• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උන් තමයි අරගලය පටන් ගත්තේ අවුරුදු 45කට කලින්! කියවන්න අන්තරේ විස්තරේ!

May 2, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
උන් තමයි අරගලය පටන් ගත්තේ අවුරුදු 45කට කලින්! කියවන්න අන්තරේ විස්තරේ!
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ඉතිහාසය පුරාවට අරගලය මතින් ගොඩනැගුණු වාමාංශික බහුජන ව්‍යාපාරයකි. 1935දී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවූ අතර එය ලංකාවේ පළමු වාමාංශික දේශපාලන ව්‍යාපාරය වශයෙන් තහවුරු විය. මෙම තත්ත්වය හේතුවෙන් සරසවි සිසුන් අතරද වාමාංශික දේශපාලන අදහස් ව්‍යාප්ත වූ අතර ශිෂ්‍ය ව්‍යාපාරය වාමාංශික හැඩයක් ඉසිලීමට එමගින් මූලික අඩිතාලම සැකසිණි. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීම මූලික කරගනිමින් ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ වන්නේ මෙම වාමාංශික දේශපාලන හැඩය නිසාවෙනි. දක්ෂිණාංශික දේශපාලනය අධ්‍යාපනය යනු වරප්‍රසාද ලත් පන්තියකට පමණක් සීමා වූ අයිතියක් වශයෙන් සැලකූ අතර අධ්‍යාපනය සමාජ අයිතියකි යන අදහස ලෝකයට ඉදිරිපත් කළේ සමාජවාදී අදහස් දැරූ අය විසිනි. 1848දී මාක්ස් සහා එංගල්ස් විසින් සකස්කළ කොමියුනිස්ට් ප්‍රකාශනයේ දේශපාලන ඉල්ලීම් අතර සර්ව ජන නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම මූලික සටන් පාඨයක් බවට පත්වන්නේ මේ හේතුවෙනි.

ලංකාවේ සරසවි ඉතිහාසයේ පළමු අරගලය පැන නගින්නේ 1949 වසරේදී පේරාදෙණිය සරසවි මණ්ඩපය මූලික කරගනිමිනි. සරසවි සිසුන් සඳහා පෞද්ගලික රථ ගාලක් සහ බත් පතට ලැබෙන බිත්තර භාගය වෙනුවට බිත්තරයක් ඉල්ලා මෙම අරගලය ක්‍රියාත්මක විය. නිදහස් අධ්‍යාපනය දිනාගත් මුල් කාලය වූ මේ යුගයේදී සරසවි අධ්‍යාපනය හිමිව තිබුණේ සමාජයේ වරප්‍රසාද ලත් සීමිත පිරිසකට පමණි. සංවිධානාත්මක මුල්ම ශිෂ්‍ය අරගලය 1962 වසරේදී රාජ්‍ය කලායතනය මූලික කරගනිමින් ආරම්භ විය. හැටේ දශකයේදී සිසුන්ට සිංහල භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමි වීමත් සියලුම පාසල් රාජ්‍ය මෙහෙයවීම යටතට ගැනීමත් ශිෂ්‍ය ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වීමට හේතු විය. සරසවි ශිෂ්‍ය ප්‍රජාවගේ පන්ති සංයුතිය වෙනස් වීමට එමගින් විශාල බලපෑමක් එල්ල විය.

මුල් කාලයේදී බිත්තරයක් දිනාගැනීම වැනි පටු අරමුණුවලට සීමා වූ සරසවි සටන් දේශපාලනික ස්වරූපයක් ගැනීමත් සමග පුළුල් වඩාත් පුළුල් ඉල්ලීම් දක්වා සටන් පාඨ පුළුල් විය. හැටේ දශකයේදී ඇවිළී ගිය අධිරාජ්‍ය විරෝධී සටන් එයට නිදසුනකි. කොංගෝවේ වාමාංශික නායක පැටි්‍රක් ලුම්බා ඝාතනයට එරෙහි අරගලය මෙන්ම ආසියාතික රටවලට කරනු ලබන ඇමෙරිකානු දේශපාලන මැදිහත් වීම්වලට එරෙහිවත් අරගලය ඉදිරියට පැමිණියේ මේ යුගයේදීය. 1965 වසර වන විට දැවැන්ත රාජ්‍ය මර්දනයක් සරසවි තුළ ක්‍රියාත්මක වූ නමුත් මර්දනයට නොබියව සරසවි සටන් දිගින් දිගටම ව්‍යාප්ත වන්නට විය. ශිෂ්‍ය සභාවලට නිල අයිතිය ඉල්ලීම ඇතුළු ඉල්ලීම් 12ක් මූලික කරගනිමින් පේරාදෙණිය සරසවියේ පැන නැගුණු අරගලය ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලනික භාවිතාව වඩාත් පුළුල් මාවතකට ප්‍රවේශ කිරීම හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන ලදී.

