විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලු ප්‍රකාශන ධාරාවන් පාලනය කිරීම අරමුණු කොට ගෙන ප්‍රධාන කෙටුම්පත් තුනක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානමින් සිටින බවට විපක්ෂ මන්ත්‍රීවරුන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ ඇතුළු සංවිධාන රැසක් චෝදනා කර සිටිති.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දෙන්නේ මේ හරහා ජනතාවගේ භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම් රැසක් කප්පාදු කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවකි.
මෙහි පළමු කෙටුම්පත ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ ගැසට් කොට ඇති පනත් කෙටුම්පතය. දෙවැනි කෙටුම්පත වී ඇත්තේ නව ප්‍රතිත්‍රස්ත පනතය. තුන්වැන්න විකාශන අධිකාරි පනතය.
ආණ්ඩුව දැනට ගැසට් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත හරහා ‘ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදිනය කිරීම, අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම, අසත්‍ය ප්‍රකාශ මගින් කැරැලි ගැසීමක් සිදුකිරීම සඳහා නිකරුණේ ප්‍රකෝපකරවීම, අසත්‍ය ප්‍රකාශ මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම, ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, වංචා කිරීම, අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම, සාමය කඩකිරීමක් සිදුකිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතනාන්විතවම නින්දා කිරීම, කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම, හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම, ළමා අපයෝජන, වරදක් සිදුකිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම’ වරදක් ලෙස පෙන්වා දී ඇත.
මෙම වැරැදි පිළිබඳ සොයාබැලීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවක් පත්කිරීමට නියමිත අතර, එහි සාමාජිකයන් පස්දෙනාම පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.
ඒ අනුව, මෙම කොමිසම මගින් යම් අයකු වැරැදිකරුවකු ලෙස තීන්දු කළහොත් දඬුවම් කිරීමට හැකි පරිදි කෙටුම්පත සකස් කොට තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙම කෙටුම්පත හේතුවෙන් ජනතාවට සමාජ මාධ්‍ය හරහා හෝ සිය පෞද්ගලික මතයන් ප්‍රකාශ කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවකි.
එමෙන්ම ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතාද පෙන්වා දී තිබුණේ ආදාළ මාධ්‍ය නියාමනය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබියදී, මෙවැනි නව නීති අනවශ්‍ය බවත්, ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසම ස්වාධීන නොවන බවත්ය.
ඒ අනුව මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග මෙන්ම අධිකරණමය නොවන ක්‍රියාමාර්ගද ගතයුතු බව ඔවුන්ගේ මතය වී ඇත.