැනි දෑ ගොඩනැඟිලි ද්‍රව්‍ය සපයන සැපයුම්කරුවකුගෙන් මිලදීගෙන තිබිණි. සභාවේ පරිපාලිත සමාගමක් වූ යූත් සර්විසස් (ප්‍රයිවෙට්) ලිමිටඩ් ආයතනයට කොන්ත්‍රාත් පිරිනමා උප කොන්ත්‍රාත් ලබාදීම මඟින් ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම් ද නිරීක්ෂණය වී ඇත.

තවද, සභාවේ අභ්‍යන්තර විගණන අංශය විසින් සිදු කරන ලද ස්ථානීය පරීක්ෂා කිරීමේදී සැපයුම් සිදු කරන ලද ආයතන නොතිබූ බව සනාථ කර තිබිණි. ගෙවීම් සිදුකර තිබීම මෙන්ම, එකම කාර්යයට දෙවරක් හා අමතර ගෙවීම් කළ අවස්ථාවක් මෙන්ම නොකළ කාර්යයන් සඳහා ගෙවීම් කළ අවස්ථාවක් ද නිරීක්ෂණය වී ඇත. සභාවේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් (පෞද්ගලික) සමාගම, සභාවට ද්‍රව්‍ය සැපයීමේදී 10%ක ලාභාන්තිකයක් ද සමඟ මිල ගණන් ඉදිරිපත් කර තිබීමෙන් සභාවට එම ද්‍රව්‍ය හා සේවා ඍජුව සපයා ගැනීම මඟින් ලබාගත හැකිව තිබූ ලාභය අහිමි කරගෙන තිබිණි.

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ප්‍රජාව අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීම, සංස්කෘතික හා කලාත්මක කුසලතා වර්ධනය කිරීමට අවස්ථා ලබාදීම සහ මානසික ව්‍යාකූලත්වය ඇතිවීම වැළැක්වීමයි.

තරුණයන්ගේ උපරිම සහභාගිත්වය ඇතිව වැඩසටහන් පැවැත්වීම වුව ද ඒ වෙනුවට තරුණයන්ගේ දායකත්වය ලබාගැනීමට තිබූ අවස්ථා ද මඟහරිමින් බාහිර පාර්ශ්වයන්ගෙන් භෞතික හා මානව සම්පත් ලබාගනිමින් වැඩසටහන් මෙහෙයවා ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

යාපනය හා අම්පාර නගරවල එවකට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් “තරුණ හමුව නමින් අරමුණක් නිශ්චය කර නොගත් වැඩසටහන් දෙකක් පැවැත්වීමට රුපියල් මිලියන 29.31ක් වැය කර ඇත.

ඒ සඳහා කිසිදු ප්‍රතිපාදනයක් සිදු කර නොමැති බව ද එහි දැක්වේ. ඊට අමතරව අම්පාර පොසොන් කලාප වැඩසටහන යටතේ බාහිර පාර්ශ්වයක් විසින් සංවිධානය කළ වැඩසටහනක් සඳහා සභාව රුපියල් මිලියන 14.91ක් ද වැය කර ඇත.

31 නයිට් යූත් සෙලිබ්‍රේෂන් (31st Night Youth Celebration) වැඩසටහන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් නොමැතිව රුපියල් මිලියන 10.29ක් සභාව විසින් වැය කර තිබේ.

ඒ වෙනුවෙන් වියදම් දැරීමට රුපියල් මිලියන 5.0ක මුදලක් ආපසු ගෙවීමේ පදනම මත යෞවන සමාජ සම්මේලනයට ලබාදී තිබිණි. එහි ටිකට් පත් අලෙවියෙන් ලද රුපියල් මිලියන 6.86ක ආදායම සහ බියර් අලෙවිසල් 02ක් පවත්වා ලද ආදායම හා වැඩසටහනට ලැබුණු අනුග්‍රහ මඟින් ලද මුදල් ද සභාවට ලැබී නැත.

ජාතික වෙසක් උලෙළ නමින් ප්‍රතිපාදනයක් වෙන් කර නොතිබියදී ජාතික තරුණ මානසික සුවතා වැඩසටහන වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වෙන් කර තිබූ රුපියල් මිලියන 61ක් උපයෝජනය කර එම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

SendShareShare
Previous Post

නුවර වැව බලන්න ගිය ආණ්ඩුවේ මැතිඇමැතිවරු ඇතුළේ හිරවෙයි! එළියට එන්න බැරිවෙන්න වාරිමාර්ග සේවකයන් ඉබ්බො දමා ගේට්ටු වහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව රේගුවෙන් කන්ටේනර් එළියට දාන්න.. තිබ්බ ආණ්ඩුවලත් බලවත්.. මේ ආණ්ඩුවෙත් බලවත් මේ කොම්පැණිකාරයෝ 65 දෙනා කව්ද? අවුරුදු ගාණක් මොනවද මේවා රට ඇතුළට ගෙනාවේ? විපක්ෂයත් කතා කරන්නේ නැති කෑල්ල මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.