හැට හැත්තෑව දශකවලදී ලොව පුරා ඇවිළී ගිය සමාජවාදී විප්ලවීය අරගලය ලංකාවේ ජන විඥාණය කෙරෙහිද බලපෑමක් ඇති කළ අතර 1971 වසරේදී ලංකාවේ ධනේශ්වර දේශපාලනික ව්‍යුහයට අභියෝග කරමින් පැන නැගුණු ආයුධ සන්නද්ධ අරගලයට ඍජුව මැදිහත් වෙමින් ශිෂ්‍ය ව්‍යාපාරය ඉටුකළ කාර්යභාරය විශේෂිත වේ. එවකට පැවැති සිරිමාවෝ පාලනය විසින් සරසවි සිසුන් මර්දනය කිරීම සඳහා අමානුෂික මැදිහත් වීමක් කරන ලදී. සිය ගණනක් සරසවි ශිෂ්‍යයන් සාහසික ලෙස ඝාතනය වූ අතර එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලය විද්‍යෝදය සිර කඳවුර බවට පත්කරන ලදී. 1972දී ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ විශ්වවිද්‍යාල පනත මගින් සරසවි තුළට දේශපාලන අත පෙවීම් කළ හැකි පරිදි නීති සකස් කළ අතර ඒ ඔස්සේ සරසවි පරිපාලනය සඳහා ආණ්ඩුවේ ගැත්තන් පත් කරගන්නා ලදී. මේ කාලයේදී සරසවි තුළ ක්‍රියාත්මක වූයේ දැඩි ඒකාධිපති පාලනයකි. ශිෂ්‍ය සහ සේවක ඉල්ලීම් ප්‍රතික්ෂේප විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පේරාදෙණිය මණ්ඩපාධිපතිවරයා ඉවත් කරන්නැයි ශිෂ්‍ය ව්‍යාපාරය සරසවි සේවකයන් සමග දැවැන්ත සටනක් ක්‍රියාත්මක කරන ලදී. එම අරගලය අතරතුර 1976 නොවැම්බර් 12 දින රෝහණ වීරසූරිය ශිෂ්‍යයා පොලිස් වෙඩි පහරින් ඝාතනය විය.

රාජ්‍ය මර්දනය හමුවේ වඩාත් සංවිධානාත්මකව අරගල කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් බවට පත් විය. මෙතෙක් පැවැති රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය වෙනුවට 78 දී ගෙන එන ලද විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මගින් අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු මූලික අයිතිවාසිකම් කප්පාදු වීම සහ වෙළෙඳ භාණ්ඩකරණය වීම ආරම්භ වූ අතර මේ තත්ත්වයට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධානාත්මකව අරගල කිරීම ආරම්භ විය. 1978දී සියලු සරසවිවල ශිෂ්‍ය සංගම් පොදු ඒකීය ව්‍යුහයක් තුළට ඒකරාශී වෙමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පිහිටුවා ගත් අතර එහි මුල්ම කැඳවුම්කරු ලෙස පේරාදෙණිය සරසවියේ ශාන්ත බණ්ඩාර සහෝදරයා පත් විය.ඒ ඔස්සේ තීරණාත්මක අරගල ගණනාවක් සඳහා ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදිහත් වීමේ ආරම්භය සනිටුහන් විය. 1978දී හාල්පොත් කප්පාදුවට එරෙහි අරගලයත් සමග නිදහස් අධ්‍යාපනය දිනාගැනීමේ අරගලයට අමතරව පීඩිත ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදිහත් වීම ආරම්භ වූ අතර එතැන් සිට අද දක්වාම දශක හතළිහකට වැඩි අන්තරේ අරගලකාමී ඉතිහාසය තුළ සිදු වූ තීරණාත්මක අරගල රැසකි. ජයග්‍රහණයෙන් කෙළවර වූ මේ සියලු අරගල මගින් ලැබුණු ප්‍රතිඵල අද දක්වාම සමාජය භුක්ති විඳිමින් සිටී.

අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි අරගලය

1982 වසරේදී රජය මගින් ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් පාසල් සහ සරසවි තුළට දැවැන්ත කප්පාදුවක් ගෙන එන ලදී. පෞද්ගලීකරණ වැඩපිළිවෙළ මගින් අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම මෙහි අරමුණ වූ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙයට එරෙහිව අඛණ්ඩ අරගලයක් ආරම්භ කරන ලදී. ප්‍රසිද්ධ ජනතා රැලි, උද්ඝෝෂණ සහ පන්ති වර්ජන තුළින් ආරම්භ වූ අරගලය දිවයින පුරා ඇවිළී ගිය අතර කොළඹ නගරයේ අඛණ්ඩව දින තුනක් සරසවි සිසුන් දැවැන්ත පා ගමනක් සංවිධානය කරන ලදී. පෙබරවාරි 25 දින ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කරන ලදී. දිවයින පුරා පාසල් 1000කට අධික සංඛ්‍යාවක සිසුන් මෙම විරෝධතාවය සමග එක් විය. පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේදී දස දහස් ගණනින් සිසුන් සහ මහජනතාව පාර්ලිමේන්තුව වටලන ලදී. එහිදී පොලීසිය විසින් දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කළ නමුත් අවසානයේදී පාලකයන් විසින් අධ්‍යාපන ධවල පත්‍රිකාව හකුළා ගන්නා ලදී.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල සටන

සරසවි වෛද්‍ය උපාධිය මුදලට විකිණීම අරමුණු කරගනිමින් 1983 වසරේදී රජය මගින් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවන ලදී. පෞද්ගලික අධ්‍යාපනයේ නිරුවත ප්‍රදර්ශනය කළ මෙම ආයතනයට අයැදුම් පත් කැඳවන අවස්ථාවේදී එය සතුව තිබුණේ රජය මගින් ලබා දුන් ඉඩම පමණක් වන අතර ඒ වන විට එහි ගොඩනැගිලි ඉදිකිරීම පවා අවසන්ව තිබුණේ නැත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරනු යන සටන් පාඨය මූලික කරගනිමින් දැවැන්ත අරගලයක් ආරම්භ වූ අතර රාජ්‍ය මර්දනය මේ අවධියේදී දැඩිව ක්‍රියාත්මක විය. අරගලය සඳහා නායකත්වය දුන් ත්‍රිමා විතාන සහෝදරයා ඇතුළු ශිෂ්‍ය නායකයන් ගණනාවක් සාහසික ලෙස ඝාතනය කරන ලදී. එහෙත් අඛණ්ඩ අරගලය හමුවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමට පාලකයින්ට සිදු වූ අතර එය කැලණි සරසවියට අනුයුක්ත කරන ලදී.

සයිටම් විරෝධී අරගලය

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය ශිෂ්‍ය ව්‍යාපාරයේ තවත් දැවැන්ත අරගලවලින් එකකි. 2008 වසරේදී ආරම්භ කළ මෙම ආයතනයට එරෙහි අරගලය වඩාත් සංකීර්ණ අරගලයක් බවට පත් විය. මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු යන මැයෙන් මෙම අරගලය ක්‍රියාත්මක වූයේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය මානව අයිතියකි යන පදනම මත පිහිටමිනි. උද්ඝෝෂණ, සංකේත වැඩ වර්ජන, පන්ති වර්ජන, අඛණ්ඩ සත්‍යග්‍රහා, පාගමන්, මෙන්ම මාරාන්තික උපවාස දක්වා වසර ගණනාවක් මෙම අරගලය ඇදී ගිය අතර ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, සිරගත කිරීම්, පැහැරගැනීම් තුළින් දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක විය. මෙම අරගලය අතරතුර 2012 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ එවකට සභාපති ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සිසිත ප්‍රියංකර සහෝදරවරු ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී සැලසුම් කළ රිය අනතුරකින් ඝාතනය කරන ලදී. මෙම ඝාතනයට අණ දුන් මහා මොළකරුවා වන්නේ එවකට ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි. මර්දනය හමුවේ ශිෂ්‍ය ව්‍යාපාරය අඛණ්ඩව අරගල කළ අතර අවසානයේදී සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලදී.

කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත

මෙම පනත මුල්වරට ගෙන එන්නේ රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව මගිනි. අධ්‍යාපනය මිලිටරීකරණය කිරීම සහ මුදලට විකිණීම අරමුණු කරගනිමින් මෙම පනත ගෙන එන ලදී. කොතලාවල පනත අහෝසි කිරීමේ අරගලය ශිෂ්‍ය ව්‍යාපාරයේ තවත් වැදගත් සංධිස්ථානයකි. අරගලය හමුවේ මුල්වරට අකුළාගත් මෙම පනතම නැවතත් වටයකින් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කරළියට ගෙන ආ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සමග එක්ව පනතට එරෙහිව සියලු සටන් කරන බලවේග ඒකරාශී කරන ලදී. මෙහිදී අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිසුජන නායකයන් පස්දෙනෙක් මාස තුනකට වැඩි කාලයක් සිරගත කරන ලදී. තවත් ශිෂ්‍ය නායකයන් ගණනාවක් පසුපස මර්දනය ලුහුබඳිමින් පැමිණි අතර ඔවුන්ගේ ජීවිත පවා අවදානමට ලක් විය. අවසානයේ අරගලය හමුවේ පනත තාවකාලිකව අකුළා ගැනීමට ආණ්ඩුවට සිදුවිය.

මෙයට අමතරව 1987 කිංස්ලි සිල්වා වාර්තාව, 1991 දේශීය වෛද්‍ය අරගලය, 1983 ජයතිලක කමිටු වාර්තාව සහ යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලය දිනා ගැනීම, 1993 පාසල් සංවර්ධන මණ්ඩල පනත, 2001 ශ්‍රීනාත් ඩයස් කමිටු වාර්තාව, 2001 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ සටහන, 2001 පෞද්ගලික විශ්වවිද්‍යාල පනත, 2002 ප්‍රජා මණ්ඩල පනත, 2003 රුහුණ සරසවි කළමනාකරණ පීඨ අරගලය, 2005 තාරා හැරල්ඩ් වාර්තාව, 2005 මහපොළ ශිෂ්‍යාධාර අරගලය, 2012 පෞද්ගලික විශ්වවිද්‍යාල පනත, 2014 මහපොළ ශිෂ්‍යාධාර ආදිය මෙකී අරගලයේ තීරණාත්මක සන්ධිස්ථාන කිහිපයකි.

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය

විවිධ දේශපාලනික අරමුණුවලට විසිරී සිටි සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වඩාත් පුළුල් මෙන්ම සංවිධානාත්මක දේශපාලන අරගලයක් වටා ඒකරාශී කිරීම අරමුණු කරගනිමින් 1986 වසරේදී අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය පිහිටුවා ගන්නා ලදී. ශාස්ත්‍රීය විෂය කප්පාදුවට එරෙහිව අද දක්වාම අඛණ්ඩ අරගලයක නිරතවී සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය ශිෂ්‍ය ව්‍යාපාරයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. අධිරාජ්‍ය විරෝධී, නිර්ප්‍රභූ, ප්‍රගතිශීලී භික්ෂු ව්‍යාපාරයක් යන්න තේමා කරගනිමින් ක්‍රියාත්මකවන භික්ෂු අන්තරය වර්තමානය තුළ පවා ජාතිවාදයට සහ ආගම්වාදයට එරෙහිව යමින් ඇමෙරිකානු චීන ඉන්දියානු අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට එරෙහිවත් ජනතා දේපොළ විකිණීමට එරෙහිවත් අඛණ්ඩව අරගල කරමින් සිටී.

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමේ අරමුණින් දශක හතළිහක් තිස්සේ අඛණ්ඩව අරගල කරන ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය ඉදිරියට පැමිණියේ පැහැරගැනීම්, සිරගත කිරීම්, ඝාතන ආදී දැවැන්ත මර්දන මතිනි. මේ දක්වාම ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය තුළ සාහසික ලෙස මරා දැමුණු ශිෂ්‍ය නායකයින් ප්‍රමාණය 600කට අධිකය.

වර්තමානයේදී රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික සහ දේශපාලනික අර්බුදය හමුවේ අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ජනතාව සමග සිටගනිමින් අඛණ්ඩව අරගල කරමින් සිටී. ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු යන සටන් පාඨය ඔස්සේ අරගලයට අවතීර්ණව සිටින අන්තරේ අරමුණ තවත් ආණ්ඩුවක් ඇතිකිරීම වෙනුවට මහජනතාවට බලය ලැබෙන පුළුල් ක්‍රම වෙනසක් දක්වා අඛණ්ඩව අරගල කිරීමයි.

විශේෂ වාර්තාකරුවකු විසින්

SendShareShare
Previous Post

ජවිපෙ කොළඹ රැලියටත් ලොකු සෙනගක්! (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.