පහතරට එළවළු වගා කරන ගොවි බිම් ප්‍රමාණය සැලකිල්ලට ගෙන බැලීමේදී ලබන වසරේ අප්‍රේල් වන විට පහතරට එළවළුවල හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව හම්බන්තොට දිස්ත‍්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා නාලිකා රූබසිංහ කියා සිටියාය.
පහතරට එළවළු එනම් මෑ, බණ්ඩක්කා, කැකිරි, වට්ටක්කා වැනි වර්ග වගාකර ඇති බිම් මේ වන විට නිවාස, ගොඩනැගිලි ඉදිකිරීමට සහ මුඩු බිම් ලෙස අතහැර දැමීම ඊට හේතුවකි.
එළවළු වගාවන් සඳහා යොදන වල් නාශක හා කෘමිනාශක වර්ග වෙළෙඳපොළේ ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන නිසාවෙන් පහතරට එළවළු අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද ඇය කියා සිටියාය.
තවද එළවළු වගාවන් සඳහා ඉහළ මිල ගණන් යටතේ රසායනික තෙල් වර්ග ලබා ගැනීමට ගොවීන්ට නොහැකි වීමද මීට සෘජුවම බලපා ඇතැයි ඇය පෙන්වා දුන්නේය.
මෙම හේතූන් නිසා වගා කරන බිම් ප්‍රමාණය අඩු වන බැවින් එළවළු නිෂ්පාදනය අඩුවන බවද ඇය සඳහන් කළාය.
ඇය මේ බව අනාවරණ කරනු ලැබුවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකරගේ පරධානත්වයෙන් පැවැති හම්බන්තොට දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවේදීය.
ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවන එළවළු හිඟයට විසඳුමක් ලබා ගත හැක්කේ පහතරට එළවළු වගාකරන ගොවියා කුමන හෝ කරමයකට දිරිමත් කර මේ කාලය තුළදී එළවළු වගා කිරීම තුළින් පමණක් බවද දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය පැවසීය.










